ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අපහස කරන ලිපියක් සකසා එය ලංකාවේ විහාර්ස්ථාන වෙත බෙදා හැරීම පිළිබඳව චෝදනා කරමින් මාධ්‍ය හැදුනුම් පත් සහිත මාධ්‍යවේදීන් තිදෙනෙකු ඊයේ (02) මධ්‍යම තැපැල් හුවමාරුවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගනු ලැබූවා.
එසේ අත්තඩංගුවට ගත් මාධ්‍යවේදීන් තිදෙනා අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගේ මාධ්‍ය ඒකකයේ සේවය කරන බවටද ප්‍රචාරය වුවා.
ජනාධිපතිවරයාට අපහාස කිරීම ලංකාවේ නිතිය අනුව අපරාධ වරදක් නොවන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥවරුන් සඳහන් කළේ.
මෙවන් පසුබිමක් තුළ මේ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් අද (03) අමාත්‍ය ලක්ෂමණ් කිරිඇල්ල විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබූවා. එමගින් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා අපහස කළ බවට චෝදනා එල්ල වන එම ලිපිය මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසයි.