මුහුද බලන්න ලොරියක ඇවිත් 😂

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    දරුවන් පිරිසක් පදවාගෙන පැමිණි ලොරි රථයක් නිට්ටඹුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.

    අනතුර සිදුවීමෙන් අනතුරුව ලොරි රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව පොලීසිය ලොරි රථය නතරකරගැනීමට සමත්ව ඇත.

    එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ළමුන් පිරිස නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිට මුහුද බැලීම සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

    එම ලොරි රථයේ ළමුන් සිව්දෙනෙකු සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

    මෙම ළමුන් 16,12 සහ 11 හැවිරිදි වියේ පසුවන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    මීගමුව ප්‍රදේශයේ ළමා නිවාසයක සිට නුවරඑළිය ප්‍රදේශය ළමා නිවාසයක් වෙත මාරුකර යැවූ දරුවෙකුද ඒ අතර සිට ඇත.

    ඔහුගේ මග පෙන්වීම අනුව මෙම දරුවන් පිරිස මුහුද බැලීම සඳහා මීගමුව ප්‍රදේශයට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

    ඒ සඳහා අදාළ දරුවන් ළමා නිවාසයේ ලොරි රථයේ යතුර සොරකම් කර එය පදවාගෙන මෙලෙස පැමිණ ඇත.

    දරුවන් පිරිස නුවරඑළිය ළමා නිවාසයට භාරදීමට නියමිතව ඇත.

    නිට්ටඹුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අහවල් එකේ අමාරුවට දරුවෝ හදලා ළමා නිවාස වලට ගාල් කරනවා. අම්මා අප්පා නැතුව හැදුනා උනත් ඒ හිත් වලත් ඒ වයසේ අනිත් දරුවන්ගේ හිත්වල වගේම අසාවල් තියෙනවා පව්. ආයෙත් පරණ ළමා නිවාසෙටම බාර දුන්නට පස්සේ ළමාරක්ෂණ එකෙන් හරි හොයලා බැලුවොත් හොදයි නැත්නම් ළමයින්ව හම ගහයි ☹️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,946
    113
    Mother Earth
    පව් කොල්ලෝ ටික. අපි අවුරුද්දකට වගේ උඩදි ළමා නිවසේකට දානයක් දුන්නා. පොඩි උන් කන්න කලින්ම පුටු වලින් නැගිටලා අපිට ස්තුති කතාවක් කරනවා. මම කිව්වා මොකුත් ඕන නෑ අපි වාඩි වෙලා කමු කියලා මාත් උන් ලඟින්ම පුටුවක් තියන් වාඩි වෙලා කෑවා. හිත ඇතුලෙන් මට ඇඬුනා. 😭
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පව් කොල්ලෝ ටික. අපි අවුරුද්දකට වගේ උඩදි ළමා නිවසේකට දානයක් දුන්නා. පොඩි උන් කන්න කලින්ම පුටු වලින් නැගිටලා අපිට ස්තුති කතාවක් කරනවා. මම කිව්වා මොකුත් ඕන නෑ අපි වාඩි වෙලා කමු කියලා මාත් උන් ලඟින්ම පුටුවක් තියන් වාඩි වෙලා කෑවා. හිත ඇතුලෙන් මට ඇඬුනා. 😭
    එහෙම වත් පිනක් කරපං
     
    • Love
    Reactions: Candid-B

    thanujaka

    Well-known member
  • මීගමුව පැත්තේ ලමා නිවාසේ ඉදලා මාරු කරපු කොල්ලා මුහුද ගැන කියවද්දි අනිත් පොඩි උන් ටිකට ආස හිතෙන්න ඇති මූද බලන්න යන්න. පව්.