මම success ද බං? ඇත්ත කියපං අවුලක් නෑ :)

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,132
    743
    113
    මම ඒ තරම් මේකේ චරිතයක් නොවන නිසා උබලට නෝට් වෙන්නේ නැතුව ඇති. නමුත් මම මේකේ දැන් වැඩිය නෑ. ඒ මේක එපා වෙලා නෙමේ අම්බානක වැඩ නිසා. හැබැයි මහන්සියේ ප්‍රතිඵල තියෙනව.

    මම a/l ලිව්වේ එක පාරයි. ඒලෙවල් ලියල මට 20ක් ලබන්න මායක් විතර තියෙද්දි පොඩි ජොබ් එකකට ගියා. ඒකෙ පඩි මදිවෙලා මාසෙන් දමල ගහල ආව. තව ඔය වගේ එක එක ජොබ් 14ක් විතර කරල තියෙනව එකක් වත් මාස 6ක් වත් කරන්න බැරි උනා එක එක ප්‍රශ්ණ නිසා දමල ගහල ආව.

    මට අවුරුදු 26ක් වෙලත් හරිහමන් ඉංකම් එකක් තිබ්බෙ නෑ අතේතිබ්බේ රු ලක්ෂ 3ක් වගේ අර ජොබ් වලින් එකතු කරගත්ත සහ මාලයක් ගත්ත පවුම් එක හමාරක සහ බයික් එකක් තිබ්බ.

    පස්සේ මම පොඩි පොඩි ජොබ් කරන එක නැවත්තල අර ඉතිරි කරල තිබ්බ ලක්ෂ 3 වියදම් කර කර ගෙදර හිටිය හැබැයි නිකන් හිටියෙ නෑ මම පොඩි පොඩි සොෆ්ට් වෙයා පොජෙට් කලා ලෝකල් සහ පිටරට. මම කොහොමත් ඕව එක්ක ඔට්ටු උනේ O/l කාලෙ ඉඳන් ඒ නිසා දැනුම තිබ්බ. ඒකෙන් ලක්ෂ 27ක් විතර හොයාගන්න පුලුවන් උනා හැබැයි ඒ ගාන හොයන්න මට අවුරුදු 2ක් විතර ගියා. ඒකාලෙත් පට්ට ස්ට්‍රෙස්. හැම එකාම අහනව මොනවත් කරන්නැද්ද දැන් ජොබ් එකක් කරන්නද්ද බ්ලාහ් බ්ලාහ්. ඔක්කොටම වැඩිය ගෙදරින් මාර ප්‍රශ්න තිබ්බේ ගෙදරට වෙලා කොම්පියුටරයක් බදන් ඉන්නව කියල.

    පස්සෙ මම ගෙදරින් ආව ඇවිත් තැනක නැවතිලා ආයි පොඩි ජොබ් එකකට ගියා. ආවෙ නම් ගෙදරින් තිබ්බ ප්‍රෙෂර් එකට. ඒකත් මාස දෙකක් විතර කරද්දී එපා උනා මොකද කෑම හරි නෑ බෝඩිමට ගෙව්වම ඉතිරි වෙන ගාන ගැන කළ කිරින. හැබැයි ආයෙ ගෙදර යන්නත් බෑ.

    ඔහොම හිත හිත ඉදල තමයි ටිකක් දරුණු තීරණයක් ගත්තේ මම ලෝක අමාරුවෙන් ගෙදරටවත් නොකිය ඉතිරි කලර තිබ්බ ලක්ෂ 27න් ලක්ෂ 12ක් වගේ දාල ඉන්ටර්නෙට් එකෙන්ම සෙට් උන කොල්ලො 3න් දෙනෙක් එක්ක පොඩියට කම්පිනි එකක්පටන් ගත්ත. පටන් ගත්ත වගේ නෙමේ ඊට පස්සේ තමයි මම පිස්සෙක් උනේ මොකද අරුන්ට පඩි ගෙවන්න ඕන නිසා සල්ලි ටික ඉවර වෙන නිසා පිස්සුවෙන් වගේ හිටියේ. මම නොකා නොබී මම හිටියේ ඒ තරම් අර පරිස්සම් කරා. පස්සේ මම ජොබෙන් නතර වෙලා ෆුල්ටයිම් දවාලක් රැයක් නැතුව බැස්ස වැඩ කරන්න. ඒත් මට ප්‍රෝග්‍රස් එක මදි වගේ දැනුන. මම කරපු සොලුයුෂන්ස් 3නම මම ගෙදරදි ඩිවලොප් කරපුව මට පුලුවන් ඉක්මනට ඉවර කරගන්න තමයි කොල්ලො 3න් දෙනෙක්වත් සෙට් කරන් වැඩේට බැසේසේ කොහොම හරි මාසෙන් මාත් මහන්සිවෙලා වැඩේ ඉවර කරගත්ත. තව $3000ක විතර fb ads දාල මාකටින් කැම්පේන් එකක් කරා. සේල්ස් ටික ටික සෙට් උනා අද වෙද්දි 289ක් වෙලා තියෙනව.

    මට තව මාස 3කින් 29ක් වෙනව. මගේ ලඟ ඔක්කොම සල්ලි ලක්ෂ 157ක් තිබ්බ මේ මාසෙ 10 වෙනක් මම ඒකෙන් ලක්ෂ 35කට පොඩි ඉඩම් කෑල්ලක් ගත්ත යට තට්ටුව විතරක් හදාපු බිල්ඩිමක් එක්ක. ඒකෙ තමයි දැන් මම නැවතිලා ඉන්නෙත්. ඊට අමතරව මාලෙයි, බයික් දෙකකුයි. rtx 3070 card එකකුයි, rtx 3060 කාඩ් 3කුයි තියෙනව.

    තව මට විත්ඩ්‍රෝ කරන්න $2800ක් විතර තියෙනව. නය නෑ මුකුත්. ඒත් මට තාම වාහනයක්, හරිහමන් ගෙයක් නෑ.

    මේ වයසට උබල හිතනවද මම සක්සස් කියල? ඉඩමට ගිය ගාන අමතක කරල දැනට බෑන්ක් එකේ තියෙන ලක්ෂ 122යි හෙට අනිද්දත් ලක්ෂ 6ක් විතර සෙට් වෙයි. එතකොට ඕක්කොම ලක්ෂ 128ක් වගේ. දැන් මට වයස 29ක් ඕල්මෝස්ට් කියල ගත්තොත්. මේ වයසට මේ හොයපු ගාන ගැන සතුටු වෙන්න පුලුවන්ද?

    මම පොඩ්ඩක් කික් එකේ හිටියේ. ඒත් බන් සමහරවෙලාවට ඩිප්‍රස් වෙනව. ලක්ෂ 128ක් කියන්නේ අද ලොකුගානකුත් නෙමේ නේ. Ikman එකට ගිහින් වාහන බල බල හූල්ලනව. මට අද උනත් Premio එකක් ගෙන්න පුලුවන් එතකොට මගේ සබ්බ සකලමනාවම කාර් එකට ඉවරයි. ඩීසන්ට් ගෙයක් ගන්නත් බෑ මේ ගානට.

    උබලට හිතෙන්නේ මේ වයසට මේ හොයපු ගාන ඕකේද? මදිද? ඇත්තම කියපන් අවුලක් නෑ.

    Ps: මේ හොයපු හැම සතේම මම තනියම හොයපුව. කිසි එකෙක්ගෙන් කිසි සප් එකක් තිබ්බෙ නෑ.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,132
    743
    113
    Niwan dekapu nathi kawruwath success ne bn.It's all a cycle
    ෆයිනෑෂල් පැත්තෙන් බන්. වදින්නම් මගුලෙ ආගම්නම් ඇදල ගන්න එපා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    6,587
    2,973
    113
    hodaiyi bung. loku loku targets passe yanna epaa. ewa karaganna bari unama depress wenne oya.

    puluwan uparimaya karanna ethakota ubata ona deya ewii

    nathnama kawadawath kisima satisfaction ekak na kochara salli awath
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    420
    747
    93
    මචන්, මෙහෙමයි. එක එකාගෙන් "මම success ද?" කියල අහන්න ඕනේ නම්, උඹේ තරමට, උඹට අවශ්‍ය විදිහට උඹ success මදි.
    උඹට තව ගොඩක් දියුණු විය හැක.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,132
    743
    113
    oya wayasatas laksha 129k supiri gemak gahala tyanne.
    ඒත් බං වෙලාවකට අවුල් කියලත් හිතෙනව. මොකද අවුරුදු බර ගානක් ජීවිතෙත් එක්ක හූදු කෙලපු එකෙක්. එක එක මගුල් ගොඩාක් කරා. මේක හරියට අවුරුදු ගානක් ජොබ් එකක් කරල මාසෙ ගානේ පඩි නොගෙන එක සැරේ පඩිය ගත්ත වගේ.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,132
    743
    113
    මචන්, මෙහෙමයි. එක එකාගෙන් "මම success ද?" කියල අහන්න ඕනේ නම්, උඹේ තරමට, උඹට අවශ්‍ය විදිහට උඹ success මදි.
    මට සැටිස් නෑ බං. තාමත් හොද ඩීසන්ට් කාර් එකක් ගන්න බෑනේ. ගත්තොත් කුට්ටිය ඉවරයි, ඒක මේන්ටේන් කරන්න අමාරු වෙනව. හොද ගෙයක් ගන්නත් බෑ.

    මගේ කරුමෙට වාහනත් නැග්ගනේ බං නහුතෙට මේ ගනන් දීල ගන්න ලොවෙත් හිත දෙන්නෑ. මොකද මේ කුට්ටිය විතරයි සනතකේටම තියෙන්නේ. ඒත් වාහනේකට පට්ට ආසයි.

    Laksa 129 kuth tiyagena depress nan itin.dan ubata one kawuruhari uba sucess kiyala kiyawagena satis wenna neda?oka illusion ekak
    ඩිප්ප්‍රෙස් වෙන්නැද්ද බං. බලපන් Premio එකක ගනන්. පට්ට බේසික් වාහනයක් වෙලත්, ඩීසන්ට් 7-10 පර්චස් urban හොද ඒරියා එකක තියෙන ගෙයක් Over 20m වෙනව. ඉතින් හිතපන්කො. මට ලොකු ගානක් වගේ දැනුනනට මේ ගානට ඇත්තටම දෙයක් කරගන්න බෑ.
    ------ Post added on Mar 27, 2021 at 10:03 PM
     
    • Wow
    Reactions: errors

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    308
    673
    93
    kochchara goda gahan hitiyath api nohithana widiyata heta wunath wahanekata yata wela marenna, nohithapu ledak hadenna puluwan, eka nisa okkoma thawakalikai kiyala hithan jiwath weyan, athal eke idapan
     
    • Like
    Reactions: krizta and c gate

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,132
    743
    113
    api jeewita kalema hoyana salli uba hoyala tiyenne awrudu 19 di
    19දි මට තිබ්බ මගුලක් නෑ බං. ෆුල් අනාත වෙලා හිටියේ. මගේ යූසර්නේම් එක බලපන්. මට මාවම එපා වෙලා හිටියේ.