1. අච්චු නොගහා (වචනයේ හරි අර්ථයෙන් ඕකෙ තේරුම යම් backing එකක් නැතිව මුදල් සංසරණය වැඩි කරන එක) පඩි ගෙවන්න නම් කරන්න පුළුවන් එකම දේ එක්කො රජයෙ රුපියල් ආදායම වැඩි කරන එක (ඍජු සහ වක්‍ර බදු, දූෂණය අඩු කරල රාජ්‍ය සමාගම්වල නාස්තිය අඩු කිරීම, හොඳ කළමනාකරණයකින් ලාබ ලැබීම). එහෙමත් නැත්නම් මොළේ පුකේ නැතිව ඔලුවෙ තියෙන එකෙක් රට පාලනය කරන බව ලෝකයට පෙන්නලා ආර්ථික අනාගතය ගැන විශ්වාසයක් දිනා ගැනීම හරහා සංචිත වැඩි කර ගැනීම. ණය ගත්තත් කමක් නෑ පලක් ඇති ව්‍යාපෘතිවලට. එහෙම වැඩ කරන, ඉස්සරහට හරි තීන්දු ගන්න එකෙක් ආව ගමන් ratings, projections, prognostications වැඩි වෙන්නෙ ඒ නිසා. ගෝඨා ආපු ගමනුත් ඕක වුණා. වැඩේ කියන්නෙ ඌ පිස්සු නැටුවා සේරටම වඩා.
2. රනිල්ගෙ කාලෙ ආර්ථිකය හරි විදිහට ගියා. ඒක මිනිස්සුන්ට අවුල් වෙන්න ඇති. හැබැයි තේරුමක් නැති විදිහට රජයේ රස්සා දීලා මේක පිස්සු විකාරයක් වුණේ 2005 න් පස්සෙ. 2002-2004 මුදල් අච්චු ගැහුවෙ හරිම සීමිතව. නැත්තෙ නෑ. හැබැයි 50% වත් backing එකක් තිබුණා.
3. උඹ 1,2,3 දාලා තිබුණාට එකම වගේ ප්‍රශ්න අහලා නිසා එක වගේම උත්තර තමයි දෙන්නත් වෙන්නෙ. රජය කියන්නෙත් බුද්ධිමත්, සංවේදී මනුස්සයෙක් වගේ හැසිරෙන්න ඕන. තමන්ගෙ සල්ලි බුද්ධිමත්ව පාවිච්චි කරලා තියෙන සල්ලි ප්‍රමාණය වැඩි කිරීම, සංවේදී වෙලා සමහර තැන් වෙනුවෙන් ලාබයක් නැතත් වියදම් කිරීම කරන්න ඕන. හැබැයි මෝඩ එකෙක් සංවේදී වුණාම උට වෙන්නෙ හිඟා කන්ඩ. අන්න ඒකයි. පින්කම තියෙන්න ඕන පට්ටමේ හැටියට කියනවනෙ. අන්න ඒක ඔලුවට ගන්න ඕන. ඇත්තම කියනවා නම් තමන්ගෙ දේශපාලන background එක හදා ගන්න කෙළවරක් නැතිව රස්සා දීපු එකෙන් තමයි ආදායමෙන් 5/6 ම පඩි ගෙවන්න වෙලා තියෙන්නෙ අද.
4. අච්චු ගහන එක නොකරපු අවුරුද්දක් නැහැ. හැබැයි කරන ප්‍රමාණය ගැන ලොකු අවුලක් තියෙනවා. අර එකෙක් කිව්වා වගේ ඩොලර් 1000 ක් හොයා ගත්ත ගමන් තියාගෙන රුපියල් ලක්ෂ 2 ක් එළියට දාන එක කිසිම අවුලක් නෑ. ඕක ලක්ෂ 3 ක් වුණත් කමක් නෑ ලක්ෂ 2 ක backing එකක් තියෙන නිසා. හැබැයි ඩොලර් 1000 තියාගෙන කෝටි ගාණක් අච්චු ගහනවා කියන්නෙ ඉවරම තමයි.
5. දුන්න ගමන් නම් නැහැ. හැබැයි මූ ගිහින් මොකා ආවත් ස්ථාවර බවක් තියෙනවා නම් ඔය හැම දේකටම කෙටි කාලීනව ණය, ආධාර සේරම ගන්න ලේසි වෙනවා. වැඩකට ඇති ව්‍යාපෘති කරොත් කාලෙකට පස්සෙ අපිටම ගන්න ආදායම් හදා ගන්න පුළුවන් වෙනවා. ලංකාවෙ අනිවාර්යයෙන්ම තියෙන්නෙ පුද්ගල ප්‍රශ්නයක් තමයි. බයිදන් පොන්නයා ඇවිත් ඇමරිකාවට වෙලා තියෙන එකම තමයි වෙලා තියෙන්නෙ.