මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඩකින් වැටිලා අතක් කකුලක් කඩාගනිං, නැත්තන් උලුක්කරගනිං
    ඊටපස්සෙ නංගිගෙ ගෙදරම ඉන්න පුලුවන්
    පොළේ යන්නේ නැත්තන් අම්මා එක්ක කෙන්යා ගැන රචනාවක් ලියපන්🤣🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.

    ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.

    මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.

    https://www.coursera.org/learn/javascript-basics

    React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.

    මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
    1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්
    2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට

    https://see.stanford.edu/Course/CS229

    උබේ js වැඩේට පොඩි දෙයක් ඕනේ නම් කියන්නම්. මම ඕනේ අලුත් දෙයක් ගැන හිතන විදිහ. දැන් අපි හිතමු js මම කිසිම දෙයක් දන්නේ නැ . ඒ උනාට මගේ ඉත්තවෙක් ඉන්නවා මේකේ උඩටම එන්න ඕනේ කියල. අපි කරන්නේ බිගිනර් කොස් එකක් කරන එක. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් කරන එක. මට එක උදාහරණයක් දෙන්න එහෙම කරලා js ලොකුම තැනකට ආපු? අපි යම් ප්‍රමාණයක් කරලා වැඩේ අහු උනා කියල හිතල නිකන් ඉන්නවා. එක්කෝ දීර්ග කාලීනව එක දිගට ඕක කරන්න වෙන්නේ නැ මොකද තව වැඩ තියන නිසා.

    මම ඕකෙන් සැහෙන්න එපා වෙලා හිටි නිසා දැන් කරන්නේ දෙයක් පටන් ගන්න ඉස්සල්ලා බලනවා එකේ උපරිම වැඩ කාරයෝ කල දේවල්. git එකේ තියනවා ඕනේ තරම් දේවල්. ඉතාමත් සරල උදාහරණයක් angular js ෆ්‍රේම් වරක් එක. කෙලින්ම එකේ git සෝස් එකට යන්න. නිකන් වංක ගිරියේ අතෑරියා වගේ නේ. කමක් නැ උබ දන්නවනේ මේක js වල යන්න පුළුවන් ලොකුම ලෙවල් එකකට ගිය එකක් කියල. ඔකේ එක ලයින් එකක් තේරුම් ගත්තා නම් ලොකු ජයක්ග්රහණයක්

    මම MVC කරලා තිබ්බ නිසා දනනවා එන රික්වෙස්ට් එක කන්ට්‍රෝලර් එකකට බයින්ඩ් කරන්න ඕනේ කියල (asp.net මුල ඉදන් කල නිසා) පස්සේ මම ඔය රිපෝ එකේ යනකොට අහු උනා මේක

    https://github.com/angular/angular.js/blob/master/src/ngRoute/route.js

    1629535223126.png


    දැන් මම හොයනවා මේ

    Code:
    'use strict';

    1629535287242.png



    කියන්නේ මොකක්ද කියල .එතකොට මේක අහු වෙනවා. දැන් ඔකේ තියනවා literal expression කියල එකක්. ඊට පස්සේ එක ගැන හොයනවා. ඔය වගේ එක ෆයිල් එකක තියන දේවල් නෙට් එකේ හොයපන් එකක් වත් අතාරින්නෙ නැතුව උබට එන දැනුම ඔය කිසිම ටුටෝරියල් එකකින් ගන්න බැ . හැබැයි ඒ එන දේවල් පිළිවෙලට නොට් කරගන්න ඕනේ. ඒ වගේම ලින්ක් එහෙම දාගෙන.මොකද ඕක නැවත බලන්න වෙනවා . එහෙම වෙනකොට උබ මුලින් ගත්ත දැනුම ඒ විදිහටම එන්න අර නෝට් එක හදාගන්න.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    box Bar ටිකක් අරන් ගෙදර ජනෙල් වලට canopy හදන්න හිතන් ඉන්නේ. වෙල්ඩින් පිස්සුව ගහල තියෙන්නේ හොදටම . එකක් හදල ඉවරයි .තව 7ක් හදන්න තියනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
    තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා
    කොල්ලො ගහන්නෙ නැද්ද
    ඔයා බී නේද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
    අර දැරිවිත් හවුලට ගත්තා නම්....... දෙන්නගේ අනාගත ගෙදරනේ නේද :yes::yes::yes::yes::D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,606
    167,186
    113
    එකමත් එක රටක
    ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
    මගුලට ලෑස්ති වෙනවා වගේ. !! එල එල.. :love: