මූසල ජයග්‍රහණය

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මූසල ජයග්‍රහණය

    ආණ්‌ඩු පක්‍ෂය මේ වන තෙක්‌ කිසිම දේශපාලන පක්‍ෂයක්‌ ලබාගත නොයුතු තරමේ ජයග්‍රහණ ලබා ගෙන ඇත. එජාපයේ නාගරික බලකොටු සියල්ලම පාහේ සුනු විසුනු කිරීමට ඔවුන්ට මෙවරත් හැකිවිය. නමුත් ආණ්‌ඩුව පිරිහීමේ ලකුණු මේ ජයග්‍රහණය තුළින්ම සනිටුහන් වී ඇත. ආණ්‌ඩු පක්‍ෂයේම දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යැමත්, දුමින්ද සිල්වා අසාධ්‍ය තත්ත්වයේ සිටීමෙනුත් මිනිසුන්ට මේ ආණ්‌ඩුව එපාවෙන තැනට කටයුතු සැලසී ඇත. මේ ආණ්‌ඩුවෙන් ලැබුණු යුද ජයග්‍රහණය, විශාල සංවර්ධන ව්‍යාපෘති හා ආර්ථික දියුණුව යන සියල්ල අභිබවා මේ මුග්ධ මැරකම ඉස්‌මතුවී ඇත. මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීම කිසිදු ප්‍රයෝජනයක්‌ ඇති දෙයකට සිදුවූ වෙඩි තැබීමක්‌ නොවේ. අඩුම තරමේ ඡන්ද පෙට්‌ටියක්‌වත් පිරවීමට ගොස්‌ වෙඩි තබා ගත්තේ නම් එය වෙනම කතාවකි. නමුත් මෙය හුදෙක්‌ම චණ්‌ඩි කමට "සෙකන්ඩ් වෙන්න" බැරිකමට සිදුවූ දෙයකි. මේ මැරකම් හා චණ්‌ඩිකම්වලට ජනාධිපතිතුමාම මැදිහත්වී තිත තැබිය යුතුය. මර්වින් සිල්වා, රූපවාහිනි කැමරා ගෙන්වාගෙන රටටම පේන්න චණ්‌ඩි පාට්‌ දැමීමත් නතර විය යුතුය. එසේ නොවූවොත් සිදුවන්නේ මැර ආණ්‌ඩුවක්‌ නොවන වත්මන් ආණ්‌ඩුවට නිකරුනේ මැර ලේබලය ඇලවීමයි. මිනිසුන්ට ආණ්‌ඩුව එපා වන්නේ ඔය දේවල්වලිනි. මේ තරම් නිර්මාණශීලී ආණ්‌ඩුවක්‌ කීප දෙනෙකුගේ ගොන්කම් නිසා පිරිහීමට ලක්‌වීම කිසිවකුටත් පිළිගත හැකි දෙයක්‌ නොවේ. භාරතගේ මරණයෙන් මුළු රට පුරාම මූසල ගතියක්‌ පැතිර ගොස්‌ ඇත. ලැබූ ජයග්‍රහණයවත් හිතට එකඟව බුක්‌ති විඳිය නොහැකි තැනට ආණ්‌ඩු පක්‍ෂයේ මිනිසුන් පත්වී ඇත. මේ මැරකම් හා චණ්‌ඩි පාට්‌ සිදුවන්නේද අඩුම වශයෙන් නැති වන්නට යන බලයක්‌ රැක ගැනීමට ගන්නා උත්සාහයක්‌ තුළවත් නොවේ. මේ නිකන්ම තමන්ට ඇති බලයෙන් ඔලුව උදුම්මවා ගත් මෝඩයින් පිරිසකගේ හැසිරීමකි. දැන් සිදුවන්නේ විපක්‍ෂයට කරගත නොහැකි දේ ආණ්‌ඩු පක්‍ෂයේම ගොන්නු ටික ඉටුකරදීමයි.

    ආණ්‌ඩුව පිරිහීමේ ලකුණු මේ ජයග්‍රහණය තුළින්ම සනිටුහන් වී ඇත. ආණ්‌ඩු පක්‍ෂයේම දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යැමත්, දුමින්ද සිල්වා අසාධ්‍ය තත්ත්වයේ සිටීමෙනුත් මිනිසුන්ට මේ ආණ්‌ඩුව එපාවෙන තැනට කටයුතු සැලසී ඇත. මේ ආණ්‌ඩුවෙන් ලැබුණු යුද ජයග්‍රහණය, විශාල සංවර්ධන ව්‍යාපෘති හා ආර්ථික දියුණුව යන සියල්ල අභිබවා මේ මුග්ධ මැරකම ඉස්‌මතුවී ඇත.
     
    • Like
    Reactions: gcj

    pissumalli

    Member
    Apr 16, 2011
    12
    2
    0
    සහතික ඇත්ත ! මෝඩ රිලව් ටිකක් වට කරගෙන රජා නාගන්න තමා හදන්නේ !
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කොහෙන් ගියත් ජන්ගි කේස් එකක් තියෙනවා නේ බන්. මුන් මරා ගත්තෙ ගෑනියෙක් නිසානෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්ත මචන්.. මොන ස0වර්ධනයක් කලත් මේ වගේ දේවල් වෙනකොට ආණ්ඩු එපා වෙනවා..