මුස්ලිම් තරුණියගේ කතාව
ඉහත රුපයේ සිටින්නේ සිය විවාහ දිවියේ කටුක වේදනාවන් තවදුරටත් දරාගත නොහී නිවසින් පලාගිය වරදට සිය ස්වාමියා ඇතුළු නෑදෑ පිරිස විසින් ඉතා අමානුෂික ලෙස තම දෙකන් හා නාසය කපා දැමීමේ වේදනාකාරී අත්දැකීමට මුහුණ දුන් අයිෂා මොහොමඩ් සායි තරුණියය.සැමියාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් කායිකව මෙන්ම මානසිකවද අතවරයන්ට ලක් වූ අයිෂා එකී වේදනාවන් තවදුරටත් දරාගත නොහැකි අන්තයකට පැමිණි කල නිවසින් පැන ගිය නමුදු ඉන් සිදු වූයේ ඇය කබලෙන් ළිපට ඇද වැටීමකි.
පැනයාමේ වරදට මාස පහක සිර දඬුවමකට ලක් වූ අයිෂා හිරෙන් නිදහස් වූ පසුවද බලහත්කාරයෙන් සැමියා වෙත යවනු ලැබුවේද විනිසුරුවරයා විසිනි. පැනයාමේ වරදට නීතියෙන් දඬුවම් ලැබුණද සැමියා ඇතුළු ඔහුගේ නෑදෑ පිරිසට එය ප්‍රමාණවත් නොවූ බැවින් එදින රාත්රියේදී හුදකලා කඳුකරය වෙතට රැගෙන යනු ලැබූ අයිෂාගේ දෑත් දෙපා බැඳ දමා ඇගේ දෙකන් පෙති හා නාසය පෙති ගසා දමන ලද්දේ ඉතාම කුරිරු ලෙසය. දරාගත නොහැකි වේදනාව හේතුවෙන් එකෙනෙහිම සිහි මුර්ජා වූ අතර ඇය යළි ප්‍රකෘති සිහියට පත් වනවිට අවට දැකගත නොහැකි තරම් ඇගේ දෑස් පවා ලෙයින් තෙත් වී තිබූ අයුරු ඇයට මතකය. තුවාල වේදනාව පරයා නැගුණු ජීවිත ආශාව නිසාවෙන් ඇය කෙසේ හෝ සිය මුත්තණුවන්ගේ නිවසට බඩගාමින් වුවද කෙසේ හෝ යාමට සමත් වූවාය.
අයිෂාගේ පියාගේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක ප්‍රතිකාර ලැබූ ඇය අද වන විට ඇමරිකානු පවුලක සෙනෙහස හා රැකවරණය මධ්‍යයේ ජීවත් වන්නාය.
එම වේදනාකාරී අත්දැකීමට ලක් වීමෙන් තෙවසරකට පසුව එකී දහනව හැවිරිදි තරුණිය අද නව ජීවිතයක් පමණක් නොව තමාට අහිමි වූ නාසය වෙනුවට අලුත් නාසයක්ද නූතන විද්‍යාවේ බල මහිමයෙන් හිමිකර ගැනීමට වාසනාව ලබා ඇත.
සිය සැමියාගේ කඩු පහරින් පෙති ගැසී ගිය නාසය යළි නැවත සැකසීම සඳහා අවශ්‍ය පේශී පටක ඇගේ මුහුණින්ම ලබාගැනීමට වෛද්‍යවරුන් තීරණය කරන ලද්දේ නාසයේ පිහිටි පේශීවලට හැකිතරම් ස්වභාවයෙන් සමාන පේ්ශී ලබාගැනීමේ අරමුණිනි. අදියර කීපයකින් සිදු කෙරුනු එකී සැත්කමේදී පළමුවෙන්ම අයිෂාගේ නළලට ක්‍රමයෙන් පිමිබිය හැකි සිලිකන්වලින් තැනූ කොපුවක් ඇතුළු කොට එය ක්‍රමයෙන් තරලයකින් පුරවන ලද්දේ නව නාසය තැනීමට අවශ්‍ය මෘදු පටක ප්‍රසාරණය වූ සම ඇසුරෙන් ලබාගැනීම සඳහායි. මීට අමතරව ඇගේ යටි බාහු කොටසින් ලබාගත් පේශිද නව නාසය තැනීම සඳහා භාවිත කොට තිබේ.
උපුටා ගත්තේ-ලක්බිම