මූ අපේ මුචලින්දයානේ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මූ අපේ මුචලින්දයානේ

    'මූ අපේ මුචලින්දයානේ.....' වෙන්ඩ වීඅයිපී ගණිත ගුරු දිනේෂ් අමරතුංග ඉංජිනේරු නීතීඥ පට්ටම් කියා කෙබර ගසා ඇති බව සබරගමු කැම්පස් බැච් මේට් කෙනෙකු කළ හෙළිදරව්ව



    පසුගියදා කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදුන් ආරක්ෂක නිලධාරි කණ්ඩායම සමග ප්‍රභූ වේශයෙන් පෙනී සිටි දිනේෂ් නුවන් අමරතුංග නමැති ගණිත ගුරුවරයා මේ වනවිට අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ පසුවේ.
    ඔහු තමන්ගේ සුදුසුකම් ලෙස ෆේස් බුක් ඔස්සේ දන්වා තිබුනේ නීතීඥයෙකු,ඉංජිනේරුවරයෙකු හා පේරාදේණි සරසවි කථිකාචාර්යවරයෙකු ලෙසිනි. ඔහු ලන්ඩන් හා පේරාදෙණි විශ්ව විද්‍යාල වල ඉගෙන ගත් බවද දක්වා තිබුණි.
    කෙසේ වෙතත් මෙම පුද්ගලයාට එවැනි සුදුසුකම් තිබීම සැක සහිත බවත් තමා දන්නා පුද්ගලයා සබරගමු විශ්ව විද්‍යාලයේ තමා සමග එකට ඉගෙන ගත් 'ශ්‍රී මුචලින්ද අමරතුංග ' නමින් බැචාලා හැඳින්වූ පට්ට කෙබර ගසන සක්විත්තා බවත් ඔහුගේ සමකාලීන සරසවි මිතුරෙකු හඳුන්වා තිබේ.

    ඒ කාලයේ සිටම ඔහු කූඨ ලේඛන සැදීම, පොලු තැබීම, ඉහළ තැන් වල රස්සා කරන බවට බොරු කීම සිදු කළ බවත් උපකුලපතිගේ අත්සන හොරට ගසා වසර 3 ක පංති තහනම්වූ අයෙකු බවත්

    ශ්‍රී නුවන් පදනම නමින් සංවිධානයක් පිහිටුවා සහනාධාර ක්‍රමයට පරිගණක අලෙවි කරන ප්‍රෝඩාවක් සිදු කරගෙන ගිය බවත්

    ඇමති ආරක්ෂකයින් ලෙස පුද්ගලික ආරක්ෂකයින් කිහිප දෙනෙකු අන්දවා තමා සමග ගමන් කිරීමට සලස්වා සිටීමට එකල සිටම ආසාකළ අයෙකු බවත් මෙම මිතුරා හෙළි කර තිබේ.
    ෆේස් බුක් වෙත එක්කර තිබූ එම සම්පූර්ණ සටහන පහත පරිදිය.
    f1.jpg
    f2.jpg


    67248466_2565227016862251_4473316878118289408_o.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    When this bloke being cross examined in the courts, everything will be revealed. Since he has to answer under oath, he must tell the truth.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Mono Kabbekda bn mu.... accident eken passé Dane mehema siko case ekak innawa kiyala... attama dan dan lankawe 1/2 wage mole awul... siraawatama