මු කෝටි 5ටම කුඩු බොයි

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මු කෝටි 5ටම කුඩු බොයි

    559a85696abb0.jpg

    මල් වෙළෙන්දකු ලෙස ජීවිකාව කරමින් සිටි අයෙකුට රුපියල් කෝටි පහේ ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ පසු ඔහුගේ ජීවිතය හොඳ අතට වෙනුවට නරක අතට වෙනස් කරගෙන මුදල් සියල්ල ඉවර වෙනතුරු කුඩුගසා ජීවිතය නැතිනාස්තිකරගත් පුවතක් ඊයේ අනුරාධපුර අධිකරණයෙන් වාර්තා විය.


    මීට වසර තුනකට ඉහතදී රුපියල් ලක්ෂ පන්සීයක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී
    තිබුණ ඔහු අනුරාධපුර ගල්කඩවල ලිපිනයේ පදිංචි හේරත් හාමිගේ රසික බණ්ඩාර සුගතදාස (40) නම් වන දෙදරු පියෙකි.

    ඔහු ලොතරැයි ජයග්‍රහණය ලද කාලයේ හතර අතේ සිටි දුස්චරිත මිතුරන් ඔහු වටකරගෙන නරක දේට මුදල් යෙදවූ බව ඔහුගේ බිරිය අධිකරණයේදී පවසා තිබේ.


    ගතවූ වසර 5 ක කාලය තුළ හෙරොයින් හා ගංජා භාවිතය ජාවාරම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි හයකට ඔහු අධිකරණයට ඉදිරිපත්වී ඇති අතර ඊයේ පෙනී සිට ඇත්තේ 7 වන වතාවටය.
    හෙරොයින් වෙළෙඳාම මගින් ලොතරැයියට ලැබුණ මුදල දෙතුන් ගුණයකින් ඉහළ දමාගත හැකි බව ඔහුට සමීපවූ කූට මිතුරන් යොජනා කර තිබෙන අතර මේ නිසා ඔහු ඒ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ආයෝජනය කර ඇත. ටික කාලයක් යහමින් මුදල් ලැබුණත් අවස්ථා රැසකදී නීතියේ රැහැනට අසුවී ඔහුගේ මත්කුඩු ව්‍යාපාරය අඩාළවී තිබේ.

    මේ වනවිට ඔහු මත් කුඩු වෙළෙඳාම නොකළත් ඒවාට තදින් ඇබ්බැහිවීම හේතු කොට ජිවිතය විනාශ කරගෙන තිබේ. ඔහුගේ දරු පවුලට ජීවත්වන්නටද දැන් මාර්ගයක් නැති බව අධිකරනයේදී කරුණු අනාවරණය විය..

    හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වූ ඔහු ඊයේ පුනරුත්ථාපන කඳවුරට ඇතුළත් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කළේය.
    වසරක කාලයක් පුනරුත්ථාපන කිරීම සඳහා වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔහුව යොමු කර තිබේ.

    :no::no::no::no::no::no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් දැක්කා මෙයාගේ අම්මා කියල තිබ්බා මෙයා කුඩු ගහන්නේ නෑ කියලා.:yes: ගැනී සල්ලි ටිකට විදින්න කරපු වැඩක් කියලා.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම නම් දැක්කා මෙයාගේ අම්මා කියල තිබ්බා මෙයා කුඩු ගහන්නේ නෑ කියලා.:yes: ගැනී සල්ලි ටිකට විදින්න කරපු වැඩක් කියලා.


    ඇත්ත දන්නවනම් දාන්න..මේක ගොසිප් ලන්කා එකේ තිබුණේ...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත දන්නවනම් දාන්න..මේක ගොසිප් ලන්කා එකේ තිබුණේ...

    ගැනී ගේ ගැටයක් බන් මටත් හිතෙන්නේ. මොකද අම්මා කියලා තිබ්බා පුතා කුඩු ගහන්නේ නෑ කියලා. අම්මෙක් කවදාවත් බොරුවට එහෙම දෙයක් කියන්නේ නෑ නේ. පුනුරුත්තාපනය කරන්න ඕනේ නම් විරුද්ද වෙන්නේ නෑ නේ. ගැනී පොලිසියේ උන්ට ජරාව දීල සල්ලි ටික ගහ ගන්න හෙන ගේමක් ගහලා කරපු වැඩක් වගේ මටත් හිතුනේ ඒ කතාව කියවද්දී නම්.:yes:(හොර මිනිහෙකුත්) ඇති සමහරවිට.
     

    Similar threads