ඔතන කොහේද බන් ජැක් ගැහිල්ලක් ගැන කියන්නේ? ඔතන වෙන්නේ වෙන සීන් එකක්. ඒ කොල්ලා කෙල්ලට විහිළු කරලා (කෙල්ල කියන විදියට) වෙන කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා ඊට පස්සේ මේකිට ඒකට මළ පැනලා දිගට හරහට ගහන එකක් ඔතන වෙන්නේ. දෙන්නාගේම වැරැද්ද නමුත් විහිළු කරා කියලා කිසිම කෙනෙක්ට ගහන්න අයිතියක් නෑ. කටින් නම් කටින් අතින් නම් අතින්. ඔන්න අරූ කෙල්ලට ගහන්න ආවා නම්, රේප් කරන්න ආවා නම් ඔහොම ගැහුවට කමක් නෑ නමුත් ගහන්න වුනත් ගහන්න ඕනේ, ආත්ම ආරක්ෂාවට මිසක් පළිගන්න නෙවෙයි. මේක එහෙම් පිටින්ම පළිගැනීමට ගහපු එකක්. එතකොට කොල්ලා නඩු දැම්මා නම් අනිවාර්යෙන්ම කෙල්ලට කේස්.නමුත් ඔය වගේ එකෙක් නඩු දායිද කියලා ෂුවර් නෑ. කොහොම වුනත් මට කියන්න තියෙන්නේ මේක වැරදියි, කෙල්ලට ගහන්න අයිතියක් නෑ කොල්ලට. මේවගේ ඒවා promote කරන්න යන්න එපා මොකද මේවගේම දෙයක් උබලටත් වෙන්න පුලුවන් ඉස්සරහට එතකොට අනෙක් එවුනුත් කියයි ආහ් හොද වැඩේ ඕකට කියලා. ඕනෙම කෙනෙක් තව කෙනෙක්ට නිකම් විහිළු කරන්න පුලුවන් ඒක සාමාන්‍යය දෙයක්, විහිළු කරා කියලා ඔහොම ගහනවද? කොල්ලෙක් විහිළු කරා නම් කෙල්ලට තියෙන්නේ යන්න,එතන ඉන්නේ නැතුව. ඔය විදියට ගහන එකෙන් පේන්නේ ඔය කෙල්ල මුඩුක්කූ type එකේ කෙල්ලෙක් කියලයි. හැදිච්ච කෙල්ලෙක් ඔය වගේ වැඩක් කරන්නේ නෑ කවදාවත්. අනික ඔය කොල්ලටත් හොද වැඩේ ඔය වගේ කසිකබල් , නවදැලි හේනක දැව වැදිරියක් වගේ කෙල්ලෝ පස්සේ යනවට.
උබ ගැන කිව්වොත්, උබ කිසිම දෙයක් දන්නේ නෑ, උබ කියනවා ජැක් ගැහවලු නමුත් video එකේ තියෙන්නේ විහිළු කරපු සීන් එකක් ගැනයි ,කෙල්ලම ඒක කියනවා අරූට ගහන්න කලින්, උබ හරියට video එක බැලුවදත් කියලා මට සැකයි. උබ තනිකරම guess කිරිල්ලක් කරලා තියෙන්නේ. උබ guess කරලා මදිවට ,උබ ඒක සාධාරණීයත් කරනවා. ඒක වැරදියි, කථාවක දෙපැත්තම දන්නේ නැතුව කිසිම දෙයක් සාධාරණීය කරන්න නරකයි. ඒකෙන් පේන්නේ උබ මෙතනදි කෙල්ලට කඩේ යන එකයි. මේක බොහෝම භායනක තත්වයක්. මොකද අද වුනත් පාරේ කෙල්ලෙක් කොල්ලෙක්ට නිකම් ගැහුවත් වටේ ඉන්න එවුන් guess කරයි (උබ වගේම) කොල්ලගේ අතේ වැරැද්දක් නිසයි එහෙම ගහන්නේ කියලා. එහෙම guess කරන එක වැරදියි ඒකෙන් වෙන්නේ අහිංසක කොල්ලොන්ටත් අසධාරණයක් වෙන එකයි (මේක උබට වෙන්නත් පුලුවන් ඉස්සරහට). පාරේ මේ විදියට කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් ඒක වහාම නතර කරන්න. කරලා ඒක ගැන හොයන්න ඊට පස්සේ වැරැද්දක් වෙලා තියෙනවා නම් පොලිසිය කැදවන්න, නැත්නම් ගුටිකන එකාට යන්න කියලා ගහන කෙනාව අයින් කරන්න. අන්න ඒකයි වෙන්න ඕනේ. මාර්ටින් නේමූලර් කියලා තියෙනවා මෙහෙම.
(මේක අවස්ථාව අනුව translate කරොත්)
ඔවුන් මුලින්ම විහිළු කරපු කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
මොකද මම විහිළු කරපු නැති නිසා
ඔවුන් ඊට පස්සේ මළ පැන්න ගමන් (ඕනෙම හේතුවකට) කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
මොකද මම කිසිම කෙනෙක්ට එහෙම කරපු නැති නිසා
ඔවුන් ඊට පස්සේ ඇගේ ගැවූනත් (වරදීමකින්) කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
මොකද මම කිසිම කෙනෙක්ගේ ඇගේ ගැවිච්ච නැති නිසා
ඔවුන් ඊට පස්සේ ආදරය ඉල්ලන්න ආපු කොල්ලොන්ට ගැහුවා නමුත් මම මොකුත් කිව්වේ නෑ
මොකද මම ආදරය ඉල්ලන්න ගියේ නැති නිසා (propose කරලා බදින එකෙක් වගේ නම්)
ඊට පස්සේ ඔවුන් මට ගැහුවා නමුත් කිසිම කෙනෙක් මා වෙනුවෙන් කථා කරේ නෑ මොකද එහෙම කථා කරන්න කෙනෙක් ඉතුරු නොවෙච්ච නිසා.
ඒක නිසා හැමෝම වෙනුවෙන් කථා කරන්න, අයුක්තියට කථා කරන්න, අසාධාරණයට කථා කරන්න එතකොට තමන්ට මිනිස්සු කථා කරයි. ඒක කාටවත් කඩේ යාමක් නෙවෙයි.
සිංදුවක් තියෙනවානේ සිනාවෙන් කථාවෙන් මිනිස්සු මනින්න බෑ කියලා නමුත් ඒක වැරදියි. සිනාවෙන්, කථාවෙන්, වගේම පෙනුමෙන්, හැසිරීමෙන් පුද්ගලයෙක් ගැන යම් අවබෝධයක් ගන්න පුලුවන්. ඒක නිසා ඔය වගේ මිනිස්සුන්ගෙන් (කෙල්ලොන්ගෙන් විතරක් නෙවෙයි) ඈත් වෙලා ඉන්න එතකොට ප්‍රශ්ණ අඩුවේවි.