ඔය ධනේෂ්වර ක්‍රමය නිසා තමයි උඹලට ඔහොම වුනේ, අපේ පන්තියට බලය ආපු ගමන් මේක සුරපුරයක් වෙලා උඹලට කිරියෙන් පැණියෙන් උතුරනවා.
76 වසරක් හොරාකාපු නිසා තමයි උඹලට ඔහොම වුනේ, අපි ආපු ගමන් හොරකම නැවතිලා මේක සුරපරයක් වෙලා උඹලට කිරියෙන් පැණියෙන් උතුරනවා.
දැන් ඔය දෙකම කියන්න බෑ. ඒ නිසා දූපතේ මෝඩයන්ට අලුත් හෝප් එකක් දෙන්න මෙන්න මෙහෙම අලුත් තුන්වෙනි කතාවක් දැන් කියනවා;
උඹලා ඉගෙන ගත්තු විශයන් නිසා තමයි උඹලට ඔහොම වුනේ; අපි මේ මොඩියුල් ටික වෙනස්කරලා දීපු ගමන් උඹලගේ ළමයින්ට අනාගතයේ කිරියෙන් පැණියෙන් උතුරනවා!
කොහොමද ටිකිරි මොළේ? දූපත්කාරයෝ ටික තුන්වෙනි ගුලියත් ලෙසටම ගිලලා ඉන්නෙ දැන්. ළමයා ලොකුවෙලා ලෝකය සමඟ තරඟයට එන්න තව අවුරුදු දහයක්වත් යන නිසා මේ ටික කාලේ ඒකෙන් ඇදගෙන යන්න පුළුවන්.
මේ අලුත් හෝප් එක ටිකක් සීරියස්. මේක පෙන්වලා පුළුවන් දූපතේ උන්ගේ අනාගත පරපුරෙන් ආගම දහම, ඉතිහාසය, සාහිත්‍ය අයින් කරවලා; එයාලට ඕන විශයන් ටිකක් ඔලුවලට ඔබ්බලා හීලෑ කරගන්න!
මමත් මේක හිතුන දෙයක්. ඉස්සර ගමේ කඩේ මුදලාලිට, business කාරයට වෛරකරන්න සමාජෙට ඉගැනුවට දැන් එහෙම කරන්න අමාරුයි. දැන් කඩේ මුදලාලිට, business කාරය වෙනුවට දේශපාලකය ආදේශ කරා. උබලගේ ඔක්කොම ප්ර්ශනවට හේතුව මුන් කියල. මේකත් දිගටම කරන්න බැරි වේවි.