මුසාම්මිල් බෑ කියයි
ප්රසිද්ධ විවාදයකට එන්නැයි ඒ.ජේ.එම්. මුසාම්මිල් මහතා කළ අභියෝගය, පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා සතුටින් භාර ගැනීමත් සමඟ එවැන්නකට සහභාගිවීම ප්රතික්ෂේප කරන බව මුසාම්මිල් මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.
කොළඹ ගොඩනඟන අයුරු ප්රසිද්ධියේ තමා සමඟ විවාදයකට එන්නැයි මුසාම්මිල් මහතා මිලින්ද මොරගොඩ මහතාට අභියෝග කර තිබුණි. ඒ සඳහා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනක් වෙන් කැරිණි.
අවසානයේ ඊට එක්වීමට නොහැකි යැයි මුසාම්මිල් මහතා දැනුම් දී ඇත. මේ ප්රසිද්ධ විවාදයට මුස්ලිම් කොංග්රසයේ කොළඹ පුරපති අපේක්ෂක සාදික් සාජාබ්දීන්, ප්රජාතන්ත්රවාදී ජනතා සන්ධානයේ අපේක්ෂක මනෝ ගනේෂන් යන මහත්වරු සහභාගිවීමට කැමැත්ත පළකොට තිබුණි.

ඒ මොකෝ ඒ ? 