මුත‍්‍ර පරීක්‍ෂණයට දින 3 ක් එකතු කළ මුත‍්‍&#35

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මුත‍්‍ර පරීක්‍ෂණයට දින 3 ක් එකතු කළ මුත‍්‍&#35

වෛද්‍යවරයකු විසින් මුත‍්‍රා පරීක්ෂා කිරීම සඳහා දින තුනකින් පැමිණෙන ලෙසට දියවැඩියා රෝගියෙකු හට උපදෙස් දීමෙන් පසුව එම රෝගියා දින තුනක් තිස්සේ, මුත‍්‍රා බෝතලයකට එකතුකර වෛද්‍යවරයා හමුවට රැගෙන ඒමේ සිද්ධියක් උඩරට ප‍්‍රදේශයක පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙකි. පසුගිය දිනක ඔහු පදිංචි ස්ථානයකට ආසන්න වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන වෛද්‍යවරයකු මුණගැසීමට ගියේ එම රෝගයට ප‍්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් යුතුවය.
රෝගියා ඒ අවස්ථාවේදී පරීක්ෂා කළ වෛද්‍යවරයා එම අවස්ථාවට උචිත බෙහෙත් පෙති වර්ග කීපයක් රෝගියාට ලබාදීමෙන් පසුව කියා සිටියේ බෝතලයකට මුත‍්‍රා සාම්පලයක්ද රැගෙන, මුත‍්‍රා පරීක්ෂණයක් සිදුකිරීම සඳහා දින තුනකට පසුව පැමිණෙන ලෙසටය.
දින තුනක් ගතවිය. රෝගියා වෛද්‍යවරයාගේ උපදෙස් නිවැරැුදිව පිළිපැද, හරියටම දින තුනකින් වෛද්‍යවරයා හමුවීමට ගියේය. ඒ මුත‍්‍රා පරීක්ෂණයක් සිදු කිරීම සඳහාය. රෝගියා දුටුවිට වෛද්‍යවරයා ඒ අසල සිටි සාත්තු සේවිකාවට පවසා ඇත්තේ, රෝගියාගේ මුත‍්‍රා සාම්පලයක් ලබා ගැනීම සඳහා කුඩා කුප්පියක් ලබාදෙන ලෙසටය.
එම කුඩා කුප්පිය ලබාදෙනවාත් සමගම රෝගියා ”මම මුත‍්‍රා බෝතලයක් ගෙන ආවා” යැයි පවසා කළු පැහැති ටියුලිප් බෑගයකට අත දමා, එක්තරා බීම වර්ගයක් ඇසුරුම් කිරීමට ප‍්‍රයෝජනයට ගත් මෙගා ප්ලාස්ටික් බෝතලයක් එළියට ගත්තේය. එම මෙගා බෝතලයේ මුත‍්‍රා පිරී තිබිණි. එය දුටු වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි කාටත් සිනහ නොවී සිටීමට නොහැකි විය.
පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, වෛද්‍යවරයා විසින් දින තුනකට පසුව මුත‍්‍රා පරීක්ෂණයක් සිදුකිරීමට පැමිණෙන ලෙසට ලබා දුන් උපදේශය වැරැදි ආකාරයට අවබෝධ කරගෙන රෝගියා විසින් දින තුනක් තිස්සේ බෝතලයකට මුත‍්‍රා එකතු කර රැගෙන පැමිණ ඇති බව ය.

Source : http://www.lankadeepa.lk
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ හොඳයි.ලංකාවේ Jumbo Peanut Packets වලට හෙනම Demand එකක් තිබුණ කාලේ මොණරාගල පැත්තේ මනුස්සයෙක් ඔය ජාතියේ Packet එකක් අරන් ගෙදර ගිහින් පිඟානක එහෙම දාලා..බලනකොට ඇතුලේ තිබිලා තව පැකට්‍ටුවක් හම්බ වෙලා..(Silica Jell) මැන්ස් ඒකත් කඩලා Peanuts වලටම ඉහලා කන ජාතියක් කියලා හිතල ඒ විදියටම වැඩේ කොරලා.ඉස්පිරිතාලෙදි ඔය කතාව කියුවම කොහොමට තියෙන්න ඇද්ද.ඒ මනුස්සය මැරුනද නැද්ද නම් මතකයේ නැහැ..Do Not Eat කියලා ගහල තිබුනම ඒ මනුස්සයට ඒක තේරිලා නැහැ.Jumbo Peanut කන්න ඉංග්‍රීසිත් ඕන කියල දන්නවනම් ඒ මනුස්සයා කන එකකුත් නැහැ..:rolleyes::rolleyes::rolleyes: