මෙන්න ජෝක්

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    කඩු කතාවක ලංකාවට ගැලපෙන්න කරපු අනුවර්තනයක් තමයි මේ.
    ඔන්න ඉතිං එක පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අළුතින් සේවයට බඳවා ගත්තලු කාන්තා රහස් පරීක්ෂක වරියෝ තුන් දෙනෙක්. අපි කියමුකො ගංගා, යමුනා සහ නර්මදා කියල තුන් දෙනාට. මේ තුන් දෙනාව පුහුණු කරන්න බාර දුන්නලු බොහොම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂක වරයෙක්ට.
    පුහුණු සැසිය පටන් ගත්ත පළවෙනි දවසෙ මේ තුන් දෙනාට අපරාධ කාරයෙක් හඳුනාගැනීම පිළිබඳව පුහුණුවක් ලබා දෙන්න ඕනෙ කියලා හිතපු පුහුණු කිරීමේ නිලධාරියා, කට්ටියට පෙන්නන්න ගෙනාවලු අපරාධ කාරයෙක්ගෙ පින්තූරයක්.
    ඕක ඉස් ඉස්සෙල්ලාම ගංගාට පෙන්නපු නිලධාරියා ඇහුවලු “මේ ඉන්නෙ ඔබගේ පරීක්ෂණය පැවැත්විය යුතු අපරාධ කාරුවායි. මේ පින්තූරෙ බලපු ගමන්ම තමුන්ට මොහු ගැන කියන්න පුළුවන් මොනවද?” කියලා.
    “මේ මිනිහට තියෙන්නෙ එක ඇහැයි සර්…” අපරාධ කාරයගෙ මූණෙ පැත්තකින් අරගෙන තිබ්බ පින්තූරෙ දිහා බලපු ගංගා කිවුලු…
    මේ කතාව ඇහුවම බොහොම කළකිරුන නිලධාරියා “ගෑණු ණුවන හැඳිමිටේ කියල කියන්නෙ කට කහනවටද…” කියලා හිතලා පින්තූරේ පෙන්නුවාලු යමුනාට…
    “හා කියමු බලන්න තමුන්ට මොනවද කියන්න පුළුවන් කියලා….”
    “මේ මිනිහට නම් තියෙන්නෙ එක කණක් විතරයි සර්…” ඒ යමුනාගෙ උත්තරේ….
    ඒ ගමන අසූහාරදාහට නැග්ග නිලධාරියා “තමුන්ව තෝරගත්ත එකාට තමයි ගහන්න ඕනෙ….” කියලා පින්තූරෙ නර්මදාට පෙන්නන ගමන් කිවුවලු “කියනව බලන්න තමුන්වත්… මොනවද මේ මිනිහ ගැන කියන්න තියෙන්නේ….. තවත් ගොන් උත්තරයක් දෙන්න කලිං ටිකක් හිතල බලනවා….”
    පින්තූරෙ දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු නර්මදා මෙහෙම කිව්වලු. “මේ මිනිහා කන්ටෑක්ට් ලෙන්ස් පාවිච්චි කරනවා සර්….”
    දැන් නිලධාරියාටත් හෙණ සැටලු. මොකද මේ මිනිහා ඇත්තටම කන්ටෑක්ට් ලෙන්ස් පාවිච්චි කරන එකෙක් කියලා පොරගෙ වාර්තා වල තියෙනවලු. “යන්තම් ඇති යමක් කමක් කරගන්න පුළුවන් එකෙක් හරි ඉන්නවා…කියලා හිතපු නිලධාරියා නර්මදා ගැන බොහොම බලාපොරොත්තු තියගෙන ඇහුවලු මෙහෙම,
    “බොහොම හොඳයි… මට තමුන් ගැන බොහොම ආඩම්බරයි… දැන් මේ අනිත් දෙන්නටත් එක්ක තේරුම් කරලා දෙමුකො බලන්ඩ, කොහොමද ඒ වගේ නිගමනයකට මේ ළමයා එළඹුනේ කියලා…”
    නර්මදාත් ඉතිං බොහොම හිතට අරං තමුන්ගෙ කෙරුවාව අනිත් දෙන්නටත් පෙන්නන්න තමන්ගෙ පරීක්ෂණ සහ නිරීක්ෂණ ඉදිරිපත් කළාලු….
    “මේ මිනිහට එක ඇහැකුයි එක කණකුයි විතරක් තියෙන නිසා මෙයාට සාමාන්‍ය ඇස් කණ්ණාඩි දාන්න බැහැනේ සර්….:D:D:D:D:D:D:baffled::baffled::baffled::baffled::baffled::baffled:




    ඉස්සුවේ අන්තිම පේලියෙන්