මෙන්න අපුරු සත්‍ය සිදුවීමක්...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    අගමැති ප්‍රේමදාසගෙන් ජෝතිපාලට ලැබුණු අපූරු තෑග්ග​


    image_3afd78a394.jpg


    1977 වර්ෂය මට තවමත් මතකය. ඒ ජේ. ආර්. ට ලංකාවේ හයෙන් පහක බලයක් ලැබුණ වසරයි. ඒ 1977 ජූලි 23 වැනිදාය. ඊට දින 3 කට පසු මට එම රජයේ මාධ්‍ය ලේකම් තනතුරක් ලැබිණි. එය මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියකි. ඊට මාස 7 කට පසුව එනම් 1978 පෙබරවාරි 4 වැනිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජේ. ආර්. විධායක ජනපති විය. ආර්. ප්‍රේමදාස අගමැති තනතුරට පත්විය. මෙය එම ආණ්ඩු පෙරළිය පිළිබඳ කතාන්දරය නොවේ.

    සුප්‍රසිද්ධ ගායක එච්. ආර්. ජෝතිපාලට සහ මා හට මාලිගාවත්ත තට්ටු නිවාස සංකීර්ණයෙන් එකට යාබද නිවාස දෙකක් ලබාදුන්නේ ප්‍රේමදාස අගමැතිවරයාය. එවකට තැපැල් හා විදුලි සංදේශ ඇමති වූයේ ඩී. බී. විජේතුංගය. ඔහු මාලිගාවත්තේ මගේ නිවසට ඉතා කඩිනමින් දුරකථනයක් ලබාදුන්නේය. ජෝතිපාලගේ නිවසට දුරකථනයක් නොතිබූ නිසා ඔහු නිතරම අල්ලපු නිවස වූ මගේ නිවසට දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා පැමිණියේය. මේ හේතු කොටගෙන සුළු කලකින් අපි දෙදෙනා කිට්ටු මිතුරන් බවට පත්වීමු.
    විජය නන්දසිරි, මිල්ටන් පෙරේරා, චන්ද්‍රිකා සිරිවර්ධන වැනි කලාකරුවන් රැසක්ද, එස්. පියසේන, ජී. එස්. පෙරේරා වැනි මාධ්‍යවේදීන් රාශියක්ද ඒ අවට නිවාසවල පදිංචි වී සිටි නිසා ඔවුන්ද මගේ හිත මිතුරෝ බවට පත්වූහ. මෙය ඔවුන් සමග කොළඹ ඇරඹූ කලා සංවිධාන පිළිබඳ කතාන්දරයද නොවේ.

    මෙය හරියටම මීට වසර 40 කට පෙර ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා මධුවිතෙන් හොඳටම සප්පායම් වී සිටි අවස්ථාවක මට කිව් කතාන්දරයකි.

    කොළඹින් ඈත පෙදෙසක පැවති සංගීත සංදර්ශනයක දී සිංදු කියා ජෝති හා මිල්ටන් එදා කොළඹට පැමිණෙන විට රාත්‍රී 12 ත් පසුවී තිබුණි. ඔව්හු පංචිකාවත්ත පාරේ ටවර්හෝල් අසලදී පැමිණි වාහනයේ රියදුරුට පැවසුවේ ‘පොඩි හදිසි ගමනක් යන්න තියෙනවා. අපි මෙතන බස්සන්න’ යනුවෙනි. ඒ වනවිටත් මිල්ටන් හා ජෝති හොඳට සප්පායම් වී සිටියහ. ඔවුන් දෙදෙනා බස්සවා වාහනය ඉගිලුණේ එය තුළ තවත් ගායක ගායිකාවන් කීපදෙනකුම සිටි නිසා ඔවුන් ඒ නිවෙස්වලට ඇරලිය යුතු නිසාය.

    තවත් මධුවිත අවශ්‍යතාව තිබූ නිසා පයින් ඇවිදගෙනම ජෝති හා මිල්ටන් මරදානේ හොර තිප්පලකට ගියහ. ඔවුන් තවත් මත් වතුර හලා ගත්තේ සිංදු කෑලි කියමින්ය. එහි සිටි කවුරුත් ඔවුන් දන්නා හඳුනන අයයි. දැන් දෙන්නාටම හොඳටම වෙරි ය. හිරු උදාවන්නට ඇත්තේ තව පැය දෙක තුනකි. අභයසිංහාරාමය අසලින් හැරී මාලිගාවත්ත මහලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති මහල් නිවාසය කරා මේ ගායකයෝ දෙදෙනා ගමන් කළහ. මේ දෙදෙනාගේ මුවඟින් ‘කල්යානියෙ ඔබ නෑසූ..., සිරි අමෙ සාරා’ වැනි සිංදු කෑලිද නිකුත් වුණේය.

    ‘සිගරට් එකක් නැතුව කිසිම ජොලියක් නැහැ’ ජෝති මිල්ටන්ට කීවේය. පදමට වෙරිවී සිටි මිල්ටන් සාක්කුවෙන් සිගරට් පැකට් එකක් එළියට ගත්තේය. ‘මේ එකමයි තියෙන්නෙ. ඒක හොඳටම ඇති’. මිල්ටන් සිගරටය දෙතොල් අතර රුවා ගත්තේය. ‘කෝ පත්තු කරන්න ගිනිපෙට්ටියක්’ එය දල්වා ගැනීම දෙදෙනාටම ලොකු ප්‍රශ්නයක් විය.

    මේ ගොඩ කළ මාලිගාවත්ත නමැති මහ වගුරු බිමේ අද මෙන් එදා හැමතැනම විදුලි බුබුලු නොවීය. පරිසරය අඳුරුය. ගිනිපෙට්ටි ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිව මේ රටම දන්නා ගායකයින් දෙදෙනා අන්දමන්දවී සිටි මොහොතකි. මදක් විමසිල්ලෙන් වටපිට බැලූ ජෝතිට අසල නවතා තිබූ වාහනයකට පිටදී ගෙන සිටි මිනිසෙකු දැක්කේය. ඔහු සරමකින් සහ අත්කොට කමිසයකින් සැරසී හිසේ තලප්පාවක්ද බැඳගෙන සිටියේය.

    ‘අයියා ගිනිපෙට්ටියක් තියෙනවද මේ සිගරට් එක පත්තු කරගන්න.’ ජෝති මේ පුද්ගලයාට ළංවී ඔහුගෙන් විමසුවේය. ඔහුගෙන් පිළිතුරක් නොලැබුණි. ‘මොකොද ගින්දර දෙන්න බැරිද?’ ජෝති යළිත් ඇසීය. මද සිනාවක් පෑ එම පුද්ගලයා ඔහු අසල තිබූ වාහනයට ගොඩවී එහි දොර වසා ගත්තේය. එම වාහනය පිටත් විය.

    image_7a305d59e6.jpg


    දෙදෙනාම ගින්දර නොලැබීමේ තරහින් නිවෙසට ළඟා වූහ. මුල් කාලයේ ජෝති තනියම සිටි නිසා ජෝතිගේ නිවසේ එදා මිල්ටන්ද නිදාගත්තේය. පසුවදා උදේ 8 ට පමණ නිවසේ ඉදිරිපස දොරට කවුරුන් හෝ ගසන ශබ්දය නිසා දෙදෙනාම ඉතා අමාරුවෙන් නැගිට්ටේ දොරට ගැසීම දිගටම සිදුකරන නිසාය.

    ජෝති දොර විවෘත කළේය. දුටුවේ නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් කීපදෙනෙකි. මේ පාර්සලය අගමැතිතුමා දෙන්න කිව්වා. කුඩා පාර්සලයක් ජෝතිගේ අතේ තබා පොලිස් පිරිස නික්ම යද්දී එක් පොලිස් නිලධාරියෙකු පැවසුවේ “මීට පස්සෙ රෑට මහ පාරෙ ඉන්න අයගෙන් ගින්දර ඉල්ලන්න එපා” යනුවෙනි.

    ජෝති පාර්සලය ලිහා බැලුවේය. එහි තිබුණේ බි්‍රස්ටල් සිගරට් බණ්ඩලයක් සහ සිගරැට් ලයිටරයකි. ජෝති එදා රෑ ගින්දර ඉල්ලා තිබුණේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගෙනි. ජෝතිට දවල් තරු පෙනුණේ එවිටය. මිල්ටන්ට හීන්දාඩිය දැම්මේය.

    ජනතාවගේ දුක් ගින්දර නිවීම තම ජීවිතයේ එකම අභිප්‍රාය කරගෙන සිටි ආර්. ප්‍රේමදාස සිරිමතුන් උදෙසා කතරගම පුදබිම පේනතෙක් මානයේ සිට තම අවසාන සිංදුව ගායනය කර ජෝති දිවියෙන් සමුගන්නා විට මා ඇමෙරිකාවේ පදිංචියට පැමිණ වසර ගණනාවක් ගතවී තිබුණි.

    ජෝතිපාලගේ අවමඟුල් උත්සවයදා ජනතාවගේ හදවත් කම්පා කරවන අතිශයින්ම සංවේදී කතාව පැවැත්වූයේ ආර්. ප්‍රේමදාසයන් බව මට කිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්ය.
    සැමදා පාන්දර 4 ට නින්දෙන් පිබිදී තලප්පාවක් හිසේ බැඳගෙන තමන් ඇරඹූ නිවාස යෝජනා ක්‍රම ඇතුළු විවිධ ව්‍යාපෘතිවල කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් එම කටයුතු නිසියාකාරව කඩිනම් කිරීමට ක්‍රියා කළ ආර්. ප්‍රේමදාසයන් වැනි දේශපාලනඥයෙකු ආදර්ශයට ගන්නා පාලකයින් රටට අත්‍යාවශ්‍ය අවධියකි මේ. සජිත් ගොන්පැටියවගේ හරක් නම් එපා.


    උපුටාගැනීම - https://www.lankadeepa.lk/sunday/di...ාසගෙන්--ජෝතිපාලට-ලැබුණු-අපූරු-තෑග්ග/48-552554
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඉස්සර හැම චිත්රපටියකම වගේ සින්දු කිව්වේ ජෝතිපාල නේ
    ඔවු වැඩිම ෆිල්ම් ගානකට සින්දු කියල තියෙන්නේ ජෝති. තවමත් ඕනම පාටියකට ඉතින් ජෝති සින්දු නැතුව බැ,

    @TonyMontana83 මෙන්න යාළුවා ඔයා කැමතිම ගායකයෙක්ට උන රසවත් සිදුවීමක්.
    ------ Post added on May 2, 2023 at 8:02 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ඔවු වැඩිම ෆිල්ම් ගානකට සින්දු කියල තියෙන්නේ ජෝති. තවමත් ඕනම පාටියකට ඉතින් ජෝති සින්දු නැතුව බැ,

    @TonyMontana83 මෙන්න යාළුවා ඔයා කැමතිම ගායකයෙක්ට උන රසවත් සිදුවීමක්.
    ------ Post added on May 2, 2023 at 8:02 PM
    තෑන්ක්ස් සහෝ. ජෝති සහ ප්‍රේමදාස අතර බොහොම කිට්ටු සම්බන්ධයක් තිබ්බ කියල මාත් අහල තියෙනව. අපේ තාත්තත් මට ඒ ගැන කියල තියෙනවා. ඒ කාලෙ ගම් උදාව සැණකෙලියෙ එහෙම ජෝති අඩිය ගහලා හිටගෙන ඉන්න බැරුව පුටුවක වාඩි වෙලාලු සිංදු කියන්නේ. හදවත රත්තරං ජෝතිපාල මහත්තයා ප්‍රේමදාසද ගමේ පියදාසද කියල තැකුවෙ නෑ. ඒ නිහතමානීකමත් මෙච්චරකල් ඒ නම නොනැසී තියෙන්න හේතු වෙන්න ඇති. ඇත්තටම මෑත කාලෙ සමහර කලාකාරයො මයිනට උක දුන්න වගේ නෙමෙයි ඒ කාලෙ මේ මිනිස්සු එහෙම කලේ වාසි බලාගෙන නෙමෙයි. අද වගේ ලෝකෙට දොරටු විවෘත නැති ඒ කාලෙ මිනිස්සු සමහරවිට දකින්න ඇත්තෙ ප්‍රේමදාස රටට කරපු හොඳ විතරයි. රට ණය කරකර හොරාකෑවෙ නෑ අඩු තරමෙ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ර්ජෝති එදා රෑ ගින්දර ඉල්ලා තිබුණේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගෙනි. ජෝතිට දවල් තරු පෙනුණේ එවිටය
    දවල් තරු පේන්න තරම් මොකක්ද එතන වෙලා තියෙන වරද
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    දවල් තරු පේන්න තරම් මොකක්ද එතන වෙලා තියෙන වරද
    මගෙන් අහන්න එපා. මේක ලියපු එකාගෙන් තමයි එක අහන්න ඕන.

    ජෝතිපාල අන්තිමට සිංදු කිව්වෙත් පියානෝගෙ මීටින් එකක
    ඒ කොහෙද?
    ------ Post added on May 3, 2023 at 10:22 PM
     
    • Like
    Reactions: NRTG and kinkon