මෙන්න කොල්ලො....................

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මෙන්න කොල්ලො....................

    පොඞ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවි......


    2026690353ceb.jpg


    නගරාසන්නයේ පිහිටි එක්තරා නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණපැමිණ තිබුණේ අදාළ නිවසේ උදවිය රූපවාහිනිය නරඹමින් සිටින මොහොතේය. "සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි අපි ආවේ." යනුවෙන් පවසමින් අදාළ සේවකයින් දෙදෙනා නිවැසියන්ට පවසා ඇත.

    ඔවුන්ගේ කතාවෙන් නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ ඔවුන් එබඳු වංචාවක් නොකළ නිසා ය. පසුව ඔවුන් දෙදෙනාට විදුලි මීටරය පරික්ෂා කිරීමට අවශ්‍ය බැවින්, "පොඞ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවි." කී ඔවුහූ නිවැසියන්ගේ කැමැත්ත මත විදුලිය විසන්ධි කළහ. ගෙහිමියෝ ද මීටරය අසලට වී සිදු වන දෙ පිළිබදව විමතියෙන් අඳුරට වී බලා සිටියහ.

    පසුව සේවකයින් දෙදෙනාගෙන් එක අයෙක් කුඩා විදුලි පන්දමකින් මිනිත්තු ගණනක් මීටරය පරීක්ෂා කර ඉන් අනතුරුව "මෙහි කිසිදු වරදක් නෑ...... සමාවෙන්න දැන් ලයිට් දාගන්න." කියා නිවසින් පිටව විත් ඔහුගේ යතුරු පැදිය පණ ගැන්වීය.

    මේ වන විට අදාළ නිවසේ සිටි තරුණියක් සිය පවුලට නොගැළපෙන පෙම් සබඳතාවක් පවත්වාගෙන යන බව දැනගත් පසු දෙමව්පියන් විසින් ඇය නිවාස අඩස්සියේ තබාගෙන සිට ඇත. ඇය එම නිවසේ බාල දියණිය වුවා ය. විදුලිබල මණ්ඩලයේ සේවකයන් යැයි කියාගෙන නිවසට පැමිණි තරුණයින් දෙදෙනා නික්ම ගොස් මද වෙලාවකට පසු සිය බාල දියණිය නිවසේ නැති බව පෙනුණෙන් ඔවුන්ට දෙවියන් සිහිවිය.

    එහෙත් ඔවුන්ට සිදු වූ දේ පිළිබදව එතරම් වැටහීමක් නොවුණු අතර පසුවදා ඔවුන්ට දැනගන්නට ලැබුණේ පෙරදින රාත්‍රියේ සිය නිවසට පැමිණියේ විදුලි බල මණ්ඩල සේවකයන් නොව සිය බාල දියණියගේ පෙම්වතා සහ ඔහුගේ යහළුවකු බවයි.

    beach-boy-and-girl-couple-cute-girl-and-boy-kiss-favim-com-105438.jpg



    Link
     
    • Like
    Reactions: Thuzanga