මුදල් නෝට්ටු අච්චු ගැසීම හින්දා රුපියලේ වටිනාකම අඩුවෙන එක මට ප්‍රස්නයක් බන්ලා.
නිශ්චිත වටිනාකමකින් යුතු දෙයක්(විදෙස් සන්චිත) වෙනුවෙන් නෝට්ටු නිකුත් කරනවා කියලා හිතමු. උදා- 1000$ සන්චිත වෙනුවෙන් රු 1000 නෝට්ටු 10ක් ප්‍රින්ට් කරලා තියෙනවා(2022/01/01 වන විට). මේ සතියේ තව රු.1000 නෝට්ටු 10ක් ප්‍රින්ට් කරනවා. එතකොට 2022/01/01 තිබ්බ රුපියලේ සැබෑ අගයෙන් භාගයයිද දැන් රුපියලේ අගය?
අනිත් ප්‍රස්නේ ලෝකයේ විවිද මුදල් ඒකකවල වටිනාකම අවප්‍රමාන වීම් මනින්නේ ඇ. ඩොලරයට සාපේක්ශවද? එහෙනම් ඇ. ඩොලරයේ සැබෑ අගය හැමදාම නියතවද තියෙන්නේ?
මේක ටිකක් දිගට විස්තර කරන්න ඕන දෙයක් බං. හැබැයි කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. උඹෙ පළවෙනි ඡේදය සාමාන්‍යයෙන් හරි. රුපියල් නිකුත් කරන්නෙ විදෙස් සංචිත, රත්තරන් සහ මහ බැංකු බැඳුම්කර වගේ ස්ථාවර වටිනාකමක් තියෙන දේවල් යටතේ. ඒ සේරම $1000 නම් තියෙන රුපියල් ගාණ ඩබල් කරොත් වටිනාකම බාගයක් වෙනවා තමයි.
හැබැයි එකක් ඔය කියන බිලියන ගණන් අච්චු ගැහුවත් තියෙන ප්‍රමාණයෙන් 1/100 වත් එන් නැහැ. (නිකමට හිතහන් අද රටේ වැඩ කරන කාටත් 20,000 වත් පඩියක් එනවනෙ. ශ්‍රම බලකාය මිලියන 15 ක් විතර එකේ එතනම මාසෙට බිලියන 300 නෙ බං. ඇත්ත ගාණ ට්‍රිලියන ගාණක්. කවදාවත් රුපියල් මදි වෙලා තියෙනවාද?) අනික ඒ සල්ලි මිනිස්සු අතට ගිහින් පාවිච්චි වෙන්න යම් කාලයක් යනවා. ඉතින් අවප්‍රමාණය වෙන්නෙ රුපියල් කීපයකින් වගේ. ඒකත් peg වලින් එහෙම නවත්තලා දාන වෙලාවල් තියෙනවා. ඉතින් අච්චු ගැහුව පළියට එදාම අවප්‍රමාණය වෙන් නෑ. දීර්ඝකාලීනව මිනිස්සු ඔය සල්ලි පාවිච්චි කරලා භාණ්ඩ සේවා මිලට ගත්තාම තමයි *&@කිලම යන්නෙ ඉතින්.
ඩොලර්වල කතාව වෙනස්ම එකක්. 1971 වෙනකල් ඇමරිකාවට තියෙන රන් සංචිතවල වටිනාකමට සමානව තමයි ඩොලර් නිකුත් කළේ. හැබැයි නික්සන් යුද්ධ අවශ්‍යතා නිසා ඒක අයින් කළා. දැන් අවංකවම කියනවා නම් ඩොලර් අච්චු ගහන එක කරන්නෙ federal reserve එකට අවශ්‍ය විදිහට. අච්චු ගහන සල්ලි, federal ණය විදිහට ඇමරිකන් ආණ්ඩුවට විකුණලා තමයි නිකුත් වෙන්නෙ. අද වෙද්දි ඩොලර් කිසිම සැබෑ දේකින් back කරලා නැහැ. තනිකරම විශ්වාසය උඩ දුවන්නෙ. ඇත්තටම ඇමරිකාවට කැමති නම් තමන්ට ඕන තරම් සල්ලි අච්චු ගහලා තියෙන ණය සේරම ගෙවන්න පුළුවන්. වටිනාකම මවන්න පුළුවන්. එහෙම නොකරනවා කියන විශ්වාසය උඩ තාම reserve currency එක විදිහට ලෝකෙ පුරා පාවිච්චි වෙනවා.
ඔය කෙටියෙන් කිව්වෙ. මම බලන්නම් දිගට විස්තර කරලා වීඩියෝ එකක් දාන්න තව දවස් කීපයකින්.
