මම ගත්ත ඉඩම ඇත්තටම ඊට වඩා ගොඩක් වටිනවා. ඔප්පු ගාස්තු අඩු කරගන්න ඕන නිසා අඩුවට ලිව්වේ. ඒත් ලෝයර් කිව්වා ගොඩක් අඩුවෙන් දැම්මොත් අනිවාරෙන්ම ඔප්පුව Cancel වෙනවා. ඒ නිසා ටිකක් වැඩි ගානක් දාමු කිව්වා. අපි ලක්ෂ 20ක් දැම්මා.kohomada oyata ehema une?
අවුරුදු 7ක් විතර ගියාට පස්සේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලියුමක් එනවා...
ඒක් තියෙන්නේ ඔබගේ දේපල පිලිබඳව සාකච්ඡාවක් පැවිත්වීමට එන්න කියල.
මමත් ඔක්කොම ඔප්පු, වරිපනම් ගෙවපු රිසිට් ඔක්කොම අරගෙන ගියා.
ඹුන් ඔක්කොම බලල කියනවා, “මේ ඉඩම ලක්ශ 150ක් විතර වටිනවා, ඒකට හරියන්න මුද්දර+දඩ මුදල් ගෙවන්න වෙනවා“
මම ඇහුවා “එහෙම වෙන්නෙ කොහොමද? ඒ පැත්තේ ඉඩම් එච්චර මිළ නැහැනේ“
ඊට පස්සේ මුන් කියනවා... මේ ඉඩමෙන් විකුණපු ඉඩම් කොටස් කීපයක් පර්චස් 40 ට ලක්ෂ 20 ගානේ ණය අරන් තියෙනවා. ඒ වගේම මේ ඉඩම් කට්ටියෙන් ගත්ත ඉඩමක Guest House එකක් තියෙනවා. ඒ ඔක්කොම බැලුවම කෝටි 1.5 ත් වඩා වටිනව කිව්වා.
කතාවනම් ඇත්ත. මුන් ඔක්කොම හොයාගෙන කතා කරන්නෙ.
මම ඇහුව “හරි, දැන් ඔයාල මොකද්ද කරන්න කියන්නේ“
මුන් කියනවා, “මේකයි මහත්තයා, අපි දන්නවා ඔබතුමාට ලොකු මුදලක් ගෙවන්න බෑ කියල, අපි කොමසාරිස් තුමා එක්ක කතා කරල පුලුවන් තරම් අඩු කරගන්න බලමු. ඒකට කැමති නැත්නම් ඉඩම තක්සේරු කරන්න භාණ්ඩාගාරට භාර දෙමු“
“හැබැයි එතකොට මීට වඩා වැඩි උනොත් මිසක් අඩු වෙන්නෙ නම් නෑ“
මම ඉතින් කල්පනා කලා අතින් අරන් **** තියාගන්න ඕනෙ නැහැනේ. කොමසාරිස්ට කතා කරමු කිව්වා.
අන්තිමේදී පැය බාගයක් විතර කතා කලා, ස්ථිර රස්සාවක් නෑ, ඉඩම මැදින් ඇළක් ගිහිල්ල තියෙන්නේ, ඒ නිසා වටිනාකම අඩුයි, ඔය වගේ කතා ගොඩක් කියල ඉඩමේ වටිනාකම ලක්ෂ 36 ට තීරණය කලා.
ලක්ෂ 20 ට මුද්දර ගහල තිබුන නිසා ඉතිරි 16 ට මුද්දර ගාස්තු සහ දඩ මුදල් විදිහට රු. 89000 ක් ගෙව්වා. ඒකත් ගෙව්වේ වාරික 10 න්.
ගෙවල ඉවර උනාට පස්සේ ඔප්පුවට අමුණන්න ලියුමක් දුන්නා, ඒකේ තියෙන්නේ වැඩිපුර ගෙවු මුදළ සමගින් ඔප්පුවේ වටිනාකම ලක්ෂ 36 දක්වා වැඩි වෙනව කියල.
ඔන්න ඕකයි කතාව.