Trigger finger වෙන්න ඇති. ඒ කියන්නේ මාපට ඇඟිල්ල නවන්න උදව් වෙන tendon එක උමඟකින් වගේ යන කවරින් එකක් තියෙනවා. නවන තැන ප්‍රදාහය වුනාම එතනදී tendon එක හිර වෙනවා. එතකොට කලින් වගේ smooth නවන්න බෑ. Trigger කියන්නේ නවනකොට එකපාරට ඔය පනිනවා වගේ එන සීන් එක නිසා. අම්මගෙන් අහල බලන්න පනිනවා වගේ දැනෙන්නෙ මාපට ඇඟිල්ලයි,අත්ලයි අතර තියෙන joint එකද කියලා. හොඳට නවලා දිග අරිද්දි මාපට ඇඟිල්ල දිගඇරෙන්න පරක්කු වෙනවා. උඹ අම්මට ඇඟිල්ල නවන්න කියලා ඔය joint එක අල්ලල බලපන්. ගැටයක් වගේ අහුවෙයි, නවනකොට ගැටේ පනිනව වගේ දැනයි එතකොට. බය වෙන්න එපා ප්‍රදාහය නවත්තන්න injection එක දෙන්නෙ. Surgery එකත් පොඩි cut එකක් දාන එක කරන්නෙ එතන release වෙන්න. පනිනවා වගේ දැනන නිසා කියල කිව්ව නිසා මේක කිව්වෙ, වෙන දෙයක් වෙන්නත් පුලුවන්. අනික injection ,surgery කතාව එන්නෙත් ඔය ලෙඩේට තමා. හරියට දැන ගන්න ඔය විදියට අල්ලල බලල කරන්න ඕනෙ.
View attachment 121697