මම ලඟදි remote place එකක තියන 4GB RAM අවරුදු කීපයක් පරණ core i5 machine එකක් setup කල.
එතකොට තම තේරුනේ antivirus වල වෙනස. අපේ powerful machine fast internet connection එක්ක resource wastage එක lag එක තේරෙන්නේ නැහැ.
bitdefender ගොඩක් ram/processor use කරනවා, application lag කරනවා. aluthen මුළු database එකම හෝ ලොකු කොටසක් දවසගානේ බානවා. Daily 200MB විතර data use කරනවා.
Kaspersky ඊට ගොඩක් අඩුවෙන් ram/processor use කරන්නේ. Daily 10MB වගේ අලුත් update ටික විතරය් බාන්නේ.
computer එකේ application open වෙන speed එක ගොඩක් වැඩි, resources ඉතුරුය්.
ෆ්‍රී එකේ පවා හෙන options ගොඩක් තියනවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට රෑ 12 පස්සේ night data වලින් විතරක් update download කරන්න, දවස් 2 කට පාරක් පමණක් update check කරන්න වගේ in-depth configure කරන්න පුළුවන්.
මම නම් කියන්නේ free එක දැම්මම හොදටම ඇති, සල්ලි ගෙවන්න ඕනෑම නැහැ. antivirus එකට අමතරව, internet security වගේ අවශ්‍ය සියලු දේ ෆ්‍රී එකේ තියනවා. එවලත් ගොඩක් option disable කරන්න, auto scan resource usage level වගේ බොහෝ දේවල් config කරන්න පුළුවන්. මම අවරුදු 10 කට වැඩිය Bitdefender පාවිච්චි කරලා ලඟදි Kaspersky free එකට මාරු උනා. පට්ට!