මෙත්පල් නිරිඳානෝ

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මෙත්පල් නිරිඳානෝ

    එකල්හි ලංකාපුරයේ අපමහා ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම රාජපක්සාභිධාන නිරිඳානෝ සිය දිවියේ සැඳෑ සමය භාවනායෝගීව ගතකරන්නෙමිහියි සිතා සිය අනුප්‍රාප්තික අමාත්‍යා වූ මෙත්පල් සිරිසන් තෙමෙ හට රාජ්‍ය භාර කර මන්දමූලන ගම්මානයට නික්මීමෙන් පසුවැ මහින්දෝත්තම රජුන් කළාක් මෙන්ම සශ්‍රීකත්වයෙන් මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරන්නාහුය… එක් රත්තී මුලකින් කෝප්ප 40ක් හදනා මිසිස් පෙරේරා මෙන් රාජ්‍යයේ ධනය ඉතිරි කරමින් පොදු ප්‍රවාහනයේ එල්ලී ගමන් කර , හන්දියේ සුමනක්කා ගේ කඩයෙන් වන්ඩු ආප්ප කා ප්ලේන්ටී බී සරලව රට පාලනය කළ නියාවෙන් රටවැස්සෝ එතුමාණෝ ව සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ගෞරවනාමයෙන් අමතන්නාහුය….
    මෙසේ මහින්දෝත්තම රජුගේ සමයේ නිදුක්ව සුවපත්ව කල් ගත කළ අණබෙරවේදීන්, දිසාපාමොක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, රගර් පන්දු ක්‍රීඩකයෝ ද මෙන් මෙකල්හිද සියලු සත්වයෝ නිදුක්ව නීරෝගීව සුවපත්ව කල් ගත කරන්නාහුය…

    මෙසේ සුඛිත මුදිතව ජනයා කල් ගෙවද්දී රටේ සදාචාරය සංස්කෘතිය ද වැවද
    දාගැබද ගමද පන්සලද රැක්මෙහි ද මෙත්පල් නිරිඳානෝ වැඩ කටයුතුම කරන්නාහුය…
    වරක් පරදේශයක සිට පැමිණි හෙන්දිරික් ඉලේපෙරුමාල් නැමැති ගායක තෙමේ නේක නැටුම් ගැයුම් සමගැ අගනුවර මන්මත්ව ගී ගයන්නට වන්නාහ… අප්පච්චී ගේ රැළියක් මෙන් කෝටි ගණන් ජනී ජනයාගෙන් ප්‍රසංග ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියාහුය..
    මින් රළ බේරේ වැවට රැස් වූහ… කොළඹ බල්ලෝ සිතියම් ලෙසින් සිටියෝය… මව් වරුන්ගේ ඇකයේ දරුවන් පියාගේ උරිස්සට වැටුණි… ඔහුගේ කඩවසම් පෙනුමට වශී වී වෙව්ලා ගිය තරුණ කාන්තාවන්ගේ තිසර පට

    ගැලවී වැටුණි…
    මෙය නම් මේ ධර්මද්වීපයට නොගැලපේමය.. අප මේ බැඳෙන්නේ අනිත්‍ය කාමයේමය.. නච්ච ගීත වාදන නම් අනිත්‍යයෝය… අප මෙත්පල් නිරිඳානන්ගේ ලංකාපුරය සභ්‍යත්වයේ රාජ්‍ය කිරීමේ වෑයමට අප සහය විය යුත්තෝමැයි කියා කෝප වූ තරුණියෝ සිය තිසර පට වලින්ම හෙන්දිරිකාණන්ට පහර දෙන්නට වන්නාහ…..!!
    මේ උතුම් තරුණියන්ගේ වීර ක්‍රියාදාමය දසත පැතිරෙන්නට වන්නාහ මෙය දුටු මෙත්පල් නිරිඳානෝ දණ්ඩෙන් පහර ලත් නාගයකු සේ කෝපාග්නියෙන් වික්ෂිප්ත ව ” මාගේ දේශයේ සංස්කෘතිය නම් 2500 ක් වටිනා පමුණුවෙන් ගත් රෙද්දක ඔතන ලද ඩේසි ආච්චිගේ මැණික් මල්ලක් මෙන් වටිනා එකකි… එය එක එක පරදේසක්කාරයන්ට විනාස කිරීමට නොදෙමියි හිටං ” යැයි සිංහනාද කර සිය නිල නිවස වූ පුලතිසිපුර කටු මැටි ගෙදර බිත්තියෙ කොන්ක්‍රීට් ඇණයක එල්ලා තිබූ මඩු වලිගය ගෙන අමරෙ මල්ලිගේ ත්‍රීවීලරයේ නැගී කොළම්තොට පැමිණ හෙන්දිරිකාගේ පශ්චාත්භාගය සත්කඩකට පැලෙන තුරු මඩු වලිගයෙන් ගසා ගෝල්පේස් පිට්ටනියෙන් පිටුවහල් කළාහුය….

    මෙසේ රටේ සදාචාරය රැක නිවුනු දැහැමි ධර්ම රාජ්‍යක් කරා ලංකාපුරය ගමන් කරන්නට වන්නාහ…

    මෙසේ බෙංගාල බොක්ක දෙසට ලංකාපුරය ගමන් කරමින් සිටින සමයේ දිනක් රාත්‍රියේ රටවැස්සන්ගේ සුවදුක් විචාරනු පිණිස වෙස් වලා ගත් “දොහොම් සිරිසන්” යුවරාජකුමාරණුවෝ අගනුවර සැරිසරන්නාහුය… අයිස් වතුරත් ෆ්‍රිජ් එකේ දමා පානය කරන සිය පියා මෙන් දැහැමි නිවුණු තැන්පත් මේ කෞමාරනුවානෝ මෙලෙස බෝ දන හිත සුව පිණිස සැරිසරන්නාහුය….

    මෙසේ එක් වීදියක ගමන් කරමින් සිටිනාතර විහිදෙන එළියක් දැක විපරම් ඇසින් බැලුවාහුය… අහෝ කිනම් විශ්මයක්ද… ධර්ම රාජ්‍යක් කරා ගමන් කරමින් සිටිනා ද්වීපයේ මේ නරිනාටක දැක ඔහුගේ හද ටැංකියෙන් ගොඩදැමූ ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් මෙන් ගැහෙන්නට විය…පුළුලුකුල ඇති අඩනිරුවත් ළඳුන් ඒ රාත්‍රී ශාලාව තුල නටති රඟති ගී ගයති…ගෝල්ඩ්ලීෆ් අත රඳවාගත් තරුණයෝ නාටිකාංගනාවන් සමග ආලිංගනයේ යෙදෙති… අත රැඳි ගෝල්ඩ්ලීෆ් නිසා ඔවුන්නම් මහා සිටුවරුන්ගේ පුතුන් බව යුවරාජකුමාරණුවෝ ගේ තියුණු නුවනැසට වැටහෙන්නාහුය… විවිධාකාර මත්පැන්‍ ය… ටැබා ය,කේජි ය.. වොඩ්කාය, රම් ය, බීර ය , ජොනී වෝකර් ය…. තරුණියෝ ද තරුණයෝ ද මත්වී කිටි කිටියේ බදාගෙන නටති….

    ” අයුක්තිය අසාධාරණය රජ කරන සමාජයක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින යුවරජෙක් නෙමෙයි මං ගමේ කොල්ලෙක් හංසමාලී… ” කියා සිංහනාද කර නිරිඳුන්ගේම අඩිපාරේ යමින් වහා එය නවත්වනු නියා ශාලාවට ඇතුල් වන්නට වන්නාහ…

    මේ අතරේ ශාලා ආරක්ෂක හැඩි දැඩි පුරුෂයෝ කුමාරණුවෝට බාධා කරන්නට වන්නාහ.. ප්‍රභාකරන් මෘගයා මැරීමට අවි අතට ගෙන නන්දිකඩාල් කැලයට පැන තනිව සටන් කළ මහින්දෝත්තම රජුන්ගේ යසෝසිතා කුමාරණුවන් මෙන් බඹ හතක් අහසට පැන එක පා පහරින් පුරුෂයෝ සොළොසක් බිම හෙළාහුය… වහා අගුලු ලා තුබූ පළිඟු ද්වාර කඩා තූ තූ කර මැරයන් අතරට පනින ලද රජිනි කාන්ත් මෙන් ආරක්ෂක පුරුෂයන්ට පහර දී මත් වී දිවි විනාසයේ කටට පැමිණියාහූ තරුණ තරුණියෝ මුදවා බන්ධනාගාරයෙන් පිටතට පැමිනි බැසිළානන් මෙන් අත වනා ආචාර කරන්නට වන්නාහ…

    මේ නම් පූරුවේ කරන ලද්දාහූ කුසකර්මාණුභාවයෙන් ලංකාපුරයේ ආනුභාවයට පහළ වූ කුමරුවෙකියි කියා රැස්ව සිටි ජනයා සාධුකාර දුන්නාහ…

    මෙයින් පසු රටවැස්සෝ ශාලාවේ ද්වාර “ක්ලොබ්” හඬින් කුඩු කර සදාචාරය රැකගත් හෙයින්
    ” ක්ලබ් දෝහොම් ” ලෙසින් කුමරුන් ආමන්ත්‍රණය කරන ලද්ධාහුය….

    “ක්ලබ් දෝහොම්” කතාවස්තුව නිමියේය..


    #අකලංකාරය
    – චමල් අකලංක පොල්වත්තගේ

    -සියළු හිමිකම් බ්ලොග්කරු සතුය. නෙලුම් යයෙන් ලබා ගන්නා ලදී මගේ නිර්මාණයක් නොවේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14642090_1130070657079593_8670533874026103628_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවසන මේ ක්ලබ් දොහොම් කුමරුවාගේ මහත් ආශ්චර්ය දැක හුදී සකලවිද ජනයා මෙයම අප පැතූ යහපාලනයයි සිතා අත් ඇදිලි කොට බැද මහා භාණ්ඩාගාරය දෙසට හැරී වැදහොත්තාහුය
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    අවසන මේ ක්ලබ් දොහොම් කුමරුවාගේ මහත් ආශ්චර්ය දැක හුදී සකලවිද ජනයා මෙයම අප පැතූ යහපාලනයයි සිතා අත් ඇදිලි කොට බැද මහා භාණ්ඩාගාරය දෙසට හැරී වැදහොත්තාහුය

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවසන මේ ක්ලබ් දොහොම් කුමරුවාගේ මහත් ආශ්චර්ය දැක හුදී සකලවිද ජනයා මෙයම අප පැතූ යහපාලනයයි සිතා අත් ඇදිලි කොට බැද මහා භාණ්ඩාගාරය දෙසට හැරී වැදහොත්තාහුය

    අායුෙබා් අාවඩා......
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    මෙය කියවීමෙන් ඉක්බිති මා හට මුඛයෙන් පමනක් නොව අධෝමුඛයෙන් ද සිනහ පහල වීම වළක්වා ගැනීම උගහටය. (මේක කියවද්දී මට පුකෙනෙත් හිනා යනවා බොලව්)
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අවසන මේ ක්ලබ් දොහොම් කුමරුවාගේ මහත් ආශ්චර්ය දැක හුදී සකලවිද ජනයා මෙයම අප පැතූ යහපාලනයයි සිතා අත් ඇදිලි කොට බැද මහා භාණ්ඩාගාරය දෙසට හැරී වැදහොත්තාහුය
    ශීලි පොයින්ට් ඔයා ශින්ගල පුළුවන් නේ..:D:D:D:D