මුල්වරට මෙරට කොරෝනා ආසාදිතයෙකු ICU ඇඳක් නැතිවීමෙන් මරුට….

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරකු කොවිඩ් ආසාදිතව සිටියදී දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මියයාමේ පුවතක් මාවනැල්ල මූලික රෝහලෙන් ඊයේ 26 වැනිදා අනාවරණය වෙයි.

    මාවනැල්ල මූලික රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයාගේ සොහොයුරාට 24 දා ඇති වුණ කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත ගිය මොහොතේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි සැක කළ වෛද්‍යවරුන් ඔහුව පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.

    පෙරේදා 25 මෙම රෝගියාට ස්වසන අපහසුතා සමග තවත් සාංකූලතා ඇති වූ හෙයින් වහාම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩල එක්ව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කෙරෙන දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට උත්සාහ දැරූවත් එය අසාර්ථක වී ඇත.

    රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වී හෘදයාබාධ තත්ත්වයක් ඇතිව මියගොස් ඇත. පසුව කළ එක්ස්රේ පරීක්ෂණය මගින් ඔහුට නිව්මෝනියා තත්ත්වය ඇති වී තිබෙන බවට තහවුරු වී තිබේ.

    කෑගල්ල මහ රෝහලේ කොවිඩ් ආසාදිත සංකූලතා ඇති දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් තිදෙනකුට අවශ්‍ය ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඒකකයක් පැවතියත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් නිසා ක්‍රියාත්මක නොවෙයි. එම ඒකකයේ පවතින ඇඳන් තුන සඳහා අවශ්‍ය සියලු උපකරණ තිබියදීත් කාර්ය මණ්ඩල අඩුවක් නිසා එය වසා දමා තිබීම කොවිඩ් 19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතවලට අවදානමක් බව සේවකයෝ පෙන්වා දෙති.

    https://lankacnews.com/වෛද්‍යවරයකුගේ-කොරෝනා-ආසා/
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    වැඩේ කියන්නේ ඒක දාලා තියෙන්නේ අයි සී යූ ඇදවල් ලංකාවෙම හදනවා කියලා හෙන පානිය දාපු විමලෙගෙ වෙබ් සයිට් එකේමයි
    උන්ට ඇඳන් , oxygen තියෙනවා ඒවත් අපෙ සල්ලිවලින් තමයි
    අපිට තමයි ඇඳන් , oxygen නැතිව යන්නෙ

    කොතලවල hospital එකේ වාටුවක් හැදුවනි ඒ කාලෙම VVIP ලට
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    වැඩේ කියන්නේ ඒක දාලා තියෙන්නේ අයි සී යූ ඇදවල් ලංකාවෙම හදනවා කියලා හෙන පානිය දාපු විමලෙගෙ වෙබ් සයිට් එකේමයි
    anthima tika kiyopan...blame eke kaateda daala tiyenne kiyela.
     

    Similar threads