මුහුදේ_සැඟවෙයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මුහුදේ_සැඟවෙයි

කිමිදුම් ලෝක ශූරිය මුහුදේ සැඟවෙයි

කිසිදු උපකරණයක් භාවිතා නොකර දියයට නිදහස් කිමිදීමේ ලෝක වාර්තා 41ට හා ලෝක ශූරතා 23ට හිමිකම් කියූ නතාලියා මොල්චනෝවා (53) ස්පාඤ්ඥය ආසන්න මුහුදේ කිමිදෙමින් සිටිය දී අතුරුදන්ව ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

රුසියන් ජාතික කාන්තාවක් වන ඇය තම හිතවතුන් පිරිසක් පමණ මීටර 40ක් පමණ ගැඹුරේ කිමිදෙමින් සිටිය දී නොපෙනී ගොස් ඇතැයි පැවසේ. මුහුදේ අභ්‍යන්තර දිය වැලකට හසුව ඇය ගසාගෙන යන්නට ඇතැයි ජීවිතාරක්ෂක ඒකක පවසයි.

ඇගේ පවුලේ අය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන පුතු ඇලෙක්සේ මොන්චනෝ (28) පවසන්නේ තම මව මියයන්නට ඇතැයි විශ්වාස කරන බවයි. ඔහුද පිහිනුම් ලෝක වාර්තා හතරකට හිමිකම් කියන පුද්ගලයෙකි.

‘‘මගේ අම්මා මිය යන්නට ඇතැයි අපි පවුලේ සියලු දෙනාම විශ්වාස කරනවා. ඇගේ මරණය අපටත් ඒ වගේ ම කිමිදුම් ක්ෂේත්‍රයේ සිටින අයටත්, ඇයට ඇලුම් කළ සියළු දෙනාටත් වේදනාකාරී සිදුවීමක් වුවත් ඇය හැමදාමත් ඇලුම් කළ මුහුදේදී ම මරණය සිදුවීම ගැන ඇය සතුටට පත්වනවා ඇති “ යැයි ඔහු මාධ්‍යයට කීවේය.

2014 සැප්තැම්බරයේ ඇය උපකරණ රහිතව වේගයෙන් මුහුද යට කිමිදීමේ ලෝක වාර්තාවට හිමිකම් කිවාය. ඒ එක හුස්මක් රැගෙන එක වරලක් පමණක් භාවිතා කරමින් වේගයෙන් මීටර 237ක් කිමිදීමෙනි. ඇය අඩි 331ක් දිය යට කිමිදීමෙන් තැබූ ලෝක වාර්තාවේ දී විනාඩි නමයක් හුස්ම නොගෙන සිටීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් සෙවුම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


diving-Copy.jpg
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ඇය අඩි 331ක් දිය යට කිමිදීමෙන් තැබූ ලෝක වාර්තාවේ දී විනාඩි නමයක් හුස්ම නොගෙන සිටීම ද විශේෂත්වයකි.