මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඉහත ලිපිය කිසිදු ආගමකට පහර ගැසීම පිණිස යෙදුවක් නොවන බව කරුණාවෙන් සලකන්න... මෙය ඇතැම් පඬියන්ගේ අවදානය පිණිස පමණි.. :)
 
Last edited:

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඉහත ලිපිය කිසිදු ආගමකට පහර ගැසීම පිණිස යෙදුවක් නොවන බව කරුණාවෙන් සලකන්න... මෙය ඇතැම් පඬියන්ගේ අවදානය පිණිස පමණි.. :)
    විද්‍යාව යනු නියත වශයෙන්ම “අසම්පූර්ණ (Work In Progress)” දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි.

    BAD LUCK FOR SOME FEW PEOPEL WHO STILL REFUSE TO UNDERSTAND THIS GOLDEN TRUTH. :(:(:(:(
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    mama kiynne kawda?
    minisage upatha kohamada sidu une?
    me lokaya kohamada hadune?
    jiwithaya kiyanne duka nam minissu ai jiwath wenne? ai ipadune?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකටද අපි කරන්න යන්නේ?

    හෙළයෙක්;16687316 said:
    විද්‍යාව යනු නියත වශයෙන්ම “අසම්පූර්ණ (Work In Progress)” දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි.

    BAD LUCK FOR SOME FEW PEOPEL WHO STILL REFUSE TO UNDERSTAND THIS GOLDEN TRUTH. :(:(:(:(

    නිහතමානී කම බුද්ධිමත් බවේ ලක්ෂණයක් නේ බං. යමෙක් යමක් කිවුවම, තමන් හිතාගෙන ඉන්න විදිහට වඩා එක වෙනස් නම්, කෑ ගගහ නටන්නේ නෑ බුද්ධිමත් මිනිස්සු. හොයලා බලලා කල්පනා කරලා විශ්ලේෂණයෙන් පිළිතුරක් දෙන්නේ. ආවට ගියාට ක ගහන්නේ නෑ නේ. :D

    බලපන්.. මේ කතාව කියලා තියෙන්නේ විද්වතෙක්. මේකේ සමහර අය ඊටත් වඩා දන්නවනේ! එතකන් තව A/L වත් හරියට නැද්ද මන්දා! :lol:. මමත් A/L maths කලේ. එත් මට ඔය ප්‍රශ්න කවදාවත් තිබ්බේ නෑ. හේතුව පැහැදිලි. තිසරණය නෑ නේ. ඒක බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැති අයගෙන් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ නේ. එක කමක් නෑ කියමු. මොළෙත් නෑ නේ! ඉතින් කොහොමද කරන්නේ?

    මේ thread එකෙන් බං "අවංකවම දෙයක් දැන ගන්න ඕන" අයට ඒ දේ කියල දෙන එක තමා කරන්න තියෙන්නේ. නැතුව බුද්ධ ධර්මය ඇත්ත බව ඔප්පු කරන එක මේ thread එකේ අරමුණ නෙවේ. නිකන් දෙයක් දැන ගන්න ඉන්න මිනිස්සුන්ටත් පාර වැහෙනවා එකෙන්. දැන් වෙලා තියෙන්නේ එක. කැමතිනම් පිලි ගන්න කියපන් බං. නැත්තම් නිකා ඉන්න කියපන්. එකෙක් දෙන්නෙක් අඩු උනා කියලා බුදු දහම ලෝකෙන් තුරන් වෙන්නේ නෑ නේ දැන්ම. හැබැයි කිසි කෙනෙකුට බුදු දහම බොරු කියලා ඔප්පු කරන්නත් බෑ.

    සමහරු අර කියන්නාක් වගේ. වඳුරෝම තමයි. කොච්චර ලස්සනට සරසපු, කොච්චර වටිනා අභරණ වලින් සරසපු ඔලුවක් අතගාන්න වඳුරෙකුට අහුවුනොත් ඌ කරන්නේ උකුණෝ හොයන එක. අර වටිනා අභරණ, අලංකාර සැරසිලි අතරේ ඌ දකින්නේ උකුණා විතරයි. මොකද ඌ වඳුරා!

    සාක්ෂි උවමනා මිනිස්සු කිසි දවසක නිර්වාණය සාක්ෂාත් කරන්නේ නෑ. ප්‍රේතයෝ වෙන්නම උපන් මිනිස්සු. මැරුණට පස්සේ කිසි දවසක සාක්ෂි ඕනේ නෑ. එතකොට ඇත්ත බව ඔප්පු වෙලා නේ. ඉතින් සාක්ෂි උවමනා අයට ධර්මය සත්‍ය බව ඔප්පු කරන්න ගිහින් , ධර්මය අවබෝධ කර ගන්න වාසනාව තියන අයගේ වටිනා කාලය ඒ වෙනුවෙන් නාස්ති කරන්න එපා කියලයි මම කියන්නේ. ඒ අය එක තනියෙන් ඔප්පු කර ගනී. අපිට බැහැ කාටවත් ධර්මය අවබෝද කරන්න. තිසරණයෙ පිහිටුවන්නත් බෑ. එහෙම කරන්න යන්න ඕනෙත් නෑ. බුදු රජාණන් වහන්සේ කවදාවත් "මගේ ධර්මය ඇත්ත. බොරු නම් මේ බලන්න. මම ඔප්පු කරන්නම්" කිය කිය කිසි කෙනෙක්ගේ පස්සෙන් ගියේ නෑ. කිය කිය ගියෙත් නෑ. බලෙන් ප්‍රචාරය කලෙත් නෑ. කැමති නම් විශ්වාස කරලා අවබෝධ කර ගනිල්ලා නැත්තම් නිකන් හිටපල්ලා කියලයි කිවුවේ. ඉතින් අපි මොකටද කාටවත් ඔප්පු කරන්න යන්නේ. ශාස්තෘන් වහන්සේවත් නොකළ දෙයක් මොකටද අපි කරන්න යන්නේ?

    අවශ්‍ය අයට නොදන්නා කමට ඉගෙන ගන්න උවමනා නිසා ඇහුවොත් කියල දෙන්න ඕනේ, දන්නවනම් සහ හැකියාවක් තියනවනම්. නැත්තම් බරපතල පවක්. ඒ නිසා ඒ අය වෙනුවෙන් යමක් කලානම් තමා වටින්නේ.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    :yes::yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වෙන ආගම් වල අයගේ ප්‍රශ්න වලට උත්තර දිදී ම හිටියට ඉවරයක් වෙන එකක් නෑ වගේ.
    තියෙන ප්‍රශ්න විසදලා ඉවර උනාට අලුත් ප්‍රශ්න හැදෙනවා.
    තව ගොඩක් අය අහන්නේ ලෝකය ඇති වෙච්ච හැටි, මිනිස්සු හැදිච්ච හැටි, වගේ දැනුමට විතරක් අවශ්‍ය වෙන දේවල් විතරයි. බුද්ධාගම තියෙන්නේ දැනුම දෙන්ඩ නෙමේ.
    එත් බුද්ධගම ගැන තියෙන සැකය නිසා මේ ප්‍රශ්න අහන එක සාදාරනයි.
    මේ සැකය දුරු කරන එක ප්‍රශ්න වලට උත්තර දෙන එකෙන්ම කරන්ඩ බෑ කියල තමා මට හිතෙන්නේ.
    එක නිසා තමතමන්ටම ප්‍රයෝගිකවම කරලා බලන්ඩ දේවල් ටිකක් දුන්නොත් මේ ගොල්ලෝ බුද්ධාගම තමන්ගේම කරගැනී කියල හිතනවා.

    එක නිසා මම මේ කියන ටික එක සති දෙකක් (වැඩට යන්නේ නැතුව ගෙදර ඉන්ඩ ඕන නෑ, උදේ හවස කරාම ඇති) පුරුදු කරලා බලන්ඩ.

    මුලින්ම අපි එක තැන හිත තියාගන්ඩ පුළුවන් විදියට හිත හදා ගන්ඩ ඕන. එකට සමථ භාවනාවක් කරන්ඩ ඕන. ගොඩක් දෙනෙක් ගොඩක් අය එකක් තරහ ඇති කරගෙන එක එක්කෙනා පරද්දන්ද බලාගෙන ඉන්න නිසා මයිත්‍රී භාවනාව ගෙඩක් අයට සාර්ථක වෙඉ. ගොඩක් අයට භාවනාව අසාර්ථක වෙන්ඩ හේතුවක් තමා තමන්ගේ තියෙන target ඉවර කරලම පටන් ගන්නවා කියල හිතන එක. එත් මොනවද ඒ target කියල බැලුවොත් ගොඩක් ඒවා වෙනත් අයට වඩා තමන් ඉහලට යන්ද හදාගත්හ්ටු ඒවා. එත් අනිත් අයටත් තමන්ටම වගේ සැපෙන් ඉන්ඩ ලැබේව කියල ප්‍රාර්ථනා කරන්ඩ පුළුවන් නම් ඒ target වලට තියෙන වටිනාකම අඩුවෙලා භාවනාවට හිත ගොඩක් යොමු වෙනවා. මේ වගේ භාවනාවට හිත යොමු නොවන හේතු එක එක්කෙනා හොයාගෙන ඒවා නැති කරගන්ඩ ඉස්සරලම.

    මෙන්න මේ විදියට භාවනා කරන්ඩ:
    මම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා,
    මගේ ගුරුවර දෙමව්පියෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා,
    මා මට හිතවත් වූද, අහිතවත් වූද, මා දන්නා වූද, නොදන්නා වූද, සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා,

    මහේම නිකම් කියාගෙන ගියාට වැඩක් නෑ. ඒවගේ තේරුම හිතගෙන කියන්ඩ ඕන.
    උදාහරණයක් විදියට නිදුක් වෙත්වා කියද්දී මතක් වෙන්ඩ ඕන බලාපොරොත්තු නැති වෙමින් වත්, ඇති දේ නැති වෙමෙන් වත්, වියෝ වීම් වලින් වත් හෝ කුමන හෝ මානසික පීඩා නොලැබේව කියල.
    නිරෝගී වෙත්වා කියද්දී හිතන්ඩ ඕන ඒ අදාල කෙනා කිසිම ලෙඩක් නැතුව නිරෝගිව ඉන්න විදිය.
    සුවපත් වෙත්වා කියද්දී හොත්න්ද ඕන ඒ කෙනා සුවසේ ඉන්න විදිය.
    දුකින් මිදෙත්වා කියද්දී හිතන්ඩ ඕන ඒ කෙනා සිළලු සත්‍ය අවබෝද කරගෙන නිවන් දකිනවා කියල.

    මේ විදියට ටිකක් කල් කරද්දී භාවනාවට හිත යොමු වෙනවා. භාවනාවට තියෙන වටිනාකම වැඩි වෙනවා.

    ඊට පස්සේ මෙන්න මේ විදියට හිතන්ඩ අගේ තියෙන හැම කොටසක් ගැනම.
    මගේ ඇස හැදිලා තියෙන්නේ පඨවි (තද ගතිය), ආපෝ (ද්‍රව ගතිය), තේජෝ (රස්නය), වයෝ (වාතය) කියන දේවල් වලින්. මගේ ඇසෙ තියෙන පඨවි (තද ගතිය), ආපෝ (ද්‍රව ගතිය), තේජෝ (රස්නය), වයෝ (වාතය) සහ බාහිර පරිසරයේ (ගස් ගල්, ඇල, දොළ, ගංගා) තියෙන පඨවි (තද ගතිය), ආපෝ (ද්‍රව ගතිය), තේජෝ (රස්නය), වයෝ (වාතය) අතර කිසිම වෙනසක් නෑ. එක නිසා ඇස මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ.
    මේ විදියට අගේ තියෙන හැම කොටසක් ගැනම හිතන්ඩ.

    මේ විදියට ටිකක් කල් පුරුදු කරලා මෙන්න මේ විදියට හිටන්ද. මගේ සිත කියන්නේ බිදී බිදී ඇති වෙමින් යන චිත්ත පරම්පරාවක්. කලින් ඇති වෙච්ච සිතක් අය කවදාවත් ඇති වෙන්නේ නෑ. ඇති වෙන්නේ ඒ වගේම අලුත් සිතක් විතරයි. එකවර සිත් දෙකක් ඇති වෙන්නේ නෑ. ඒක නිසා සිත මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ.

    මේ විදියට ටිකක් කල් පුරුදු කරද්දී ඕනෑම ප්‍රශ්නයකට මුහුනදෙන්ද පුළුවන් විදියට සිත හැදෙනවා. කිසිම දෙකට දුකක් හිතෙන්නේ නෑ.

    මේක පටන් ගැනීමක් විතරයි. මෙඉට වඩා සියුම් විදියට කය සහ සිත ගැන භාවනා කරන හැටි කියල තියෙනවා බුද්ධාගමේ. කය ගැන විද්ධයවෙන් හොයාගත්තට, සිත බුද්ධාගමේ බෙදල දක්වල තියෙන විදියට තමා විද්යව් කිට්ටු වෙලාවත් නැ. ඇහෙන් මොකක් හරි දැක්කහම වෙන දේ මුල ඉදල අගටම බුද්ධාගමේ තියෙනවා.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16686256 said:

    පහන් දැල්ල එහෙම නොවෙනව නොවෙනව කිව්වට උබ කියන්නෙ නෑනෙ ඒක වෙන්නෙ කොහොමද කියල.
    දැන් අපි ඔප්පු කරනවනෙ
    පහන් දැල්ල අනිත්‍ය හේතුඵල දහමට ගැලපෙන විදිය.
    උබ ඔප්පු කරන්න එහෙම නොගැලපෙන විදිය නිකන්ම එහෙම වෙන්නෙ නෑ කියන්නෙ නැතුව. එහෙම කරන්න බැරි නන් පිළිගන්න අපි කියල තියෙන දේ හරි කියල .

    මේක මට විස්තරාත්මකව අහන්න පුළුවන් මේ සම්බන්ධ ඔක්කොම කරුණු එක්ක, එත් කෙටියෙන් බැලු බැල්මට පැහැදිලිව පේන දේ අහන්නම්..ප්‍රතිචාරය බලමු.

    ඔහු උදාහරණය සබැ ජීවිතේට ගලපන්නේ මහේමයි:
    A පහන්දැල්ල තත්පරයක් පාසා, පහනේ ඇති තෙල් මොලෙකියුල්ස් , පාන්තිරේ තියෙන මොලෙකියුල්ස් පාවිච්චි කරගෙන දැල්වීම - මේක ඉන්ද්‍රියන් 6න් ලබාගන්නා සංඥාවන් උපාදානය කරගෙන සිත් ඇති වෙවී නැති වෙනවා වගේ..

    උදාහරණයේ 2වන step එක ඔහු කියන විදිහටම:
    මම A පහන නිවීමට ආසන්න වන විට එම පහනෙන් B පහන දල්වමි.

    එකියන්නේ 2 step එක ඇති වෙන්න නම් යම් බාහිර බලවේගයකින් A පහන හා B පහන් අතර සම්බන්ධතාවයක් ඇති කල යුතුයි. මේ කැල්ල උද apply කරන විදිහ explain කරනකොට ඇත්තටම නැතිවෙලා, එකට හේතුවකුත් තියෙනවා. බුදු දහමේ බාහිර බලවේග තරයේ ප්‍රතික්ෂේප කරනවා .. ඒවගේම හින්දු ධර්මය වගේ මැරුණට පස්සේ ආත්මය වෙන කයකට යෑම වෙන්නේ නැ කියලත් කියල තිබෙනවා, ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කලේ මෙහෙමලු (මේක කිව්වේ මේකේ අනිත් අයට බුද්ධාගම පැහැදිලි කරන එක්කෙනෙක්මයි..) "ඊළග ආත්මය කරා ගමන් කරන විඤ්ඤානයක් යන්නද ආත්මවාදී සංකල්පයකි. “ විඤ්ඤානය” මෙසේ ගමන් කරන බවට දේශණා කරමින් සිටි “සාති” නම් භික්ෂුවට බුදුන් වහන්සේ තදින් අවවාද කළ බව පෙල දහමේ සදහන්ය."

    උදහරණයේ මෙම කොටස ඇත්තටම බුද්ධාගමට අනුව වෙන්න බැ.

    එක පහන් තිරයකින් තවත් පහන් තීරයකට දල්ල යාම එක්කෝ හින්දු ආගමේ හැටියට ආත්මය යනවා වගේ වෙන්න ඕන, නැත්තම් බාහිර බලවේගයක් මේ හැම දේම කරනවා කියල පිළිගන්න ඕන..නමුත් බාහිර බලවේගය කොයි බෞද්ධයත් තදින් පෙන දෙයක්, එක බුද්ධාගම ගැන සරල දැනුමක් ඇති කෙනෙක් උනත් ප්‍රතික්ෂේප කරනවා, එත් හින්දු විශ්වාස වල වෙනස ගොඩක් අයට හරියට දන්නේ නැ, ඒ නිසා මේ වගේ තැන වල සියුම්ව යොදාගන්න පුළුවන්,..එනිසයි මම කිව්වේ මේ උදාහරණය බුද්ධාගමේ ඉගෙන්වීම් වලට තරයේ පටහැනි, නමුත් හින්දු විශ්වාස තහවුරු කරන එකක් කියල..

    පැහැදිලි කිරීමේ වැරද්දක් තියෙනවනම් හරියට කියන්න මම පිළිගන්නම්..
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    පුද්ගලිකව ඔය අදහස හොදයි.. එහෙම හිතන්න පුළුවන් නම් ඒකත් පිනක්.. ඒත් මස් කන එකෙයි ප්‍රාණඝාත අකුසල කර්මයත් එක්ක සම්භන්දයක් නැහැ..

    මේක නියමයි මචන්. මම මේ අහන ගමන්. පිළිගන්න පුළුවන් උපරිමයෙන්ම :)
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.

    හප්පච්චියේ කිව්වට හරියන්නෙ නැහැ ඒක තමයි තේරෙන සිංහලෙන් මම කිව්වෙ තේරුම් ගන්න බැරිද උත්සයක් නැද්ද කියන එක නම් ඉතින් මට අදාල කාරණයක් නෙවේ..
    දැන් ආයෙත් කියන්නම් කල්පයක් කියන්නෙ සන්ක්‍යාවකින් මෙච්චරයි කියල විස්තර කරන්න අපහසු අවුරුදු ප්‍රමාණයක්..

    භද්‍ර කල්පය කියන්නෙ බුදු රජාණන් වහන්සේලා පස් දෙනෙක් පහල වෙන කාලය..

    |0____________1|____________2|____________3|___________45|____________6|

    ඔය කල්පය කියල අපි නිකං හිතා ගත්තොත් ඔය 4-5 අතර තියන කාලය තමයි ඩයිනොසර් පොසිල මිනිස්සුන්ගෙ පොසීල හොයාගෙන තියන විද්‍යාවෙන් කාලය.. කල්පය එක්ක සංසදනය කරොත් නැනෝ මීටරයෙනුත් මිලියනයෙන් පංගුවක් වගේ.. ඔතන ඔය පහ කියල තියෙන්නෙ අපේ බුදු හාමුදුරුවො.. හය කියල තියෙන්නෙ මයිත්‍රී බුදු හාමුදුරුවො.. දැන් ඔය බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ 0 ගැන..
    තාමත් තේරුම් ගන්න බැරිනම් ඉතින් අපේ වරදක් නෙවේ..

    උබ දැන් කලින් බුදු රජාණන් වහන්සේල හිටපු කාලෙ මිනිස්සුන්ගෙ පොසීල ඕනෙ කියල කියන්නෙ ඉතින් උබේ මොලේ හැටියට තමයි ඉතිං

    :lol::lol:

    http://en.wikipedia.org/wiki/Fossil

    "දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ"

    Niyama logical uththarak (Y)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න පලවෙනි පිටුවට පොඩි magic එකක් දැම්ම PHP වලින් හැම පාරටම අලුත් image එකක් එන්ඩ.

    buddha-03.jpg
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    පටලව ගන්න එපා මම කියා කෙනෙක් නැති බව අවබෝධ නොවීම නිසයි සත්වයා සංසාරයට අහුවෙලා තියෙන්නෙ. මගේ අම්ම, මගේ ගෙදර, මගේ වාහනේ කියල තන්හාව අපි ගාව තියෙන්නෙ ඒ අවබෝධය නැති නිසයි. මතකය කියන්නෙත් සිතිවිල්ලක් නිසා එය අනිත්‍ය දෙයක් බව මම කලින් කිව්වා.

    ඔයාල පරමාර්ථයයි සම්මුතියයි පටලවන් ඉන්නෙ. එකයි මේ වගේ ප්රශ්න ඇතිවෙන්නේ. මේසයක් ගත්තොත් මේසය කියන වචනය තමයි සම්මුතිය. නමුත් ඇත්තටම විමසලා බැලුවොත් එතන තියෙන්නෙ ලී කුඩු ගොඩක්. ඒකයි පරමාර්ථය. ශරීරය, සිත කියන දේවල් සම්මුතිය. ඒවා මොහොතක් පාසා වෙනස් වන දේවල් නිසා ඒවා කොටස් වශයෙන් බිඳලා බැලුවම එතන තියෙන්නෙ පරමාර්ථය.

    මේ ලෝකෙ සම්මුතියයි පරමාර්තයි කියල දෙකක් තියන නිසයි ඊළඟ භවයේ ඉපදෙන්නෙ කලින් සිටි සත්වයාමත් නොවෙන්නේ, නමුත් අලුත් සත්වයෙකුත් නොවෙන්නේ...

    mage hithe thibuna lokuma aulak thama oka pahadili karala dunnata pin
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඉස්සෙල්ලම කියන්න ඕනි මේ post එක ගොඩක් වටිනවා මත ගොඩක් දේවල් කියෙව්වා දැනගත්ත බොහොම පින් මේක පටන් ගත්ත කෙනාටත් බුදු දහම ගැන නොදන්නා දේ කියල දුන්නටත්.

    මට ප්‍රශ්නයක් තියෙනවා මට මේක නිරාකරණය කරගන්න උදව් කරන්න. ජ්‍යෝතිෂ්‍ය, නැකත්, කොරෝන්දම්, ග්‍රහ වස්තු සහ ජීවිතය අතර කිසියම් බැඳීමක් තිබෙනවද? බුදු දහමට අනුව මේවා අපි පිළිගත යුතුද? තව ඔය ලග්න පිලිබදව පවසන දේ බුදු දහමට අනුව විස්වාස කල හැකිද?
    බුදු දහමේ කොතනක හෝ මේ ජ්‍යෝතිෂ්‍ය, නැකත්, කොරෝන්දම්, ග්‍රහ වස්තු පිළිබඳව සඳහන් වෙලා තියෙනවද?

    පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
    බුදුසරණයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක මට විස්තරාත්මකව අහන්න පුළුවන් මේ සම්බන්ධ ඔක්කොම කරුණු එක්ක, එත් කෙටියෙන් බැලු බැල්මට පැහැදිලිව පේන දේ අහන්නම්..ප්‍රතිචාරය බලමු.

    ඔහු උදාහරණය සබැ ජීවිතේට ගලපන්නේ මහේමයි:
    A පහන්දැල්ල තත්පරයක් පාසා, පහනේ ඇති තෙල් මොලෙකියුල්ස් , පාන්තිරේ තියෙන මොලෙකියුල්ස් පාවිච්චි කරගෙන දැල්වීම - මේක ඉන්ද්‍රියන් 6න් ලබාගන්නා සංඥාවන් උපාදානය කරගෙන සිත් ඇති වෙවී නැති වෙනවා වගේ..

    උදාහරණයේ 2වන step එක ඔහු කියන විදිහටම:
    මම A පහන නිවීමට ආසන්න වන විට එම පහනෙන් B පහන දල්වමි.

    එකියන්නේ 2 step එක ඇති වෙන්න නම් යම් බාහිර බලවේගයකින් A පහන හා B පහන් අතර සම්බන්ධතාවයක් ඇති කල යුතුයි. මේ කැල්ල උද apply කරන විදිහ explain කරනකොට ඇත්තටම නැතිවෙලා, එකට හේතුවකුත් තියෙනවා. බුදු දහමේ බාහිර බලවේග තරයේ ප්‍රතික්ෂේප කරනවා .. ඒවගේම හින්දු ධර්මය වගේ මැරුණට පස්සේ ආත්මය වෙන කයකට යෑම වෙන්නේ නැ කියලත් කියල තිබෙනවා, ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කලේ මෙහෙමලු (මේක කිව්වේ මේකේ අනිත් අයට බුද්ධාගම පැහැදිලි කරන එක්කෙනෙක්මයි..) "ඊළග ආත්මය කරා ගමන් කරන විඤ්ඤානයක් යන්නද ආත්මවාදී සංකල්පයකි. “ විඤ්ඤානය” මෙසේ ගමන් කරන බවට දේශණා කරමින් සිටි “සාති” නම් භික්ෂුවට බුදුන් වහන්සේ තදින් අවවාද කළ බව පෙල දහමේ සදහන්ය."

    උදහරණයේ මෙම කොටස ඇත්තටම බුද්ධාගමට අනුව වෙන්න බැ.

    එක පහන් තිරයකින් තවත් පහන් තීරයකට දල්ල යාම එක්කෝ හින්දු ආගමේ හැටියට ආත්මය යනවා වගේ වෙන්න ඕන, නැත්තම් බාහිර බලවේගයක් මේ හැම දේම කරනවා කියල පිළිගන්න ඕන..නමුත් බාහිර බලවේගය කොයි බෞද්ධයත් තදින් පෙන දෙයක්, එක බුද්ධාගම ගැන සරල දැනුමක් ඇති කෙනෙක් උනත් ප්‍රතික්ෂේප කරනවා, එත් හින්දු විශ්වාස වල වෙනස ගොඩක් අයට හරියට දන්නේ නැ, ඒ නිසා මේ වගේ තැන වල සියුම්ව යොදාගන්න පුළුවන්,..එනිසයි මම කිව්වේ මේ උදාහරණය බුද්ධාගමේ ඉගෙන්වීම් වලට තරයේ පටහැනි, නමුත් හින්දු විශ්වාස තහවුරු කරන එකක් කියල..

    පැහැදිලි කිරීමේ වැරද්දක් තියෙනවනම් හරියට කියන්න මම පිළිගන්නම්..
    B පහන දැල්වෙන්නේ කර්මය කියන බලවේගය නිසා. බුදුදහම එය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. B පහන දැල්වෙන එක නවත්වන්නයි බුදු දහම තියෙන්නෙ.

    ඔයා හිතන් ඉන්නෙ දැන් තියන පහන් දැල්ලමයි තව විනාඩියකින් එතන තියෙන්නෙ කියල. විනාඩියකට ඉහත තිබූ තෙල් මොලෙකියුල්ස් සහ පහන්තිරේ මොලෙකියුල්ස් දැල්විලා දැන් දැවෙමින් තියෙන්නෙ අලුත් මොලෙකියුල්ස්. සම්මුතියට අනුවනම් තිබෙන්නේ එකම දැල්ලක්. පරමාර්ථයට අනුව නම් දැන් තිබෙන්නේ කලින් තිබුන දැල්ල නොවේ.

    "මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු‚ අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නමි ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවටිටපුත්‍ර වු සාති නමි භික්‍ෂුවට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනමි) ,මේ එකම විඥනය (භවයෙන් භවයට උත්පතති වසයෙන්) දුවයි‚ හැසිරෙයි අනිකක් නොවෙයි. "
    http://dahamsithum.wordpress.com/2012/09/10/38-මහා-තණ්හා-සංඛය-සුත්‍රය/ ~ මහා තණ්හා සංඛය සුත්‍රයෙන්

    පහන් දල්ලේ උදාහරණය ගැලපෙනවා කියල මේකෙන්ම තේරෙනවා නේද යාලුව. සාති භික්ෂුවත් හිතල තියෙන්නෙ ඔයා වගේම සම්මුතියේ පිහිටලයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    මේක මට විස්තරාත්මකව අහන්න පුළුවන් මේ සම්බන්ධ ඔක්කොම කරුණු එක්ක, එත් කෙටියෙන් බැලු බැල්මට පැහැදිලිව පේන දේ අහන්නම්..ප්‍රතිචාරය බලමු.

    ඔහු උදාහරණය සබැ ජීවිතේට ගලපන්නේ මහේමයි:......

    ඇයි ඔයා පහන් තිරයක් මේකට ගාව ගත්තෙ අපි ඔක්කොමල පැහැදිලිව කිව්ව පහන් දැල්ල කියල.මෙතන තියෙනව උත්තරය .
    B පහන දැල්වෙන්නේ කර්මය කියන බලවේගය නිසා. බුදුදහම එය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. B පහන දැල්වෙන එක නවත්වන්නයි බුදු දහම තියෙන්නෙ.

    ඔයා හිතන් ඉන්නෙ දැන් තියන පහන් දැල්ලමයි තව විනාඩියකින් එතන තියෙන්නෙ කියල. විනාඩියකට ඉහත තිබූ තෙල් මොලෙකියුල්ස් සහ පහන්තිරේ මොලෙකියුල්ස් දැල්විලා දැන් දැවෙමින් තියෙන්නෙ අලුත් මොලෙකියුල්ස්. සම්මුතියට අනුවනම් තිබෙන්නේ එකම දැල්ලක්. පරමාර්ථයට අනුව නම් දැන් තිබෙන්නේ කලින් තිබුන දැල්ල නොවේ.

    "මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු‚ අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නමි ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවටිටපුත්‍ර වු සාති නමි භික්‍ෂුවට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනමි) ,මේ එකම විඥනය (භවයෙන් භවයට උත්පතති වසයෙන්) දුවයි‚ හැසිරෙයි අනිකක් නොවෙයි. "
    ~ මහා තණ්හා සංඛය සුත්‍රයෙන්

    පහන් දල්ලේ උදාහරණය ගැලපෙනවා කියල මේකෙන්ම තේරෙනවා නේද යාලුව. සාති භික්ෂුවත් හිතල තියෙන්නෙ ඔයා වගේම සම්මුතියේ පිහිටලයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇයි මම පෙන්නුවෙ කලින් ඒවගෙ උදාහරණ කිහිපයක්.ඔන්න ආයෙ බලන්න
    http://en.wikipedia.org/wiki/Coso_artifact

    එතකොට මේ තියෙන්නේ පොසිලකරනය වුනු දැති රොදයක්

    පොසිල කරනය වුනු අත් සටහනක්

    මුල ඉඳලම පටං ගමුකො..
    100 මේ සංඛ්‍යාව කියවන්නෙ සීය කියල..
    100 000 දැන් මේකෙදි ඉලක්කම් තුනෙන් තුනට බෙදිල තියෙනව.. මුල්ම බින්දු තුනෙන් එහාට ගියාම කියවන්නෙ දහස් කියල.. ඒ අනුව මේක කියවන්නෙ සියදහස කියල.. (සාම්ප්‍රදායික ක්‍රමේට අනුවනං ලක්ෂය) එතකොට 500 000 ගත්තොත් මේක කියවන්නෙ පන්සිය දහ කියල.. (සාම්ප්‍රදායික ක්‍රමේට ලක්ෂ පහ)
    ඔය බින්දු හයේ සීමාවෙන් එහාට තමා මිලියන එන්නෙ.. 1 000 000 මෙන්න මිලියනය..
    එතකොට මිලියන දෙක කියන්නෙ 2 000 000
    20 000 000 මේ මිලියන විස්ස.
    200 000 000 මේ මිලියන දෙසීය..
    එතනිං එහාට බිලියන
    2 000 000 000 මේ බිලියන දෙක..
    ඔහොම ඉලක්කම් තුනෙන් තුනට තමා සංඛ්‍යා වැඩිවෙන්නෙ.. මිලියන බිලියන ට්‍රිලියන කුඅඩ්‍රිලියන කුඅන්ටිලියන සෙක්ස්ටිලියන කියල හෙන ලිස්ට් එකක් එනව.. විකිපීඩියා වලම සර්ච් පාරක් දාල බලන්නකො.. හම්බවෙයි..

    වැරදියි. කාශ්‍යප බුදුන් පහල උනේ මනුෂ්‍ය ආයුෂ 20,000 වෙච්ච යුගයේ. ඊට පස්සෙ කාශ්‍යප බුදු සසුන අතුරුදන් වෙලා ආයුෂ වසර 10 වෙලා අන්තඃකල්පය අවසානයේ මනුෂ්‍ය සංහාරය සිදුවෙලා ඉවරයි. ඒ සංහාරයේදී මිනිසුන් සියල්ලම විනාශ උනාද නැද්ද කියන ප්‍රශ්නයයි මම මතු කලේ. ඊට පස්සෙ ආයෙත් පරමායුෂ 120 දක්වා වැඩි උනා. ඒ අවධියේදී තමයි ගෞතම බුදුන් පහල උනේ. ඒ වෙනකොට අන්තඃකල්ප 3ක් විනාශ වෙලා.

    මම පැහැදිලි උදාහරණයක් පෙන්නුවා, ලක්ඛණ මහරහතන් වහන්සේ දුටු සත්වයා ගැන බුදු හාමුදුරුවන් දේශනා නොකලා කියල. එයට හේතුවත් බුදුහාමුදුරුවන් ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවන් බුදුවෙන්නත් පෙර පටන් අරූපාවචර අෂ්ටසමාපත්තිය දක්වා සිත දියුණු කරපු උද්දකරාම පුත්ත වැනි තවුසන් හිටියා. ඒ නිසා සිත මිස කය නැති ලෝක පිලිබඳ දේශනා කරපු එකේ අරුමයක් මට නම් පෙනෙන්නේ නැහැ.ආභස්සර ලෝකයෙන් ආපු ජීවින් ගේ ශරීර වෙනස් වුනේ රස පොලව ආහාරයට ගත්තු නිසයි. ඉතින් රසපොලව ගැන නොකියා ශරීරය වෙනස් වෙන්න හේතුව, තණ්හාව ඇතිවෙන්න හේතුව මොකක් කියා පවසන්නද?? හේතුව පවසන්න නම් රස පොලව ගැන පවසන්නම වෙනවා. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.

    හරි.. දැන් දේශනා නොකල ප්‍රශ්නෙ පැත්තකින් තියමුකො.. අවුරුදු මිලියන 10කටත් කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙනවනෙ.. මං අහන්නෙ ඇයි ඇත්තටම නොවුනු දෙයක් එහෙම දේශනා කලේ කියල..

    පොර reply කරන්නෙ පොරගෙ පොයින්ට් එක ඔප්පු කරගන්න පුළුවන් කියල හිතෙන පොස්ට් තෝරගෙන බේරාගෙන.. මෙ වගේ දෙයක් ඇහුවාම ඉතින් කට උත්තර නැහැ නෙ.. අනික දැන් ඌ අපිට දෙයක් කිව්ව.. අපි ඌට අම්ම තාත්ත මතක් කරන්න ගියෙ නැහැ.. ඌ කිව්ව දේ ගැන හිතන්න දෙයක් තිබ්බ නිසා.. අපි ඒ ගැන කොහොම හරි කරුණු හොයල බලන්න ඕන නිසා..

    දැන් මේ ඌට වෙලා තියෙන්නෙ මොකද්ද කොහොම හරි ඌ කියන දේ තමයි හරි කියල තොල හපාගෙන විකාගෙන ඔප්පු කරන්න දගලන දගලිල්ලක් තියෙන්නෙ..

    අනේ පිං සිද්ධ වෙච්චාවෙ මං ගැන මේ වගේ අගනා විචාරයක් කලාට..

    මිලියන අසූවක අවුරුදු සහ කල්පය අතර සම්බන්ධය මොකද්ද?

    මේ කොටස හොදට කියවන්න ආයෙ පාරක්. සිරුරු ගණ වෙන්න කාලයක් ගිහින් තියෙනව ඒ කාලය කොච්චරද කියල දන්නවද?
    ඒ කාලය තුල කිසිම පොසිලයක් ලැබෙන්න විදියකුත් නෑ කියල දන්නවද?

    මට නන් තේරෙන දේ තමා මල්ලි උබට ඕනි ඉගෙන ගන්න නෙවෙයි. මොකද මෙතක කරුණු සාකච්චා කරල ඉගෙන ගත්ත අය ඉදිය ඔයාට කොච්චර කරුණු දුන්නත් ඔයා එකම තැන වටේට කැරකෙවනව.

    උබ ඔය කරුණු ගන්න තැන මම දන්නව ඒ ලින්ක් එක නොදාන්නෙ උබ වගේ යමක් කමක් තේරුම් ගන්න බැරි උන්ට කෙලවෙන නිසා.

    තව තියෙනව නේද එතන ජාතක කතා ගැන තියෙන ප්‍රශ්නයකුත් ඒකත් අහන්න.
    මෙතන උබට අනික් උන් කියල දුන්න කරුණු වලින් උබ ප්‍රයෝජනයක් ගත්තෙ නැති උනාට ගොඩ දෙනෙක්ට වටිනා දේවල් එකතු උනා. මම ඒක නිසා අනික් කරුණු ටිකත් අහන්න කියල ඉල්ලනව උබෙන්.

    මිලියන අසූවක අවුරුදු සහ කල්පය අතර නෙමේ සම්බන්ධෙ.. මිලියන අසූවක අවුරුදු සහ අන්තඃකල්පය අතර..
    ඒ කාලය තුල පොසිලයක් ලැබීමට ඉඩ නැත්තං ඇයි ඊට පස්සෙ ගෙවුනු අන්තඃකල්ප වල ජීවත් වුනු මිනිස්සුන්ගෙ පොසිල නැත්තෙ ?
    එක තැන වටේ කැරකුන්නෑ.. එක තැන විතරයි.. අහපු ප්‍රශ්නෙට උත්තරයක් නැතුව එක තැන ඉන්නැතුව වෙන මොකක්ද කරන්න තියෙන්නෙ ?
    ජාතක කතා ගැන ප්‍රශ්නයක් තියෙනව කියල මම කිව්වද ? මට තියෙන ප්‍රශ්න දැනගන්න පුළුවන් මොකක් හරි අධිමානසික බලයක් තියෙනවද ?

    ඔයාට බොහොම ඉක්මනින් උත්තර දෙන්නම්... මේකත් මතක තියාගන්න අද වෙන තුරුම කුඩාම අංශුව පරමාණුව කියල නේ කියන්නේ... නාමුත් බුදුරජානන්වහන්සේ මේ පරමනුවටත් වැඩ කුඩා කොටස් ගැන විස්තර කරලා තයෙනවා.. කළු කුහර ඉදන්...මන්දාකිණි ඇතුළුව මේ විශ්වය ගැනම දේශනා කරලා තියෙනවා... මම මේ දවස් වල මේ ගැන හොයා හොයා ඉන්නේ... ලගදීම ත්‍රෙඩ් එකක් දාන්නම්... තව සිතේ චිත්තරූපයක් ඇතිවීමට ගතවන කාලය අද විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා තත්පරයකින් 0.0013 k කියලා... නමුත් බුදුහාමුදුරුවෝ මිට අවු 2500ට කලින් මේ ගැන කියල තයෙනවා... අද ගොඩක් මිනිස්සු දකින්නේ අන්වීක්ෂයෙන් දකින පුළුවන් දේ දක්වා පමණයි... ඊට වැඩ දෙයක් තියෙනවා යාලු.. බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි යාලු දර්ශනයක්... බුදුසරණයි...

    බුදු හාමුදුරුවො කොහොමද පරමාණු ගැන කියන්නෙ ? එහෙමනං බුදු හාමුදුරුවො ගුරුත්වාකර්ශණේ ගැනත් කියන්න ඕනෙ.. අඳුරු පදාර්ත ගැනත් කියන්න වෙනව.. මං ප්‍රශ්නෙ පටං ගනිද්දිම කිව්ව ප්‍රවාද ගාවගන්න එපා, පරිසිද්ධි විතරක් ගාවගන්න කියල... අනික් එක මං ප්‍රවාද අදහන්නෙ නෑ.. විද්‍යාව අදහන්නෙත් නෑ, බුද්ධාගම අදහන්නෙත් නෑ.. පරමාණුව කියන්නෙත් ප්‍රවාදයක්.. බුදු හාමුදුරුවො ප්‍රවාද ගැන කියන්න විදිහක් කොහෙත්ම නෑ. බුද්ධාගමයි විද්‍යාත්මක ප්‍රවාදයි සමාන කරන්න දඟලනවනං මං කියන්නෙ ඔයිට වඩා හොඳා යෝගට් කෝප්පයක් අරං ලිඳ ඉහින්න පටං ගන්න.. බුද්ධාගම යන්නෙ එක පැත්තකට.. විද්‍යාත්මක ප්‍රවාද වෙනම අන්තයක්.. ඔය දෙක කවදාවත් සමාන වෙන්නෙ නෑ..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හරි.. දැන් දේශනා නොකල ප්‍රශ්නෙ පැත්තකින් තියමුකො.. අවුරුදු මිලියන 10කටත් කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙනවනෙ.. මං අහන්නෙ ඇයි ඇත්තටම නොවුනු දෙයක් එහෙම දේශනා කලේ කියල..
    ඉතින් ඔයා කොහොමද එහෙම හිටියෙ නෑ කියල කියන්නෙ. එහෙම ඉඳල අන්තඃකල්ප විනාශයෙන් මනුෂ්‍යයි සියල්ල විනාශ වුනා වෙන්න පුළුවන්. ඒ විනාශය ජුරාසික් යුගයට පෙර සිදු නොවුනා කියල ඔයා කොහොමද කියන්නෙ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    මිලියන අසූවක අවුරුදු සහ කල්පය අතර නෙමේ සම්බන්ධෙ.. මිලියන අසූවක අවුරුදු සහ අන්තඃකල්පය අතර..
    ඒ කාලය තුල පොසිලයක් ලැබීමට ඉඩ නැත්තං ඇයි ඊට පස්සෙ ගෙවුනු අන්තඃකල්ප වල ජීවත් වුනු මිනිස්සුන්ගෙ පොසිල නැත්තෙ ?
    එක තැන වටේ කැරකුන්නෑ.. එක තැන විතරයි.. අහපු ප්‍රශ්නෙට උත්තරයක් නැතුව එක තැන ඉන්නැතුව වෙන මොකක්ද කරන්න තියෙන්නෙ ?
    ජාතක කතා ගැන ප්‍රශ්නයක් තියෙනව කියල මම කිව්වද ? මට තියෙන ප්‍රශ්න දැනගන්න පුළුවන් මොකක් හරි අධිමානසික බලයක් තියෙනවද ?
    මෙච්චර හොදට උත්තර තියෙනකොට උත්තර හම්බ උනේ නෑලු.
    අන්ධයට ඉතින් මැණික කකුලට පැගුනත් වැඩක් නෑනෙ.

    නෑ නෑ ඔයා ඔය ප්‍රශ්නය කොපි කරපු තැනම තව තියෙනව ඔය වගේ ප්‍රශ්න ගොඩක්. උත්තර දුන්නට පිළි නොගෙන ඉන්න පුළුවන් වර්ගයේ ඒවා. අධිමානසික බලයක් නන් නෑ ඒ උනාට ගූගල් එකේ සර්ච් පාරක් දාපුවම ඔයා වගේම තව ගොඩක් අය හම්බ උනා. සහ මට උබේ ගති ගුණ සහ ඉදිරියට ලැබෙන්න තියෙන ප්‍රතිඵල නන් 90% ගෙස් කරන්න පුළුවන් කමක් තියෙනව.

    එක දෙයක් කියන්නද උබට අතේ තියෙන දේ කටේ දා ගන්න බැරි අවුලක් තියෙනව.ඒක ඉදිරියටත් තියෙයි දැනටත් තියෙයි. උබට ඕනි දේ සහ කල යුත්ත හරියටම තේරුම් ගන්න බැරි නිස තමා ඕක වෙන්නෙ.

    මෙතනින් උබේ සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන එක නවත්තනව. ඔයාට උත්තර ඕනි නන් තේරෙඩ් එකේ මුලටම ගිහින් ආයේ පාරක් කියවගෙන එන්න
    .