මූදු_පතුල_යට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා‘

පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමා ‘මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා-මගෙ දෝතට පුතු ආවා‘
මේ ගීතයේ සරල අර්ථය දරු නැළවිල්ලක් විදිහට පෙනුණත් ඒක අනියම් ඇසුරකින් ලබන මව් පදවියක් ගැන කියැවෙන සංකීර්ණ අර්ථයක් තියන ගීයක් බව දන්නෙ ටික දෙනයි. 1962දී ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු‘ නමැති වේදිකා නාට්‍යයේ තමා එම ගීය ගායනය වන්නේ.

මුහුදු රස්සාව කරන සැමියා සමග කසාද බැඳ කාලයක් යනතුරුත් දරුවන් නොලද නිසා බිරියක සමාජයෙන් ගැරහුම් ලබනවා. දරුවන් ලබන්නට බැරි වඳ කාන්තාවක්ය කියා සමාජය විසින් කොන් කළ ඇය එම අභියෝගය ජයගන්නට උපායක් කල්පණා කරනවා. සැමියා සහ ඥාතීන් දරුවා ලබන්නට විවිධ භාර හාර වෙන අතරේ සැමියාගේ මල්ලී සමග ඇය කතරගම ගොස් භාරයක් වෙන්නට සූදානම් වෙනවා. මුහුදු රස්සාවේ යායුතු නිසා සැමියාට එයට එක්වන්නට බැරිවෙනවා.

mudu-300x144.jpg

Milin86

Active member
  • Jan 4, 2017
    89
    26
    28
    "මූදු පතුල යට ඉඳලා
    මුතු කැටයක නිදිකරවා
    පෙණ කැටියක පා කරලා
    මගෙ දෝතට පුතු ආවා

    සුදු පාටින් පහන් තරුව
    දුර අහසේ දිලිහෙනවා
    සුදු පාටින් ටිකිරි හිනා
    පුතුගෙ මුවින් ගිලිහෙනවා

    වෙරළෙන් කිරි කවඩි සොයා
    කෙනෙක්‌ පුතුට ගෙන එනවා
    තවත් කෙනෙක්‌ පාට පාට
    පබළු කඩෙන් ගෙන එනවා
    ඒ කවඩියි - මේ පබළුයි
    එක නූලේ අමුණනවා
    ඒවායින් හවඩි සදා
    පුතුගෙ ඉණේ පළඳිනවා..."

    වඳ ගැහැනියක සේ ගමේ ගැහැනුන්ගේ කතාබහට ලක්‌ව සිටි, සරාට දරුවකු ලැබෙන්නේ ඇගේ සැමියා (තේගිරිස්‌) ගේ සොහොයුරා සමඟ කතරගම වන්දනාවට ගොස්‌ පැමිණීමෙන් පසුවය. සරා තම පුතු තොටිල්ලෙන් දොaතට ගෙන පවසන්නී, පුතු මූදු පතුල යටින්, මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පා කරලා ඈ දොතට වැඩියාය කියාය. මූදු පතුල යට වූ මුතු ඇටයක පුතු නිදි කරවා පෙණ කැටියක පා කොටයි, සරාගේ දොaතට පුතු වඩින්නේ. මූදු පතුල මුතු ඇටය, පෙණ පිඬු ආදී වදන් මුහුද ආශ්‍රිත චිත්තරූප මවයි. සේකර කවියා ඉතා අපූරුවට ධීවර ජීවිතයේ වස්‌තූන් තම ගේය සංකල්පනාවට මුසුකර ගනී. සුදු පාටින් පහන් තරුව - දුර අහසේ දිළිහෙනවා... පහන් තරුව ධීවරයන්ට මග පෙන්වන තාරකාවයි. සරා කතරගම ගොස්‌ සිය සැමියාගේ සොහොයුරා (දියෝනිස්‌) සමඟ තනි වූ රාත්‍රියේ ගලප්පත්ති හා සේකර පහන් තරුව පිළිබඳ මෙසේ පවසති.

    දියෝනිස්‌( ඒක නෙවෙයි මූද මතක්‌ වුණේ නිතරම මූදෙදි දකින දෙයක්‌ දැකලා.

    සරා( මොකක්‌ද ඒ.

    දියෝනිස්‌ : (ඉදිරිපස අහස පෙන්වා) අර - දේවාලෙ පියස්‌සට උඩින් මඩමට දකුණු පැත්තෙන් ආකාසෙ

    සරා : (ඒ දෙස බලා) වළාකුලක්‌ විතරයි මට පේන්නෙ.

    දියෝනිස්‌( වළාකුලට උඩින්

    සරා( තරුවක්‌

    දියෝනිස්‌( ඔව් ඒක තමයි පහන් තරුව

    සරා( ඉතින් ඕක දැකලයි මූදට හිත ගියේ මල්ලිගේ?

    දියෝනිස්‌( ඔය තරුව මට හොඳට පුරුදුයි. ඕක පායනකොට මට ඇහැ ඇරෙනව."

    දුර අහසේ සුදු පාටින් දිළිහෙන පහන් තරුව සරාගේ දරු සම්පතෙහි අපේක්‍ෂාව වේ. ඒ පහන් තාරකාව සරාගේ දෝතෙයිය. සුදු පාටින් ටිකිරි හිනා ඈ පුතු මුවින් ගිලිහෙයි. පුතුගේ පියා පහන් තාරකාව සරාට පෙන්වූ දියෝනිස්‌ ම නොවේදැයි ප්‍රේක්‍ෂකයන්ට සිතේ.

    සරාගේ දරු පැටියාට පියවරු දෙදෙනෙක්‌ සිටින බව දන්නී ඈ පමණි. තේගිරිස්‌ නීත්‍යානුකූල සැමියා වුවත්, ඔහුගේ සොහොයුරාගෙන් ඇයට පුතු ලැබුණු බව නාට්‍යය විකාශනය වීමේදී පැහැදිලි වේ. මෙහිදී සේකර කවියා සරාගේ මුවට නංවන්නේ, නාමික පියා මෙන්ම දරුවාගේ සැබෑ පියා ද පුතුට ආදරය කරන බවයි. එකී ආදරය කුළුගැන්වීමට, ඔවුන් දෙදෙනාම පුතුට තෑගි බෝග ගේන බව ගීත රචකයා පවසයි.

    එහෙත් ඒ තෑගි බෝග එකිනෙකට වෙනස්‌ය. එකෙකු ගෙන එන්නේ වෙරළින් අහුලා ගත් කිරිකවඩිය. අනෙකා වෙළඳපොළෙන් ගත් පාට පාට පබළු ගෙන එයි. එහෙත් සරා ඔවුන් දෙදෙනාටම ආදරය කරන්නීය. එනිසාය ඈ වෙරළින් අහුලාගෙන එන කවඩිත්, කඩෙන් මිලට ගත් පබළුත් එක නූලක අමුණා තම පුතුට හවඩි සදා ඉණ පළඳින්නේ. ස්‌වාමිභක්‌තිය හා දරුවාගේ සැබෑ පියා කෙරෙහි සරා සිත්හි උපන් ආදරය අතර දොaලනය වූ හැඟුම් කූටප්‍රාප්ත වන්නේ පබළු ද කවඩි ද එක හූයක අමුණා පුතු ඉණෙහි බැඳීමෙනි.

    මූදු පතුල යට ගීතයෙහි එන වදන් සියල්ල හූයක ඇමිණූ මුතු පේළියක්‌ සේ, අරුතින්, ගීතවත් බවින් දිදුලයි. එක්‌ එක්‌ නිෂ්පාදනවලදී මේ ගීතය වේදිකාව මත සරාගේ චරිතය රඟපෑ නිළියන් හා ගායිකා කණ්‌ඩායම් විසින් ගායනා කොට ඇතිමුත්, අපට ගුවන් විදුලියෙන් එදා සිට අද දක්‌වාම ඇසෙන ගීතයෙහි හඬ මාධූර්යය, සතු වන්නේ නිමලා බාලසූරියට හෝ නන්දා මාලිනීට පමණි. ඇල්විටිගලයන්ගේ අපූරු ගී තනුව හා ජයතිස්‌ස අලහකෝන්ගේ සංගීත මෙහෙයුම, සේකරගේ අර්ථාන්විත ගේය පද සංකල්පනා අලුයම පායා එන පහන් තාරකාවක්‌ ලෙසින්ම ශ්‍රාවක හදවත් දයාවෙන්, සෙනෙහසින් පුරවාලන, රඟමඬල මිහිsරි ගීයක්‌ බවට පත්කොට සිටී.
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    50KG muge Fake account eka me... Milin86 ekenma log wela maru wela account deken tread eka dala....
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    TFS