මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

    මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

    logo.png


    මූත්‍රාශයේ ගල් සෑදීම ආහාර නිසාම හැදෙන දෙයක් නොවෙයි. එයට ශරීරයේ ස්වභාවය හේතු වෙනවා. එක පවූලේ එකම ආහාර ගන්නා දෙදෙනෙකු ගෙන් එක් අයෙකුට පමණක් මේ ගල් සෑදෙන්න පූළුවන්. එයට හේතුව ඒ අය ගේ ශරීරයේ ස්වභාවයයි. එහෙත් වැඩියෙන් ජලය පානය කිරීම මේ රෝගය වැළක්වීමට හේතුවක් වෙනවා.


    මේ රෝගය සෑදීමට ප්‍රධාන හේතුව මූත්‍රාවල සාන්ද්‍රතාව වැඩි වීමයි. ජලය පානය කිරීම මඟින් සිදු කරන්නේ මූත්‍රාවල සාන්ද්‍රණය අඩූ කිරීමයි.



    මූත්‍රා ගල් සෑදීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?


    අපි දන්නවා මූත්‍රාශ පද්ධතියට වකුගඩූ, මූත්‍ර ප්‍රනාල, මූත්‍රාශය සහ මූත්‍රා මාර්ගය අයත් වන බව. ස්ත්‍රියක ගේ මූත්‍ර මාර්ගය ඉතාමත් කෙටියි. එය සෙන්ටි මීටර 4ක් පමණ වෙනවා. පිරිමියකු ගේ මූත්‍රා මාර්ගය ශරීරය තුළත් ශරීරයෙන් පිටතටත් දිගට පිහිටනවා. මේ ආකාරයට මූත්‍රා මාර්ගය පිහිටා තිබෙන ආකාරය දිහා බලන කොට ස්ත්‍රී පූරුෂ යන දෙවර්ගය ම මූත්‍රා ගල් සෑදීමේ රෝගයට ගොදුරු වෙන්න පූළුවන්.



    ශරීරය තුළ මෙවැනි රෝග තත්ත්වයක් තිබෙන විට හට ගන්නා රෝග ලකෂණ මොනවාද?

    සාමාන්‍ය මූත්‍රා ආසාදනයක දී හට ගන්නා රෝග ලකෂණ දක්නට ලැබෙනවා. උණ ගැනීම, ඇඟ ශීතල වීම, මූත්‍රා පහවීමේ දී වේදනාව හටගැනීම වැනි ලකෂණ අතරට විශේෂ ලකෂණ කීපයක් ද දක්නට ලැබෙනවා. එයින් යටි බඩ පෙදෙසේ අධික වේදනාව විශේෂයෙන් දකින්නට ලැබෙනවා, මේ වේදනාව හටගත් විට රෝගියාට කෙළින් වී සිටින්න හරිම අමාරුයි. ඊට අමතර ව මූත්‍රා සමඟ ලේ පිටවීමක් ද සිදු විය හැකියි.



    මූත්‍රා ගල් සෑදෙන ස්ථාන කීපයක් තිබෙනවා ද? නැත්නම් එකම ස්ථානයක ද හැදෙන්නේ?


    මූත්‍රා ගල් වකුගඩූවේ, මූත්‍ර ප්‍රණාලයේ ආරම්භ වන ස්ථානයේ තිබෙන පිරමීඩයක් වැනි කොටසේ, මූත්‍ර මාර්ගය ඇතුළේ, හා වකුගඩූවේ පටක ඇතුළේ යන ස්ථානවල ඇති විය හැකියි.



    මූත්‍රා ගල් හඳුනාගන්නා ක්‍රම මොනවාද?

    ශරීරයේ බාහිර ලකෂණවලින් අපි කලින් කිව් ආකාරයට හඳුනා ගන්න පූළුවන්. ඒ හැරුණාම එක්ස් කිරණ පරීක්ෂණවලින් හඳුූනා ගන්නත් පූළුවන්. එහෙත් එක්ස් කිරණ පරීක්ෂණයෙන් හඳුනාගන්න පූළුවන් වන්නේ සෙන්ටි මිටර 2ට වඩා විශාල ගල් පමණයි. කුඩා ගල් හඳුනාගන්න අපහසූයි. ස්කෑන් පරීක්ෂණ මගිනූත් හඳුනාගන්න පූළුවන්.


    සෙන්ටි මිටර 2ට වඩා කුඩා ගල් හඳුනාගන්න අපහසූ වීමට හේතු මොනවාද?


    ප්‍රධාන හේතුව තමයි මූත්‍රාගල්වල තිබෙන කැල්සියම් සාන්ද්‍රණය. කැල්සියම් සාන්ද්‍රණය අඩූවෙන් තිබෙන කුඩා ගල්වලින් එක්ස් කිරණ විනිවිද යන නිසා එවැනි ගල් එක්ස් කිරණ පර්යේෂණ මඟින් හඳුනාගන්න අපහසූයි.


    මෙම ගල් ඉවත් කිරිමට යොදා ගන්නා උපක්‍රම මොනවාද? ඖෂධවලින් කළ හැකි ද?


    ඖෂධවලින් බොහෝ විට වේදනාව අඩූ කිරීමක් තමයි කරන්නේ. සාර්ථක ප්‍රතිකර්මය ශල්‍යකර්ම මඟින් ගල් ඉවත් කිරීමයි. මූත්‍ර ප්‍රනාලවල තිබෙන ගල් ගෝලාකාර ස්වභාවයක් ගන්නා බැවින් පහසූ ශල්‍යකර්මයකින් ඒවා ඉවත් කළ හැකියි. වකුගඩූවේ හෝ මූත්‍රාශයේ හෝ මූත්‍රා ප්‍රනාලයේ හෝ තිබෙන කුඩා ගල් අති ධ්වනි තරංග ආධාරයෙන් පූපූරවා කුඩූ කර ශල්‍යකර්මයෙන් ඉවත් කරනවා.



    එහෙත් වකුගඩූවේ තිබෙන විශාල ගල් අති ධ්වනි තරංග මඟින් හෝ වෙනත් සරල ක්‍රමවලින් ඉවත් කරන්න අපහසූයි. වකුගඩූවේ අතු බෙදුණූ ගල් ඉවත් කිරිමට පෙර රෝගියා ගේ වකුගඩූව ඉවත් කිරිමට සිදු විය හැකි බවට පවා අනූමැතිය ලබා ගන්නවා. එයට හේතුව තමයි අතු බෙදුණූ ගල් ඉවත් කිරීමට යෑමේ දී වකුගඩූවට හානි සිදුවීම. මේ බව රෝගීන් දෑන සිටීම ඉතාමත් වැදගත්. බොහෝ දෙනා සිතන්නේ වකුගඩූවේ ගල් ඉවත් කිරීමට වකුගඩූව ඉවත් කරනවා කියලයි. බොහෝ විට එසේ වන්නේ නෑ. වෛද්‍යවරු හැකි උපරිම මහන්සියක් ගන්නවා වකුගඩූවට හානි සිදු නොකර ගල ඉවත් කිරීමට. එසේ නොහැකි වූ විට වකුගඩූව ඉවත් කිරීමට සිදු වෙන නිසයි අනූමැතිය ලබා ගන්නේ.



    මූත්‍රා ගල් ඇති විට අධික වේදනාවක් ගෙන දෙනවා. එම වේදනාව සමහර විට නැති වී යනවා. එයට හේතුව කුමක් ද?


    මූත්‍රා ගල් මූත්‍ර ප්‍රනාලය දිගේ පහළට එන විට අධික වේදනාවක් ගෙන දෙනවා. එයට හේතුව තමයි මූත්‍ර ප්‍රනාල ඉතා සියූම් පටකවලින් යූක්ත වීම. ගල් නිසා පටක තුවාල වීම අධික වේදනාවට හේතුවයි. මද වේලාවක් හෝ වේදනාවක් ගෙන දී නැති වීමට හේතුව, වේදනාවක් ගෙන දෙමින් මූත්‍රා ප්‍රනාලය දිගේ පැමිණි ගල මූත්‍රාශයට ඇතුළු වීමයි. මෙයින් පසූ මූත්‍රා ගල වර්ධනය වෙනවා.



    මූත්‍රා ගල්වල තිබෙන ප්‍රධාන රසායනික ද්‍රව්‍ය මොනවාද?

    කැල්සියම් කාබනේටි. දිගු කලක් හොඳින් වර්ධනය වූණූ ගල් ඉතා දෑඩියි, ඝනයි. එයට හේතුව තමයි ඒවායේ කැල්සියම් කාබනේටි බහූල ව තැන්පත් වී තිබීම.


    මෙවැනි රෝගවලින් බේරීමට ඔබ දෙන උපදේශය කුමක් ද? ගන්නා ආහාර හේතු වනවා ද?

    මේ ගල් ඇතිවිමට ගන්නා ආහාර හේතු වනවා කියලා හරියට ම කියන්න බෑ. මූත්‍රාවල සාන්ද්‍රණය තමයි ප්‍රධාන ම හේතුව. එකම පවූලේ එකම ආහාර ගන්නා දෙදෙනෙකු ගෙන් එක් අයකු ගේ පමණක් ශරීරයේ මූත්‍රා ගල් හට ගැනීම සිදුවිය හැකියි. එයට ප්‍රධාන හේතුව තමයි ශරීරයේ ස්වභාවය හා මූත්‍රාවල සාන්ද්‍රණය වැඩි වීම. රසායන ද්‍රව්‍ය තැන්පත් වීමේ ස්වභාවය ශරීරයේ වැඩි නම් මූත්‍රාගල් ඇති වීමේ ප්‍රවනතාව වැඩියි.



    ගල් ඇතිවීමට පෙර හා පසූ කළ යූතු දේ කුමක් ද?


    මූත්‍රා ගල් තිබූණත් නොතිබූණත් කළ යූතු දේ තමයි ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම. උෂ්ණාධික රටක් වන ශ්‍රි ලංකාවේ වෙසෙන අපට අධික ජල පානයක් අවශ්‍ය වෙනවා. අධික ජල පානයක් කරන විට මූත්‍රාවල සාන්ද්‍රණය අඩූ වෙනවා. එසේ වූණා ම මූත්‍රා ගල් ඇතිවිම අඩූ වෙනවා.



    මූත්‍රා ගල් ඇති වූ පසූ රෝග ලකෂණ පහළ වන විට වෛද්‍යවරුයකු හමූ වී ප්‍රතිකාර ගත යූතුයි. වෛද්‍යවරයා තීරණය කළොත් ශල්‍ය කර්මයක් කිරීමට එය කළ යූතුයි. ශල්‍ය කර්මය හැර වෙන කිිසි ප්‍රතිකර්මයක් නෑ.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    http://www.sinhalamag.com/2011/12/blog-post_4836.html
    මූත්‍රා ගල් ඇති වූ පසූ රෝග ලකෂණ පහළ වන විට වෛද්‍යවරුයකු හමූ වී ප්‍රතිකාර ගත යූතුයි. වෛද්‍යවරයා තීරණය කළොත් ශල්‍ය කර්මයක් කිරීමට එය කළ යූතුයි. ශල්‍ය කර්මය හැර වෙන කිිසි ප්‍රතිකර්මයක් නෑ.

    අති ධ්වනි තරංග මගිනුත් මුත්‍රාගල් අයින් කරන්න පුලුවන් නමුත් ප්‍රමාණයෙන් කුඩා නම් පමණයි.
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    අති ධ්වනි තරංග මගිනුත් මුත්‍රාගල් අයින් කරන්න පුලුවන් නමුත් ප්‍රමාණයෙන් කුඩා නම් පමණයි.

    ehema hadena gal diyakarala hari tharanga magin kuda kabali bawata path kerala sharirayen pita keranna puluwan:yes: