මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු
“මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු… භික්ෂූන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වනු“ – විග්නේෂ්වරන්ගෙන් වන්නි පොලිස්පතිට නියෝග
මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි මුහුදුබඩ පත්තුව සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින සම්බෝධි විහාරයේ කටයුතු නවතා දමා එහි විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් වන්නි දිස්ත්‍රික් පොලිස්පති වරයාට දන්වා තිබෙනවා.
උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් වන්නි දිස්ත්‍රික් පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපිය උපුටා දක්වමින් දමිළ මාධ්‍ය වෙබ් අඩවි මේ බව වාර්තා කර ඇත.
“දෙමළ ජනතාවට අයත් ඉඩම් හා ප්‍රදේශ සියල්ල ආක්‍රමණය කර ඇති අවස්ථාවකදී, කෝකිලායි ප්‍රදේශයේ තිරුඥානසම්බන්ධන් මනිවන්නන් යන පුද්ගලයාට අයත් ඉඩම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් විහාරස්ථානයක් ඉදිකිරීමට නීති විරෝධී ලෙස ආක්‍රමණය කර ඇත. එම ඉඩම වෙනුවට අදාල පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දීමට සහකාර ප්‍රදේශීය ලේකම්වරයා විසින් උත්සහා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පල කරන අතර අදාල ඉඩම් හිමියාට සාධාරණයක් ඉටුකර දෙන අන්දමින්, එම ඉඩම නැවත ඔහුට රැගෙන දීම සඳහා මෙම කරුණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීති විරෝධීව කටයුතු කර ඇති බෞද්ධ භික්ෂූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටිමි” යනුවෙන් එම ලිපියේ සදහන් කර ඇත.