මුතූ...

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහා බාධක කොරල් පරයේ මියයාම ගැන පසුගිය දවස් ටිකේ බොහොම උණුසුමෙන් සාකච්ජා වෙමින් තිබුනා. ඕස්ට්‍රේලියාමු මහාද්වීපයේ ඊසාන දිශාවට අයත් මුහුදු කලාපයේ පිහිටා තිබුනු මහා භාධක කොරල්පරය සැතපුම් 1400ක් විශාලයි. මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලැබුවා. එවැනි අපුරූ වටිනා කොරල් පරයක් බොහෝ කාලයකට පෙර ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ කලාපයේ පිහිටා තිබුනා. ඒ සුප්‍රසිද්ධ මන්නාරම් මුතුපරයයයි.
    මන්නාරම කී සැනින් කුඩා කාලයේ අපගේ සිත් තුලට පැමිනෙන්නේ මුතු සහ කරවලයි. ඒ දෙවර්ගය කිසිම ගැලපීමකට නැති දේවල් දෙකක් වූවත් දෙවර්ගයටම ඇත්තේ බොහෝ ඉහල වෙලඳපොල වටිනාකමක්. රජ කාලයේ පමනක්ම නොවෙන් අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේදී පවා මන්නාරම් කොරල් පර ආශ්‍රිතව මුතු බෙල්ලන් කැඩීම බොහෝම ජයට සිදුකෙරෙනු ලැබුවා. ලංකාවේ මුතු වලට බොහෝම ඉහල ඉල්ලුමක් ඈත අතිතයේ පැවතුනා.
    තත්වය එසේ පැවතුනත් දැන් මුතු බෙල්ලන් මන්නාරමේ අතිශයින්ම දුර්ලභයි. නැත්තටම නැති තරම්. මන්නාරම් නොගැඹුරු මුහුදේ තවාන් කලා සේ පැවති මුතු පර වඳවී යෑමට හේතුව මිනිස් සත්වයාගේ දූශිත ක්‍රියාකාරකම්. අද වෙනකොට ගෝලීය උණුසුමත් සමඟ මුහුදු මට්ටම් බෝහෝ සේ ඉහල ගොස් තිබෙනවා. මුතු බෙල්ලන්ගේ වර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස පැවති මුතු පර ආශ්‍රිත නොගැඹුරු මුහුදේ ජල මට්ටම අද වෙනකොට නොසෑහෙන්න ඉහල ගොස් තිබෙනවා. ගෝලීය උණුසුම වැඩිවීමත් සමඟ සාගර උෂ්ණත්වය ඉහල යාම මේ බෙල්ලන් ව්‍යාප්තිය නැති වීයාමට තවත් හේතුවක්.
    ඒ වගේම ලංකාවේ දෙවනියට දිගම ගංගාව ලෙස සැලකෙන මල්වතු ඔය අතීතයේ ම හමුහුදට රැගෙන ආ සුපිරිසිදු ජල ප්‍රවාහය වෙනුවට අද වෙනකොට මුහුදට රැගෙන එන්නේ රජරට ගොවීන්ගේ පලිබෝධනාශක මිශ්‍ර වූ අපවිත්‍ර ජල
    කඳක්. කරදිය සහ මිරිදිය මුසු වූ ජල මූලාශ්‍රයක් පැවතීම බෙල්ලන්ගේ බොවීමට සහ වැඩීමට අවශ්‍ය වෙන තවත් සාධකයක්. අද වෙනකොට ඒ සාධකයත් නැතිවෙලා. සිලාවතුරෙයි, අරිප්පු, මරිච්චිකට්ටි ප්‍රදේශවල බොහෝම සරුවට වැඩී තිබුණු මුතු බිජු වලට ලොල් වූ මුතු වාඩි කරුවන් නොමේරූ මුතු පර පවා සුරා ගැනීම මුතු බෙල්ලන්ගේ බෝවීම විනාශවී යෑමට තවත් හේතුවක්.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    අවුලක් නැ අපිට නමෝ නාරයන හක්ගෙඩි මාස්ටර් ඉන්නවනේ