මුන්ට තාම නැව ගිලුනත් බෑන් චුන්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    ‘වාහන තියෙද්දි බස් ගෙනැවිත් ලොකු නාස්තියක්‘​







    (සුජිත් හේවාජුලිගේ )

    පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා වෙන්වුණු බස්රථ 12ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ නවයක් එහි ප්‍රවාහන කටයුතු සඳහා කුලියට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව වාර්තා වේ.

    පාර්ලිමේන්තුවේ බස්රථ එහි වෙනම ස්ථානයක කාලයක් තිස්සේ ගාල් කර තිබියදී එම බස් රථවල රියදුරන් සහ සහායකයන් කිසිදු වැඩ කටයුත්තක නොයෙදී වැටුප් ලබන බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

    ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගෙන මෙසේ ගාල් කර ඇති බස්රථ අතර වායුසමීකරණය කරන ලද ඒවා කිහිපයක්ද වේ.

    ධාවනය කළ හැකි හොඳ මට්ටමේ බස්රථ මෙපමණ සංඛ්‍යාවක් තිබියදී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ මෙලෙස කුලියට ගැනීම අනවශ්‍ය මුදල් නාස්තියක් බවද එම සේවකයෝ පෙන්වා දෙති.

    මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ(ප්‍රවාහන) සේනක කුලුගම්මන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ ගැන තමාට මේ අවස්ථාවේදී යමක් පැවසිය නොහැකි බවයි.

    මේ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු පිළිබඳව අවධානය යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    monada parliment awashyatha, v8 walata parts , vegitables aran yana eka da? nattan manthilage staff service eka da?