මුද්දර

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මුද්දර

    old-stamps-penny-black.jpg

    ලෝකයේ ප්‍රථමයෙනම නිකුත් කල මුද්දරය


    1840 මැයි මස හයවන දා ලොව පළමු මුද්දරය බිහිවිය. එහි නිර්මාතෘ වන්නේ රෝලන්ඩ් හීල් මහතාය. බි‍්‍රතාන්‍යයේ වෝස්ටෙෂර් ප‍්‍රාන්තයේ 1795 දෙසැම්බර් 05 වනදා උපත ලැබූ ඔහුගේ රැකියාව වූයේ අයබදු එකතු කිරීමයි. පැන්සයක වටිනාකමකින් යුත් මැලියම් සහිත ඇලවුම් මුද්දරයක් එංගලන්තය තුළ ඕනෑම තැනකට ලිපියක් යැවීමට භාවිතා කළ යුතු යැයි ඔහු යෝජනා කළේය. එසේම එම ලිපියේ අන්තර්ගත ද්‍රව්‍යයන්ගේ බර අවුන්ස බාගයකට නොවැඩි විය යුතු බවද ඔහු කියා සිටියේය. හිල්ගේ මෙම සැළැසුමට බි‍්‍රතාන්‍යයේ මහරැජින වූ වික්ටෝරියා රැජිනගේද අනුමැතිය ලැබුණි.ඒ අනුව පළමු මුද්දරය නිර්මාණය වූ අතර එයට බි‍්‍රතාන්‍ය මහරැජිනගේ හිසේ රුව ඇතුළත් කරන ලදී.

    එකල මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද සමාගමක් වූ පර්කින්ස් බේකන් සමාගම විසින් මෙම මුද්දරය මුද්‍රණය කරන ලද අතර රෝලන්ඩ් හීල් එම මුද්දරයේ දළ සටහන අඳින ලදී. එහි මුද්‍රණ තහඩු නිම කළේ චාල්ස් හීත් හා පෙඩ්රික් හීත් යන පුතුන් දෙදෙනා විසිනි.මේ අනුව “පෙනිබ්ලැක්” යනුවෙන් හඳුන්වන ලැබූ ලොව පළමු මුද්දර 1840 මැයි 06 වනදා නිකුත් විය. මෙය කළු පැහැති මුද්දරයක් විය. මීට අමතරව නිල් පැහැති පැන්ස එකක වටිනාකමකින් යුතු රැජිනගේ හිසේ රුව ඇතුළත් මුද්දරයක් නිකුත්වූ අතර එය “ටූපෙනි බ්ලූ “ ලෙස නම් කෙරිනි.

    මෙම මුද්දරවල ඉහළ කෙළවරේ එංගලන්ත ජාතික කොඩියේ සළකුණු දැක්විය.මෙම මුද්දර 72, 000,000 ක් පමණ එදා නිකුත් කර ඇති අතර අද වන විට එම පැන්ස 01 මුද්දරයේ වටිනාකම පවුම් 2600 පමණ වේ.මුද්දරය නිර්මාණය කිරීම නිසා තැපැල් සේවයේ උන්නතියට සිදු වූ සේවාව නිසා 1860 දී රෝලන්ඩ් හීල් මහතාට නයිට් නාමයක් ද ප‍්‍රදානය කරන ලදී. ඔහු 1879 අගෝස්තු 27 වන දා මිය ගියේය.