මුළු_විශ්වයම_ප‍්‍රක්ෂේපණයක්_යයි_ගණිතමය_ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුළු_විශ්වයම_ප‍්‍රක්ෂේපණයක්_යයි_ගණිතමය_ල

    අපේ විශ්වයම හුදු ප‍්‍රක්ෂේපණයක් පමණක් විය හැකි බවට ඉදිරිපත්වූ මතයක් ජපාන විද්‍යාඥයන් පිරිසක් විසින් ගණිතමයව සාධනය කර ඇතැයි වාර්තා වේ. 1997දී ජුවාන් මැල්ඩසෙනා විසින් ඉදිරිපත් කළ පෙරළිකාර මතයක දැක්වුනේ ගුරුත්වය හටගන්නේ අති අණුක, ඉතාමත් කුඩා කම්පනය වන තන්තු පද්ධතියකින් බවයි.

    මෙම ගුරුත්වය සහිත තන්තුමය ලෝකය කාලය නම් මානය සමග වන අවකාශයේ මාන 9න් එකක පවතින හොලොග‍්‍රෑමයක් ලෙස දැක්වුනු අතර සැබෑ චලිතය සිදුවන්නේ වඩා සරල පැතළි ගුරුත්වය රහිත විශ්වයක බව පැවසුණි.

    ඔප්පු කළ නොහැකි වුවද විද්‍යාඥයන් අතර මැල්ඩසෙනාගේ මතය අතිශයින් ජනපි‍්‍රයවූ අතර තන්තු පිළිබඳ න්‍යායට ශක්තිමත් පදනමක් සැපයීමත් ක්වොන්ටම් භෞතිකය සහ ගුරුත්වය පිළිබඳ අයින්ස්ටයින්ගේ න්‍යාය අතර පැවති පරස්පරතා රැසක් විසඳීම එයට හේතුව විය.

    එක් භාෂාවක් විසින් විසඳිය නොහැකි ගණිත ගැටළුවක් අනෙක මගින් විසඳීමට අවකාශ ලැබෙන ද්විධාකරණයක් මෙම න්‍යාය මගින් ගණිතඥයන්හට හිමිවූ අතර ජපානයේ ඉබ්රාකි විශ්වවිද්‍යාලයේ යොෂිෆුමි හ්‍යුකුටාකේ සහ කණ්ඩායම මැල්ඩසෙනාගේ මතය ගණිතමයව තහවුරු කිරීම සඳහා උත්සහ දරා තිබේ.

    මුලින් ඔවුන් කළු කුහරයක අභ්‍යන්තර ශක්තිය, එහි ආකර්ෂණ බලය විහිද යන දුර ප‍්‍රමාණය ආදිය ගණන් බලා මැල්ඩසෙනාගේ මතයේ දැක්වෙන ගණන් බැලීම් සිදුකර ඇතැයි පැවසේ.

    එහිදී කළු කුහරයේ ශක්තිය සහ පහත මානයේ ශක්තිය සැසඳීම සමාන වී ඇති අතර මේ වන විට ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යයන ආයතනයේ කටයුතු කරන මැල්ඩසෙනා පවසා ඇත්තේ ජපාන විද්‍යාඥයන් උත්සහය බොහෝ සෙයින් සාර්ථක වී ඇති බවයි.

    මෙම න්‍යාය පැහැදිලිකිරීමට මුලින්ම උත්සහ දැරූ විද්‍යාඥයෙකු වන ලියොනාඞ් සස්කින්ඞ් පවසා ඇත්තේ මෙසේ පළමු වරට සාර්ථක ලෙස තහවුරු කරනු ලැබුවද මෙම මතය තවමත් අනුමානයක් බවයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    බුදුන් වහන්සේ කියනවා ලෝකය කියන්නේ හිතේ මැවේන ප්‍රක්ෂේපණයක් විතරඉ කියලා.

    කොහෙද මචන් එහෙම කියලා තියෙන්නේ....:confused::confused::confused:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    බුදුන් වහන්සේ කියනවා ලෝකය කියන්නේ හිතේ මැවේන ප්‍රක්ෂේපණයක් විතරඉ කියලා.
    ea kiyanne me okkoma aththa newei kiyalada,, :confused:
    :confused:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුදුන් වහන්සේ කියනවා ලෝකය කියන්නේ හිතේ මැවේන ප්‍රක්ෂේපණයක් විතරඉ කියලා.

    ඔබ නිවැරදියි සහෝ
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඕව ගැන වැඩිය හොයන්න යන්නෙපා කියල බුදුහාමුදුරුවොත් දේශණා කළා.. අනික ඔය අද විද්‍යාඥ්යො හොයාගන්න ඒව හෙට විද්‍යාඥ්යො හොයාගන්න දේ නිසා බිඳ වැටෙනව.. තමන් ගැන හොයල බලමු අපි..
    ඇයි අපිට කේන්තිය, වෛරය එන්නෙ?
    ඒක නවත්තන්නෙ කොහොමද?
    ඔය වගේ දේවල්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    @ Dhanushka.N

    එ කියන්නෙ :D

    අපේ විශ්වය ආලෝක කදම්බයකින් මවන ත්‍රිමාණ රුවක්ලු (නමුත් සත්‍ය වශයෙන් දිවිමානලු),මෙකට හොඳ උදාහරණයක් ලෙස ඔවුන් හොලොග්‍රැම් ස්ටිකර් එක ඉදිරිපත් කරනවා,අපට මෙය තෙරුම් ගැනිමට අපහසු නම් හොලොග්‍රැම් ස්ටිකර් එකක් අරන් විවිධ පැති වලට හරවා හරවා බලන්නලු,ඇත්තනේ :yes: එය අපට ත්‍රිමාණ ලෙස දර්ශනය වුවාට එය සත්‍ය වශයෙන් දිවිමාන නේ.මෙම
    පරීක්ෂණය මඟින් විශ්වය පිලිබඳ ක්වොන්ටම භෞතික විද්‍යව හා අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල ගුරුත්ව කල්පිතය යලිත් සසඳා එහි වෙනස් කම් නිරික්ෂනය කොට යම් තිරනයක් ගැනිම හැකියාවක් තිබේලු,මේ ගණිත ගැටළු සාධනය කර තිබෙන්නෙ විවිධ ලෝක වල තිබේන කළු කුහර වල තිබෙන්නා වු ශක්ති වල උපකල්පිත සංඛායවක් ගණනයකින් පසුව බවයි කියන්නෙ,මෙය කිසියම් වු ආකාරයක් මායාවක් නොවන බවත් ඔවුන් කියයි,අප කතා කරන ත්‍රිමාණයක් සත්‍ය වශයෙන්ම නැති බවත් එය විශ්ව ක්ෂිතිජයේ ඇඳි දෙයක් බවත් ඔවුන් කියනවා.

    තවදුරටත් කියනවා නම් මෙම
    පරීක්ෂණය පාධක වි තිබෙන්නෙ 1997 වර්ෂයෙදි ජුඇන් නැමති සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයා විසින් කල පරීක්ෂණයක් මතයි,ඔහු තන්තු කල්පිතය (String Theory) හඳුන්වාදුන් පුද්ගලයයි (මෙය බටහිර ලෝකය බොහෝ ඉහලින් සලකන කල්පිතයකි)

    අවසානයට කිව හැක්කෙ මෙවා සියළු දෙවල් කල්පිත බවයි :D
     
    • Like
    Reactions: Error365!