පාලම නම් පට්ට. ඔය විදියට ටික ටික දියුණු වෙන එකනම් ඇත්තටම හොඳයි. ඔය දේවල් අනිවා වෙන්න ඕන දේවල්. ඔය දේවල් වෙන අතර තුර තව දේවල් තියෙනවා එක එක අමාත්‍යංශ වලින් වෙන්න ඕන දේවල්. ඔය පාලම් පාරවල් හැදෙන එක මහාමාර්ග අමාත්‍යංශයට අයිති වැඩක් නේ... ඔය අතර තුර, අනිත් අංශත්, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, මිනිස්සුන්ගේ ආර්ථිකය එහෙම හැදෙන්න ඕන දේවල්... මහාමාර්ග අමාත්යංශය මහාමාර්ග හදන කොට අනිත් අමාත්‍යංශ වල එවුන් කරන්නේ රටේ පාරවල් පාලම් හැදෙනවා කියල, තමන්ට අයිති රාජකාරි වලින්, එක්කෝ යටි මඩි ගහනවා නැත්නම් වැඩ මග හරිනවා. මේ පාලම දැක්කම හිතට මාර හැංගීමක් ආව. ඔය වගේම අනිත් දේවල් දැකලත් අපිට සතුටු වෙන්න හැකිනම්....