මෙක අැත්ත සීන් ඒකක්ද?
තිස් දෙහැවිරිදි සුනිල් හේමචන්ද්‍ර අපරාධ පසුබිමකට හිමිකම් නොකී කුලියට රබර් කිරි කැපීමෙන් දිවි ගෙවූ හොරණ ප‍්‍රදේශයේ දිවි ගෙවූ අහිංසක පුද්ගලයෙකි. ඔහු ජීවත් වූයේ සිය අම්මා හා අම්මාගේ සහෝදරිය, පුංචි අම්මා නැවතුම් ගෙන සිටි නිවසේය.
සුනිල් 2003 ජූනි මාසයේදී ජාතික ලොතරැුයි මණ්ඩලයේ ලොතරැුයියක් මිලදී ගත්තේය. එම ලොතරැුයිය තමන්ට ඇදී තිබෙන බවත්, ඊට හිමි තෑගි මුදල රුපියල් ලක්ෂ 30ක් (3,003,100) බවත් ඔහු පසුදිනක දැනගත්තේය. පොලිසිය සමග දැනහැඳුනුම්කමක් තිබූ ප‍්‍රදේශයේ ලොතරැයි ඒජන්තවරයා, මොරගහහේන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු සමඟ සුනිල්ගේ නිවසට පැමිණ පොලිසියේ ආරක්ෂාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් සුනිල් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේ නැත.
සුනිල්ට ජාතික හැඳුනුම් පතක් නොතිබුණේය. ඒ නිසා ලොතරැයියේ තෑගි මුදල භාරගැනීමේ වගකීම ඔහු තමන්ගේ පුංචිඅම්මා වෙත පැවරුවේය. 2003 ජුනි 04 වැනි දින සුනිල් සිය පුංචිඅම්මා හා ප‍්‍රදේශයේ ලොතරැුයි ඒජන්ත සමග තෑගි මුදල් ලබාගැනීම සඳහා කොළඹ ජාතික ලොතරැුයි මණ්ඩලයට ආවේය. එහිදී පුංචිඅම්මා නමට කොල්ලූපිටියේ ලංකා බැංකු ශාඛාවෙන් මාරුකර ගැනීම සඳහා ඉහත කී මුදල අඩංගු චෙක්පතක් ලැබුණේය. බැංකුවට ගොස් පුංචිඅම්මා නමට ගිණුමක් අරවා ගෙන සුනිල් තෑගි මුදලින් ලක්ෂ 21ක් ලබා ගත්තේය. ඉන් ලක්ෂ 12ක් වියදම් කොට සුනිල් වෑන් රථයක් මිලදී ගත්තේය. ඉන් දින කිහිපයකට පසුව පුංචිඅම්මාගේ දියණිය නමට ත‍්‍රීවිලර් රථයක්ද මිලදී ගෙන දුන්නේය.
2003 ජූලි 21 වැනිදා මොරගහහේන පොලිසියේ පොලිස් කණ්ඩායමක් සුනිල් සොයාගෙන ඔහු පදිංචි නිවසට ආවේය. ඔහු ඒ අවස්ථාවේදී ගෙදර සිටියේ නැත. සුනිල් තමන්ට ලැබුණු තෑගි මුදල වියදම් කළාදැයි එක් පොලිස් නිලධාරියෙක් සුනිල්ගේ පුංචිඅම්මාගෙන් විමසුවේය. ඇතිකරගෙන තිබෙන සතුට බොහෝ කල් නොපවතිනු ඇතැයි එම පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කර තිබෙන අතර සුනිල්ට මොරගහහේන පොලිසියට පැමිණ වාර්තා කරන ලෙසද දැනුම් දී තිබේ.
එදිනම සුනිල් තම වාහනයේ රියදුරා ලෙස සේවය කළ චානක දිනේෂ් කුමාර හා ලොතරැුයි ඒජන්තගේ පුතා සමග මොරගහහේන පොලිසියට ගියේය. පොලිසියට කරන සහයෝගයක් වශයෙන් කිසියම් මුදල් ප‍්‍රමාණයක් දිය හැකිදැයි උපපොලිස් පරීක්ෂකවරයා සුනිල්ගෙන් විමසීය. ලොතරැුයිය ඇදුණේ තමන්ට නොව තම පුංචිඅම්මාට බව සුනිල් කීවේය. හොරණ විද්‍යාරත්න පන්සලේ පවත්වන උත්සවයක් සඳහා රුපියල් 25,000ක ආධාරයක් දියහැකිදැයි ඉන්පසු අසා තිබේ. එම ඉල්ලීම ඉටුකළ හැකි බව පවසා සුනිල් පොලිස් ස්ථානයෙන් පිටවී සිය නිවසට පැමිණ තිබේ.
දිනුම නිසා සිදුවූ මරණය
එදින රාත‍්‍රියේ එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් පස්දෙනෙක් ඔහු නැවතී සිටි නිවසට පැමිණියෝය. එහි තිබූ කාමරයක නිදාගෙන සිටින සුනිල් හඳුනාගෙන ඔහුගේ හිසටද ඔහුගේ ශරීරයේ අන් තැන්වලටද පහර දුන්නෝය. ඉන්පසු සුනිල් හා ඔහු සමග සිටි චානක (රියදුරා) අත්අඩංගුවට ගෙන ජීප් රථයට නංවා ගත්තෝය. පොලිස් ස්ථානයට එන අතර එහිදීද ජීප්රථය තුළ සිටින සුනිල්ගේ හිසට හා උදරයට බිහිසුණු ලෙස පහර දුන්නෝය. සුනිල් සමග සිටි චානක සුනිල්ට පහර නොදෙන ලෙස ඉල්ලා සිටි විට ඔහුගේ මුහුණටද පහර දුන්නෝය.
පොලිසියට ගෙනා පසු ඒ දෙදෙනා පොලිස් කූඩුවකට දැම්මෝය. එහි වෙනත් කිහිපදෙනෙක්ද සිටියෝය. එළිවන යාමය වනවිට සුනිල්ගේ තත්ත්වය බරපතළ අතට හැරී තිබුණි. ඔහුගේ නහයෙන්ද කටින්ද ලේ දමමින් තිබුණි. චානක සුනිල්ගේ බැරෑරුම් තත්ත්වය පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය. වෛද්‍යවරයකු කැඳවා හෝ වෛද්‍යවරයා වෙත ගෙනයනවා වෙනුවට සුනිල් සිරකූඩුවෙන් පිටතට ගෙන පොලිසියේ පස්ස පැත්තට ගෙන ගොස් ඔහුගේ මුහුණේ තිබෙන ලේ සෝදා දමන ලෙස පොලිස් නිලධාරියෙක් චානකට කීවේය. චානක එසේ කළත් ඔහු කටින් හා නහයෙන් ලේ යෑම නතර නොවූයේය. ඉන්පසු සුනිල් ලේ වමනය කරන්නට විය. එම පොලිස් නිලධාරියා චානක අතට පොල්ලක් දී සුනිල්ට වැළඳී ඇත්තේ අපස්මාරය නිසා එම යකඩ පොල්ල සුනිල්ගේ අතට දෙන ලෙස චානකට කියා තිබේ.
එදින අටට පමණ සුනිල්ගේ පුංචිඅම්මා පොලිසියට ආවේය. සුනිල්ගේ කටින් හා නහයෙන් ලේ ගලන බව දැක ඇය ඒ බව එහි සිටි පොලිස් නිලධාරියකුට කීවාය. ඔහු ඇයට බැණ වැදී එම ස්ථානයෙන් එලවා ගනිමින් ඔහුට වැළඳී ඇත්තේ අපස්මාරය බව ඇයට ඇසෙන ලෙස කීවේය. එදින 10ට පමණ සුනිල් හොරණ රෝහලට ඇතුළත් කළේය. එදිනම එම රෝහලේ කොස්තාපල්වරු දෙදෙනෙක්ද රෝහලේ සිටි සුනිල් වෙත පැමිණ කඩදාසි දෙකක මොකක් හෝ ලියාගෙන ඊට සුනිල්ගේ ඇඟිලි සලකුණුද ලබා ගත්තෝය.
සුනිල්ගේ තත්ත්වය බැරෑරුම් වීම නිසා ජූලි 24 වැනි දින සුනිල් කොළඹ ජාතික රෝහලට යවන ලදි. එහිදී මොළයේ සැත්කමක් කරන ලදුව විශේෂ සත්කාර ඒකකයේ තබාගෙන සුනිල්ට ප‍්‍රතිකාර කළේය. සුනිල් රෝහලේදී මියගිය බව ජුලි 26 වැනිදා සුනිල්ගේ මවට දැනුම් දෙන ලදි.
මරණයෙන් පසු නාටකය
මෙම නාටකය සුනිල්ගේ මරණයෙන් පසුද අවසන්වන්නේ නැත. ජුලි 23 වැනිදා සුනිල් ගැන පැමිණිලි කිරීම සඳහා ඔහුගේ පුංචිඅම්මා හොරණ සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට ගියේය. ඇයගේ පැමිණිල්ල සටහන් කරගැනීමක් සිදුවී නැති අතර ඇයට සහකාර පොලිස් අධිකාරිවරයා හමුවීමටද අවස්ථාවක් ලැබී නැත. සුනිල්ගේ මරණයෙන් පසුව ඇය චානක සමග මොරගහහේන පොලිසියට ගොස් සුනිල්ගේ මරණය ගැන පැමිණිලි කර තිබෙන අතර හොරණ සහකාර පොලිස් අධිකාරිවරයා ඔවුන්ගෙන් කටඋත්තරයක්ද ලබාගෙන තිබේ.
ඉන්පසු සුනිල්ගේ පුංචිඅම්මා සුනිල් පිළිබඳ සිද්ධිය පානදුරේ ජන සංසදයට පැමිණිලි කර තිබේ. එම සංසදය පොලිස් වදහිංසාවලට එරෙහිව හා වදහිංසාවන්ට ලක්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීම සඳහා රට පුරා ක‍්‍රියාත්මක වන කිසියම් දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ අරමුණු වෙනුවෙන් ප‍්‍රශස්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන සංවිධානයකි.
ජනසංසදය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සුනිල්ගේ පුංචිඅම්මාට ආධාර කළේය. ඊට අතිරේකව එම සංවිධානය සුනිල්ගේ අම්මා හා පුංචිඅම්මා පෙත්සම්කරුවන් කරමින් 2003 සැප්තැම්බර් 8 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කළේය.
2003 ජූලි 23 වැනිදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවියේ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සුනිල්ගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී මහේස්ත‍්‍රාත්වරයා සුනිල්ගේ පුංචි අම්මාගෙන්ද, චානකගෙන්ද සාක්ෂි ලබාගත්තේය. සුනිල් අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව මොරගහහේන පොලිසියේ පොලිස් පොත්වල සටහන් නොවන බවද මහේස්ත‍්‍රාත්වරයා සොයා ගත්තේය.
ජූලි 28 වැනිදා මෘත ශරීරාගාරයේ තිබුණු මළසිරුර පරීක්ෂා කිරීමේදී වෙනත් තුවාල අතර තට්ටමේ වම් පැත්තේ අඟලක තරම් තුවාලයක් තිබෙන බව මහේස්ත‍්‍රාත්වරයා හඳුනා ගත්තේය. මොරගහහේන පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් නිසා මහේස්ත‍්‍රාත්වරයා තමන්ගේ පරීක්ෂණය ජූලි 31 වැනිදා දක්වා කල් තැබීය.
2003 ජූලි 23 වැනි දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා සුනිල්ගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ වාර්තාවක් සකස් කළේය. ඔහු මාරාන්තික තුවාල 10ක් ගැන වාර්තා කළේය. එහෙත් මහේස්ත‍්‍රාත්වරයා අවධාරණය කර තිබූ තට්ටමේ තිබූ තුවාලය ගැන එම වාර්තාවේ සඳහන් නොවීය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මතය වූයේ මරණය කෙරෙහි ඔළුවේ තිබූ තුවාල නිසා ඇතිවූ කම්පනය බලපා ඇති බවය. එය ආයුධයකින් ඔළුවට එල්ල කළ දැඩි පහරක් නිසාද බූට්ස් දැමූ පාදයකින් එල්ල කළ පා පහරක් නිසාද, තල්ලූ කිරීම නිසා ඇතිවූ ඇදවැටීමක් හෝ හදිසියේ ඇතිවන බිම ඇදවැටීමක් හෝ ඇල්කොහොල් නිසා හෝ අපස්මාරය නිසා ඇතිවූ මූර්ඡුාවක් නිසාද සිදුවිය හැකි මරණයක් බවය.
ජූලි 31 වැනිදා පැවති මහේස්ත‍්‍රාත් පරීක්ෂණයට පොලිසිය තවත් සාක්ෂිකරුවන් ගෙනාවේය. මරණකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා පොලිසිය රැුගෙන ආ එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමට විරෝධය පළකරනු ලැබුවද එය නොසලකා මහේස්ත‍්‍රාත්වරයා ඔවුන්ගෙන් සාක්ෂි ලබාගත්තේය. ඔහු වැඩිදුර පරීක්ෂණය හොරණ මහේස්ත‍්‍රාත්වරයා වෙත යොමු කරන ලදි.
අගෝස්තු 08 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා නඩුව විභාගයට ගෙන මරණය සැකසහිත මරණයක් ලෙස තීන්දු කොට ඒ ගැන පරීක්ෂණයක් කොට සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන ලෙස පානදුර පොලිස් අධිකාරිවරයාට නියෝග කළේය.
2004 අපේ‍්‍රල් 29 වැනිදා නීතිපතිවරයා එම පරීක්ෂණය පිළිබඳව තීන්දුවක් ලබාදෙන ලදි. සුනිල්ට පහරදීම සිදුකර තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැති නිසා මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව නීතිපතිගේ තීරණය විය. නීතිපතිගේ එම තීරණය නිසා 2004 නොවැම්බර් 14 වැනිදා හොරණ මහේස්ත‍්‍රාත්වරයා නියම කළ පරීක්ෂණය අත්හිටුවන ලදි.
මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීම
ඊළඟ වැදගත්ම දේ සුනිල් වෙනුවෙන් 2003 සැප්තැම්බර්වලදී ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අවුරුදු හතකට ආසන්න කාලයක් විභාගයට නොගෙන සිට 2010 අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමය. ඒ දක්වා මේ සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමද කිසිදු පරීක්ෂණයක් නොකළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ මෙම මරණය විවිධ හේතු නිසා සිදුවිය හැකි බවය. සුනිල් බීමත්ව සිට අත්අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේදී පොලිසියට පහර දෙන්නට උත්සාහ කළ නිසා පොලිසියද පෙරළා ඔහුට පහර දුන්නා විය හැකි බවය. වෙනත් හේතු නිසාද එය වූවා විය හැකි බවය. ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම වැඩිදුර විභාගයට නොගෙන එය නිෂ්ප‍්‍රභ කළේය. ඉතා වැදගත් දේ එම අසාධාරණ තීන්දුව ලබාගැනීමටද අවුරුදු 7ක් තරම් දීර්ඝ කාලයක් බලා ඉන්නට සිදුවීමය.
source and read more
source and read more
-වික්ටර් අයිවන් විසිනි –