හරි මචන් අපි කතා කරන්නේ අපිට පේන දේනේ. සමහරවට හරිවෙන්න පුලුවන්.
තුවාන් රියාස් - ඔයත් මේක හොදට කියවන්න
මම මෙතන බෞද්ධ කතාවක කොටසක් දාන්නම් මට මතක හැටියට. උඹලට ගන්න පුලුුවන් යමක් වේනම් ගනිල්ලා.
එක්තරා රහතන් වහන්සේ නමක් වඩිනවා එක පාරක් දිගේ. උන් වහන්සේ ඔහොම වඩින කොට වැසිකිලියක් දකිනවා. උන්වහනසේ තවත් දකිනව් ඒ වැසිකිලි වල තුල පෙරේතියක් සිටිනවා( රහතන් වහන්සේ නමකට සාමාන්‍ය ඇසට නොපෙනෙන සැගවුනු දේ දර්ශනය කිරීමේ හැකියාවක් ඇත ). උන්වහන්සේ ඇය සමග කතා කරනවා. අහනවා නුඹ කවුද? මේ දුක්ඛිත තත්ත්වයට පත්වෙන්න හේතුව කුමක්ද කියා.
ඇය පවසනවා ස්වාමීනී, මම අහවල් පංසලේ දායිකාවක් පසුගිය ආත්මයේ. පංසලට උදවා උපකාර කලා. ඒ පංසලේ වැඩ සිටි හාමුදුරැවන් වහන්සේ බොහෝම දුස්ශීලයි. මම ඔය හාමුදුරැවන්ගේ වැරදි කිය කියා ගියා. මම ඒ භවයෙන් චුත උනාට පස්සේ ඒකේ විපාක වශයෙන් මේ පෙරේත ආත්මය ලැබුවා. මගේ ආහාරය තමයි මල මුත්‍ර.
රහතන් වහන්සේ විමසනවා, දැන් අර හාමුදුරැවන් වහන්සේ කොහේද ඉන්නේ.
පෙරේතිය කියනවා, ස්වාමීනී ඒ හාමුදුරැවනුත් දැන් අපවත් වෙලා. ඔහුත් ඉන්නේ මේ අසූචි වලේමයි. මම ඉන්නේ ඔහුගේ කර උඩ. ඔහුගේ ආහාරයත් මා පරිදිමයි කියා.
එසේනම් මේ අනුව ආගමික ශෘස්තූන්ට හෝ ආගම ඉදිරියට ගෙනයනු සිල්වත් හෝ දුසිල්වත් කිසිවෙකුට නින්දා අපහාස කිරීම අපාගත වීමට බලපාන හේතුවක් වෙනවා නේද?
අපහස කිරිමක් නැහැ මිත්‍යාව පෙන්වා දිමක් පමණයි







