මෙන්න කාටූන්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    chrome_2018-04-20_07-49-20.png
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    බය වෙන්න එපා අපේ වන ෂොට් දැන් මොනා හරි කරයි.:yes:.දන්නවනේ වන්ෂොට් නොකවුට්.:yes:



    " තරග පාවා දීලා , තරග විකුණලා ඩොලර් ලක්ෂ ගණනින් හොයලා " ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ බැඳුම්කරයටත් වඩා ලොකුයි , ඇමති රංජන් කට අරියි .!




    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා.

    මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි.

    ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක්‌ බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා.

    මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ සිදු කරන රටේ සෑම ස්‌ථානයකටම දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් ඔහු පවසා තිබුනා.

    විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියා.

    ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්‌වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.



    source: neth news




    කොහොමද වැඩේ..මුන්ගේ පැත්තේ තිලංග ඉන්නකන් ඕවා කිව්වද මූ..එතකොට ෆයිල් අල්මාරියේ වෙන්න ඇති තියන් හිටියේ.:lol::lol:.දැන්වත් තේරුම් ගනිල්ලා..මුන් ඔය බොරුවට මිනිස්සුන්ගේ දුක් ගන්නා රාළ පාර්ට් එක දැම්මට මුන් දේශපාලනයේ කරන්නේ ෆිල්ම් වල වගේම රඟපෑමක් කියලා..:growl:


    Hw6gylB.gif
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා.

    මහින්දගේ කාලේ සි.එස්.එන් ව්කට දුන්නා වගේම මේකාලෙදි ඇලොසියස්ගෙ සියතට දුන්න එකත් දුෂණයක් තියෙනවද කියලා හොයන්න ඕනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ කාලේ සි.එස්.එන් ව්කට දුන්නා වගේම මේකාලෙදි ඇලොසියස්ගෙ සියතට දුන්න එකත් දුෂණයක් තියෙනවද කියලා හොයන්න ඕනේ

    ඔව ගැන කතා කරනවනම් ඉතින්...මහින්දගෙ කාලෙ IPL එහෙමත් නොමිලෙම විකාශනය කරා...ඒකට දැන් ඒකත් සල්ලි ගෙවල බලන්ඩ පුලුවන් උන්ට විතරයි...