බ්රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති
October 9, 2020 at 10:40 am | lanka C news
හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.
බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ..- PHI සංගමය කියයි..
October 10, 2020 at 9:20 am | lanka C news
https://lankacnews.com/බ‍්‍රැන්ඩික්ස්-ඉන්දියා-2/
මේවා ගේ හේතු තව තියනව නම් කියාගෙන යන්න
සමහර විට ජෙප්පෝ වැඩේ බාර අරගෙන ස' ව අමාරුවේ දාන්න හිතාගෙන වැඩේ අල කාලාද දන්නෙත් නෑ
නැත්තම් phi එකේ ලොක්ක ජෙප්පෙක් වෙන්න ඇති.
October 9, 2020 at 10:40 am | lanka C news
![]()
බ්රැන්ඩික්ස් ආයතනයෙන් සැප්තැම්බර් 22 ගුවන් යානයට පෙර තවත් ගුවන් යාන දෙකකින් ඔවුන්ගේ සේවකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ජුනි මස 25 වනදා 190 දෙනෙකුත් අගෝස්තු මස 08 වැනිදා තවත් එක 125 දෙනෙකුත් මෙසේ ගෙන්වූ බවත් ඒ මහතා පැවසීය.
ජූනි 25 පැමිණි ගුවන් යානයේ කොරෝනා පරීක්ෂණ සිදු කරද්දී 09 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වූ බවත් අගෝස්තු 08 පැමිණි ගුවන් යානයේ පැමිණි අය නිරෝධායනය අතරතුරදී පරීක්‍ෂා කරද්දී කොරෝනා ආසාදිතයෙක් තහවුරු වූ බව ද ඔහු සඳහන් කළේ ය.
එම ගුවන් යානා දෙකේම සියලු පුද්ගලයන් නිරෝධායනයන සම්පූර්ණ කරන ලද බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම සැප්තැම්බර් මස 22 වන දින පැමිණ ගුවන් යානයේ පැමිණි 48 දෙනාගෙන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොතිබුනු බවත් ඔවුන් නිසි පරිදි දින 14ක නිරෝධායන කටයුතු අවසන් කරන ලද බවත් ඔහු තව දුරටත් පැවසීය.
හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.
බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ..- PHI සංගමය කියයි..
October 10, 2020 at 9:20 am | lanka C news
https://lankacnews.com/බ‍්‍රැන්ඩික්ස්-ඉන්දියා-2/
ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ගෙන්වන ලද ඔවුන්ගේ සේවකයන්ගෙන් කිසිවෙකු තමන් යටතේ නිරෝධායන වී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සඳහන් කරති.
ඩේලි මිරර් පුවත්පත වෙත මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් මුල් දින 14 හෝටලයක නිරෝධායන වූ බව පැවසුවද ඊළග දින 14 ක කාලය ස්වයං නිරොදායනය විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බවයි.
නමුත් එම කිසිවෙකු දෙවන දින 14ක කාලය ස්වයං නිරෝධායනය තම සංගමය යටතේ සිදු වී නැති බවද සංගමය අවධාරණය කර ඇත.
එමෙන්ම ඩේලිමිරර් පුවත්පත එසේ පැමිණි සේවකයන් ගැන තොරතුරු මත්තල ගුවන්තොටුපල හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉල්ලා සිටියද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල බවද වාර්තා කර තිබේ.
මේවා ගේ හේතු තව තියනව නම් කියාගෙන යන්න
සමහර විට ජෙප්පෝ වැඩේ බාර අරගෙන ස' ව අමාරුවේ දාන්න හිතාගෙන වැඩේ අල කාලාද දන්නෙත් නෑ
නැත්තම් phi එකේ ලොක්ක ජෙප්පෙක් වෙන්න ඇති.