මේක කොහොමද ඕයි මට මිස් වුණේ????
මුතු විතරක් නෙවෙයි ඔය පැත්තේ ජයට ම හක් බෙල්ලන් එහෙමත් ගරලා තියනවා.
මුතු වලට අති ප්රසිද්ධ මන්නාරමේ අරිප්පුව. අරිප්පු කියන්නේ දෙමළෙන් හලනව කියන එක. 1700 ගනන් වල-මට දින වකවානු හරියට ම මතක නෑ- කොළරාව නිසා ඔය පැති පාලූ වෙලා ගිහින් තියනවා. පස්සේ මුතු කිමිදීම ආයෙත් පටන් ගන්න කලින් ඔය වෙරලේ වැල් පෙනේර වලින් හලලා තියනව අර කාලේ අතඇරල ගිය මුතු හොයන්න. ඒකයි ඔය පැත්තට අරිප්පු කියන්නේ.
ලෝකේ ප්රකට ම මුතු-රන් මුතු-ගෝල්ඩන් පර්ල්ස්- හම්බ වෙන්නේ මන්නාරම් බොක්ක අවටින්. අගල් කාලක විතර විෂ්කම්භයක් ඇති සුදු මුතු ඇටයක් කොහොමත් අවම ලෙස රුපියල් 4000ක් වගේ වෙනවා. ගෝල්ඩන් පර්ල්ස් අගල් කාලක එකක් නම් අඩුම තරමේ 30000ක් විතර. දැන් වගේ ඇක්වා-ලන්ග්ස් කිමිදුම් උපකරන නොතිබි යුගයක මුතු/හක් බෙල්ලන් කිමිදීම කියන්නේ මාරන්තික එකක්. විශේෂයෙන් ඔය පැත්තේ තිරුකයිලා-මඩුවන්- බහුලයි. මුතු බෙල්ලන් ඉන්නේ වැලි තියන හරියෙ නෙවෙයි මඩ තියන හරියේ. මඩුවොත් මුහුදු පතුලේ සැගවිලා ඉන්නේ මඩ තියන සාවියේ. 1997 අවසන් භාගයේ කොරල් සම්බන්ධ කිමිදීමක දී අපේ එකෙක්ට මුහුද යට දී තිරුකයි පාරක් කන්න වුනා. මඩු වලිග පාරට පොරගේ කලවය අගල්7ක් විතර දිගට සහ අගල් 3ක් විතර ගැඹුරට කැපිල තිබුණා. මැහුම් එකසිය තිස් ගානක් ගහන්න වුනා තුවාලෙට.
මුතු ගැන සාකඡ්චාව මෙතන කරමුද අසවල් ත්රෙඩ් එකේ කරමුද?
මන්නාරම මුතු හැදෙන්නේ නැත්තේ අපේ කාලකන්නි වේ#ගේ පුතාලාගේ වැඩ නිසයි..
තවම ඔය මුතු පරය තියෙනවා.. බැරිද කිමිදෙන්න සෙට් කරගන්න? අයියට පුළුවන් කියලා මම දනිමි...



