මුරුංඟා කැප්සියුල්ස් බිස්නස් එකක්?

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මුරුංඟා කැප්සියුල්ස් බිස්නස් එකක්?

    මුරුංඟා කැප්සියුල්ස් බිස්නස් එකක්? මචන් පොඩි බිස්නස් එකක් කරන්න හදන්නේ. පලතුරු පලා කොල කොස් වේලපුවට මුරුංගා පව්ඩර් කැප්සියුල්ස් වලට පිටරට හෙන ඉල්ලුමක් තියෙනවානේ. ඒවා හදන්න මෙන්න මේ food dryer machine එක සෙට් වේවිද? මේවා පිට රට යවන්නේ කොහොමද? දන්න යාලුවෝ කියන්නකො පොඩ්ඩක්..:yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මැශින් එක සර්ටිෆිකට් තිබුනට වැඩක් නැහැ උඹගෙ ඕව හදන තැන ෆැක්ටරිය සේරම සර්ටිෆයි වෙන්න ඕන
    වතුර පවා ලැබ් ටෙස්ට් කරන්න ඕන
    මගේ යාලුවෙක්ගෙ බිස්නස් එකක් තියනවා, උන් පට්ට වියදමක් කරනවා සර්ටිෆිකට් එක තියාගන්න, සමහර කෑම වර්ග ලංකාවෙන්ම EU යවන්න පුලුවන් උන්ට විතරද කොහෙද, පට්ට විදියට ලැබ් ටෙස්ට් එහෙම කරනවා.

    හැබැයි ඒ වගේ තියන තැනකින් පැකේජින්(ටින් කරනවා හරි වැකුම් පැක් කරොත්) කරොත් උන්ගෙ සර්ටිෆිකේශන් එකෙන් යවන්න පුලුවන්ද කොහෙද, හැබැයි බිස්නස් එකක් විදියට එහෙම කරන්න පුලුවන් වෙයිද මන්දා