මෙන්න කොටි සැමරුම් උතුරේ!!!

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මෙන්න කොටි සැමරුම් උතුරේ!!!

p1-1.jpg


p1-2.jpg


මුලතිව් වෙල්ලමුල්ලි වයික්‌කාල්හිදී යුද්ධයෙන් මියගිය පිරිස සිහිකරමින් දෙමළ ජාතික සන්ධානය සංවිධානය කර තිබූ සැමරුම් උළෙලේදී උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිස පහන් දල්වා ශෝකය පළ කළ අයුරු සහ වවුනියාව සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී දෙමළ ජාතික සන්ධානයේ වවුනියාව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, ශිවශක්‌ති ආනන්දන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා ප්‍රදර්ශනය කළ ඡායාරූප අතර කැබිතිගොල්ලෑව මහකෝන්ගස්‌කඩ ප්‍රදේශයේදී එල්. ටී. ටී. ඊ. ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ ඡායාරූපද දෙමළ ජන ඝාතන ලෙස ප්‍රදර්ශනය කර තිබූ අයුරු මෙහි දැක්‌වේ.
ඡායාරූප - දිනසේන රතුගමගේ




පහන් දල්වති, පූජා පවත්වති,
කළු කොඩි ඔසවති
උසාවි නියෝගය නොතකා
උතුරේ ජයටම කොටි සැමරුම්


කීර්ති වර්ණකුලසූරිය - දිනසේන රතුගමගේ

කොටි සමරුම තහනම් කරමින් මුලතිව් මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගය කඩ කරමින් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ඊයේ (18 දා) මුල්ලිවයික්‌කාල්හිදී කොටි සමරුවක්‌ පවත්වා ඇත.

මුල්ලිවයික්‌කාල්හිදී විග්නේශ්වරන් ඇතුළු පිරිස පහන් දල්වා තිබේ.

මෙම සැමරුමට පැමිණෙන ලෙස මහ ඇමැතිවරයා විසින් උතුරේ සියලු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කර තිබිණි.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාවට රැස්‌වූ සිසුන් හා ගුරුවරුන් පහන් දල්වා කොටි සමරා ඇත.

යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි පරමේශ්වරන් කෝවිලේ ද කොටි සැමරීමේ පූජාවක්‌ පවත්වා තිබේ.

මෙම විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල භූමියේ කළු කොඩි ඔසවා තිබූ බව ආරක්‍ෂක අංශ දක්‌වයි.

යාපනය විශ්වවිද්‍යාලය අසල මාර්ගයේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන් ඝාතනය කිරීම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව දක්‌වන බැනරයක්‌ ද ප්‍රදර්ශනය කර තිබිණි.

මෙම කොටි සැමරුම මෙහෙයවා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ඒ. රාසකුමාරන් යෑයි හෙළි වී ඇත.

මඩකලපුවේ වාකරේ ද කොටි සැමරුම් පවත්වා තිබේ. එය මෙහෙයවා ඇත්තේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේa ලේකම් සෙල්වරාජා නරේන්ද්‍රන් යෑයි හෙළි වී තිබේ.



source:http://www.divaina.com/2015/05/19



දැන් සමහරු කියයි "කෝ මේකෙ කොටි කොඩි නෑනේ කෝ ප්‍රභාකරන්ගෙ පින්තූර නෑනේ" කියල. ඒ අයට කියන්නේ: මුන් ඒවා දාන්නෙ නැත්තෙ සිංහලයන්ව රවට්ටන්න. මේ පින්තූරෙ තියෙන බැනර් එකේ ලියල තියෙන එක හොඳට කියවල බලපන්.
p1-2.jpg

කැබිතිගොල්ලෑවෙ මැරිච්ච අයගෙ පින්තූර තෙමළ අයගෙ ඒව විදියට දාල, "STOP SRI LANKA'S GENOSIDE OF TAMILS" කියල ලියාගෙන මේ අය ලෑස්ති වෙන්නෙ සහජීවනයකටද? නැතිනම් "SRI LANKA" කියන එක දෙමළ ජනතාව සමූලඝාතනය කරන වෙනම රටක් විදියට හඳුන්වා දීල ඊළමක් හදාගන්නද කියල හිතල බලපන්.


සිංහලේ කොඩිය ප්‍රදර්ශනය කරපු අයව CID එකට ගෙනියන ආණ්ඩුව උසාවි නියෝග නොතකා කොටි සමරපු අයට නිදැල්ලේ ඉන්න ඉඩ දෙනවා. මේ ආණ්ඩුව ඉන්නේ කාගෙ පැත්තෙද කියල දැන්වත් තේරුම් ගනිමු.
 
Last edited:

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    Menna samarala :(
    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:



    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg


    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.


    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg


    Heroes Day marked in occupied Tamil Eelam
    [TamilNet, Thursday, 27 November 2014, 15:30 GMT] :lol:
    Amidst hundreds of Sri Lankan soldiers deployed surrounding the University of Jaffna, a group of students who were inside the premises of the university lit the common flame of sacrifice at the Selvanagam Block. A selected group of journalists witnessed the event. Defying threats from the occupying Sri Lanka Army soldiers, bells were tolled at temples and churches. Sacrifices were offered at churches in Thenmaraadchi. Former LTTE members gathered at various places paying tribute to their fallen fighters. The families of the fighters who had laid down their lives for the liberation of Eezham Tamils, gathered at secret locations, made memorial monuments in paper and paid their tribute in a touching way, according to the journalists who witnessed the events.

    Mu'l'livaaykkaal Remembrance observed in Vanni
    [TamilNet, Saturday, 19 May 2012, 05:19 GMT]

    Vanni_18_May_2012_01_98303_445.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    දිනසේන රතුගමගේ kiyana koi ekada hari ? :oo::baffled:

    පහන් දල්වති, පූජා පවත්වති,
    කළු කොඩි ඔසවති
    උසාවි නියෝගය නොතකා
    උතුරේ ජයටම කොටි සැමරුම්


    කීර්ති වර්ණකුලසූරිය - දිනසේන රතුගමගේ

    කොටි සමරුම තහනම් කරමින් මුලතිව් මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගය කඩ කරමින් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ඊයේ (18 දා) මුල්ලිවයික්‌කාල්හිදී කොටි සමරුවක්‌ පවත්වා ඇත.

    මුල්ලිවයික්‌කාල්හිදී විග්නේශ්වරන් ඇතුළු පිරිස පහන් දල්වා තිබේ.

    මෙම සැමරුමට පැමිණෙන ලෙස මහ ඇමැතිවරයා විසින් උතුරේ සියලු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කර තිබිණි.

    මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාවට රැස්‌වූ සිසුන් හා ගුරුවරුන් පහන් දල්වා කොටි සමරා ඇත.

    යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි පරමේශ්වරන් කෝවිලේ ද කොටි සැමරීමේ පූජාවක්‌ පවත්වා තිබේ.

    මෙම විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල භූමියේ කළු කොඩි ඔසවා තිබූ බව ආරක්‍ෂක අංශ දක්‌වයි.

    යාපනය විශ්වවිද්‍යාලය අසල මාර්ගයේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන් ඝාතනය කිරීම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව දක්‌වන බැනරයක්‌ ද ප්‍රදර්ශනය කර තිබිණි.

    මෙම කොටි සැමරුම මෙහෙයවා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ඒ. රාසකුමාරන් යෑයි හෙළි වී ඇත.

    මඩකලපුවේ වාකරේ ද කොටි සැමරුම් පවත්වා තිබේ. එය මෙහෙයවා ඇත්තේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේa ලේකම් සෙල්වරාජා නරේන්ද්‍රන් යෑයි හෙළි වී තිබේ.


    - http://www.divaina.com/2015/05/19/news01.html

    ජාතිවාදීන්ගේ මුඛ පූට්ටු කරමින් යුද්දයෙන් මිය ගිය දෙමළ සිංහල මුස්ලිම් වැසියන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පවා උතුරේ සමරයි: මහ ඇමැති විග්නේෂ්වරන්ගෙන් සහ ඇමැති සත්‍යලිංගම්ගෙන් දකුණේ ජාතිවාදීන්ට පාඩමක්

    සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ වවුනියාවේ සිට

    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.18, ප.ව.11.00) යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකිරීමේදී උතුරේ අනුස්මරණයන් එල්ටීටීඊ අනුස්මරණයන් යැයි ජාතික හෙළ උරුමය ඇතුලු ජාතිවාදී උන්මත්තකයන් ගසන ලද අවලාද වලට නිසි පිළිතුරු දෙමින් යුද්දයෙන් මිය ගිය දෙමළ සිවිල් වැසියන්ද සිංහල සිවිල් වැසියන්ද එකට අණුස්මරණය කරමින් උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිස දකුණේ ජාතිවාදීන්ට කණ කිස් කන පිළිතුරක් ප්‍රායෝගිකව ලබා දුන්හ.

    අද 18 දහවල් මුලතිවු මුල්ලිවයිකාල් පළාතේදී පැවති යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ උත්සවයකට සහභාගි වූ මහ ඇමැතිවරයා ඇතුළු දේශපාලන නායකයෝ පහන් දල්වා මිය ගිය සියළු අයගේ ආත්මයන්ට සමාදානය සැනසීම ප්‍රාර්ථනා කළහ. ඔවුන්ගේ ජීවිත නොව ආත්මයන්ට සැනසීම ප්‍රාර්ථනා කරන බව මහ ඇමැතිවරයා විශේෂයෙන් පැවසීය.

    යුද්ධයේදී මියගිය පිරිස අනුස්මරණය පිණිස තබා තිබූ ඡායාරූප අතර කැබිතිගොල්ලෑව ප්‍රහාරයේදී සහ මහකෝන්ගස්කඩ ප්‍රහාරයේදී මියගිය සිංහල වැසියන්ගේ ඡායාරූප පෙලක්ද ඇතුලත්කොට තිබීම විශේෂ සිද්ධියක් වූ අතර එය දකුණේ ජාතිවාදීන්ගේ ඇස් ඇරවීමක් විය යුතුය.

    අනාගතයේදී හෝ දකුණේ යුද සැමරුම් වලදී යුද්දය නිසා උතුරේ මිය ගිය දෙමළ සිවිල් වැසියන් අනුස්මරණය කිරීමට ශිෂ්ඨ සම්පන්න විය යුතු බව විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපයෙන් ලෝකයාට පෙන්වා දුන්නේය.

    යුද්ධයේදී දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් මියගියත් තවමත් දෙමළ වැසියන්ගේ ප්‍රශ්ණ විසඳී නොමැති නමුත් වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට දෙමළ ජනාතවද සහාය දී තිබෙන බැවින් දෙමළ ජනතාව, රජය සහ ජාත්‍යන්තරය සමග එකතුවී දැන් හෝ දෙමළ වැසියන්ගේ ප්‍රශ්ණයට ස්ථිර දේශපාලන විසදුමක් සෙවිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මෙහිදී සිංහලෙන් පැවසීය. (සිංහල හඬ පටයට පහතින් සවන් දිය හැකිය.)

    දෙමළ ජාතික සන්ධානය ඇතුලුව තවත් දේශපාලන පක්ෂ කීපයක් සහ සංවිධාන කීපයක් මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී මෙම උළෙල පවත්වන ලද්දේ මුලතිවු අධිකරණය මගින් ලබාදෙන ලද අධිකරණ නියෝගයට බාධාවක් නොවන පරිද්දෙනි.

    මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම රජයේ වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී ශිවකලා මහේස්වරන්ද සහභාගි වී සිටීම විශේෂ සිද්ධියක් විණි. ඔවුන් සියලුම දෙනා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පහන් දල්වමින් ආගමික වතාවත් වල නියැලෙමින් යුද්ධයේදී මියගිය පිරිසට පින් අනුමෝදන් කළහ.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ දෙමළ ජනතාව සමග මේ රජය විශ්වාසයකින් කටයුතු කරණ බවට තිබූ විශ්වාසය මත දෙමළ ජනතාව ඡන්දය දී රජය බලයට පත් කළ බවයි. තවදුරටත් මේ ප්‍රශ්න ඉදිරියටත් පවත්වාගෙන යාම තුළින් ශ්‍රී ලංකාවේ වැසියන්ට නරක නාමයක් උදාවන බවද ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේය.

    මේ අතර යුද්ධයේදී මියගිය පිරිස සැමරීමට වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේද උළෙලක් පැවැත්විණි. දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් සමග උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ද සහභාගි වී සිටියහ.

    අමාත්‍යවරයා කියා සිටියේ මෙම අනුස්මරණ පින්කමේදී මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පමණක් නොව යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ පිරිස්ද, සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන්ද සිහිපත් කරණ බවයි.

    යුද්ධයේදී දෙමවුපියන්,දරුවන් ඇතුලු ඥාතීන් මියගිය විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


    - http://www.lankaenews.com/news/1934/si
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න එකෙක් කොටි ඊනිව්ස් කාරයගෙ බොරුවක් කොපි පේස්ට් කරල කියනව TNA එක කැබිතිගොල්ලෑවෙ මැරිච්ච අයගෙ පින්තූර දාල තියෙන්නෙ සිංහල අයව අණුස්මරණය කරන්නලු.

    එහෙමනම් ඒ පින්තූරෙ ලඟම "STOP SRI LANKA'S GENOCIDE OF TAMILS" කියල ලියල තියෙන්නෙ මොකද දන්නෙ නෑ. :lol: මේකෙන් තේරෙන්නෙ කොටි ඊනිව්ස් කාරයගෙත් අරමුණ සිංහලයන්ව රවටල ඊළමට පාර කැපීම බව
    .
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙන්න එකෙක් කොටි ඊනිව්ස් කාරයගෙ බොරුවක් කොපි පේස්ට් කරල කියනව TNA එක කැබිතිගොල්ලෑවෙ මැරිච්ච අයගෙ පින්තූර දාල තියෙන්නෙ සිංහල අයව අණුස්මරණය කරන්නලු.

    එහෙමනම් ඒ පින්තූරෙ ලඟම "STOP SRI LANKA'S GENOCIDE OF TAMILS" කියල ලියල තියෙන්නෙ මොකද දන්නෙ නෑ. :lol: මේකෙන් තේරෙන්නෙ කොටි ඊනිව්ස් කාරයගෙත් අරමුණ සිංහලයන්ව රවටල ඊළමට පාර කැපීම බව
    .
    :yes::yes::yes:

    https://www.facebook.com/lankaenews/posts/919360604795772
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,417
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විග්නේස්වරන්ගෙ මස්සින මහින්දගෙ වම් අත වගෙ පොරක් නෙ. ඔය වැඩවලට මහින්දයගෙ අනුදැනුම ඇතිව කරනව ඇත්තෙ
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    විග්නේස්වරන්ගෙ මස්සින මහින්දගෙ වම් අත වගෙ පොරක් නෙ. ඔය වැඩවලට මහින්දයගෙ අනුදැනුම ඇතිව කරනව ඇත්තෙ


    මැටි කතා කියන්න එපා බන්, එහෙනම් මහින්දගේ කාලෙත් ඔව්ව කරන්න එපැයි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විග්නේස්වරන්ගෙ මස්සින මහින්දගෙ වම් අත වගෙ පොරක් නෙ. ඔය වැඩවලට මහින්දයගෙ අනුදැනුම ඇතිව කරනව ඇත්තෙ


    වම අත වෙන්න ඇති
    නමුත් මහින්දයා ඕව කරන්න ඉඩ තිබ්බේ නැහැ