මුරලි , තිලාන් හා පස්ස ගිනි ගැනීම !!

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මුරලි , තිලාන් හා පස්ස ගිනි ගැනීම !!

    ලක් මෑණියන් ලොවට දායාද කල ලොව එදාමෙදාතුර බිහිවූ අති විශිෂ්ඨතම දග පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ය.. ඔහු අප වෙනුවෙන් කල සේවය නැවතත් අමුතුවෙන් කියන්නට අවශ්‍යම නැත.. හේතුව ඔහු අප දිනු තරගවල ප්‍රධාන සම්පත් දායකයෙක් බැවින්ය.. අනෙක් පුද්ගලයා තිලාන් සමරවීරය.. ලක් මෑණියන්ගේ ටෙස්ට් වංශකතාවේ මැදපෙල ශක්තිමත් කල අදටත් ආදේශකයක් සොයාගැනීමට නොහැකි තරම් තාක්ෂණික පිතිකරුවෙකි.. තිලාන්ලා ලෑල්ල දාලා බේරු හා ජයග්‍රහණය කරා ගෙන ගිය ඉනිම් බොහෝය.. උඩින් පල්ලෙන් නොව තේරුම් අරන් ක්‍රිකට් බැලු අයට ඒවා සඵත කරන්නට දෙයක් නැති තරම්ය.. තිලාන් හා මුරලි අපේ ක්‍රිකට් වලින් සමුගෙන බොහෝ කල්ය.. මා මේ කියන්නට යන්නේ හිත් රිදෙන දුක්බර කතාවකි.. ඔවුන් සමුගත් දා පටන් ඔවුන් උන්නද මලාද නොබැලු අපේ පාලකයන් මෙන්ම අපේ මන්ද මානසික ක්‍රීඩාලෝලින්ට ඔවුන් මතක් වෙන්නේ මෙවර පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් සමගය.. ඔස්ට්‍රේලියානුවන් මුරලිව පන්දු යවන උපදේශක තනතුරටත් තිලාන් සමරවීර නැමුති දග පන්දුවට හිස නොනැමු තාක්ෂණික පිතිකරු ඔවුන්ගේ පිතිකරණ උපදේශක ලෙස පත් කරන විට අපේ පස්ස රත්විය..

    " අයියෝ මුරලිලා මහ ජරා මිනිස්සු.. අපේ අයව දාලා අන්න ඔස්ට්‍රේලියාවට ගියා.. අපි මෙච්චර වැටිලා ඉන්නවා.. තිලාන්ට තිබ්බා ටිකක් හිතන්න තව.. මුන් මහ පුදුම උන්.. රට පාවලා දුන්නා.. "

    ඇහුනේ ඔහොම කතාය.. හිනා වෙන්නේ කොහෙන්ද කියා මා දන්නේ නැත.. හිතවත් ක්‍රීඩාලෝලිනි මුරලි හෝ තිලාන් මැරෙන තුරු ලංකාවටම කබුරන්නට ඕනේ යැයි කියා ගිවිසුම් ගසා නොමැත.. ඔවුන් රට වෙනුවෙන් තම උපරිමය කල මහත්වරු මෙන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් මේ තොරාගෙන ඇත්තේ ඔවුන් ආස කල තවත් රැකියාවකි.. එයට එපා කියන්නට ඔබට මට කිසිම අයිතියක් නැත.. අනෙක් කරුණනම් තිලාන් ඔස්ට්‍රේලියානුවන් ගන්නා තුරුම අපට නිකමටවත් මතක් වූයේ නැත.. අපේ පාලකයන් ඔවුන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත් හැර දමා ඇතිවිට ඔවුන්ගේ වටිනාකම දන්නා ඈයෝ ඔහුව බා ගැනීම අපේ පස්ස රත්වීමට නොව අප ලැජ්ජා වීමට තරම් හේතුවක් විය යුතුය.. හේතුව වන්නේ ඔවුන් වෙන තැනකින් බිලි බා ගත් විට කියන විහිලු කතා නිසාමය.. ලංකාවේ ක්‍රිකට් පාලනය එදා මෙදාතුර කලේ එකම දෙයකි.. එනම් අශ්වයා පැනගිය පසු ස්ථාලයේ දොර වසා හීල්ලිමය.. අපට නැති වන්නේ ලෝකයක් වටිනාකම දන්නා අපේම සම්පත්ය.. හතුරුසිංහලා කල්පගේලා වාස්ලා මහේලලාගේ ගොන්නට මුරලිලා තිලාන්ලාද එකතු වෙන තෙක් බලා සිටියේ අපමය.. හෙට සංගා , ඩිල්ශාන් , මාලිංගද එලෙසම නැති වෙනතෙක් බලා සිටින්නට අපට සිදු වෙනු ඇත.. ඉන්පසු හූල්ලනු ඇත.. ඉන් පසු ඔවුන් රට පාවා දුන්නායැයි දෙස් දෙවොල් තබනු ඇත..

    ඔවුන් කරන්නේ ඔවුන්ගේ රැකියාවය.. එහි සේවය අපට ලබා ගැනීමට පාලකයන් මැලි වන්නේ නම් එයට කරන්න දෙයක් නැත.. අවසන් වශයෙන් කියන්නට ඇත්තේ ඔබ මොවුන්ට දේශද්‍රෝහි ලේබලය අලවන්නේ නම් ඔබ ගැන අනුකම්පා කරනු විනා වෙනත් යමක් කියන්නට නැතිය.. ඔබ මෙවැනි ගෝත්‍රික මානසිකත්වයෙන් මිදිය යුතුය.. වෝන් මුරලි කුසලානයේ මුරලිත් ඒ පැත්තේ කියා පලක් නැත.. ඔහුව අපේ පැත්තට ගත්තේ නැත්තේ අපිමය.. බන්දේසියක තබා ඔවුන්ව පූජා කලේ අපිමය.. දැන් ඉතින් පස්ස රත් වූවාට හඩා පලක් නැත.. !!

    #මෙසි


    බුකියෙනි....