මෙන්න බලන්න මහත්තයෝ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙන්න බලන්න මහත්තයෝ

    මෙන්න බලන්න මහත්තයෝ මම අද මොකද්ද ගෙනල්ල තියෙන්නෙ කියලා..
    මම අද ගෙනල්ල තියෙනවා හරිම පුදුම විස්තර ටිකක්.. සමහර විට ඔය මහත්තුරු දන්න කරුණුත් ඇති.. ඒ වගේම නොදන්න කරුණුත් ඊට වැඩිය ඇති..

    කඩේ සාප්පුවේ ගන්න ගියොතින් එහෙම මහත්තයෝ මේක රුපියල් 40ක් වෙනවා.. ඒත් ලයිට් බිල්, වතුර බිල්, ටැලිෆෝන් බිල් ඔක්කොම අඩු කරල මට මේක දුන්නෙ පුංචි රුපියල් 20කට.. අද මොනවද මහත්තයෝ රුපියල් 20 කට කරන්න පුලුවන්...
    සිගරට් එකක්වත් බොන්න පුලුවන්ද රුපියල් 20 කට..:lol:

    ඔන්න එහෙනම් මහත්තයෝ, ඔෆිස් එකේ ලයිට් බිලටයි, ඉන්ටර්නෙට් බිලටයි පිං සිද්ද වෙන්න මම මේ හරි පුදුම විස්තර ටික මහත්තුරුන්ට නිකං දෙනවා...

    දැන් බලමු මහත්තයෝ මොනවද මේ හරිම පුදුම විස්තර කියලා...
    (කලින් දන්න කියන විස්තර තිබුණ කියල කෑ ගහන්නනම් එපා බුදු මහත්තයෝ..:()

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -


    {01}

    වැඩුණු මිනිසෙකුගේ සිරුරේ අස්ථි කැබලි 206ක් තිබේ.. අලුත උපන් දරුවකුගේ සිරුරේ අස්ථි කැබලි 300ක් පමණ තීබෙනවා. දරුවා වැඩෙන විට අස්ථි කැබලි 94ක් පමණ ක්ෂය වී යනවලු
    A69_skeleton-bones-clipart.gif




    {02}

    මැක්කෙකුට උගේ උස මෙන් 130 ගුණයක් උඩ පනින්නට පුළුවනි. නමුත් මිනිසාට උඩ පැනිය හැක්කේ තමන්ගේ උස ප්‍රමාණය පමණි
    (මැක්කෙක්ගෙ පින්තූරයක් හොයා ගන්න විදිහක් නෑ කියහංකෝ මහත්තයෝ...:P
    දන්න මහත්තයෙක් ඉන්නවනම් "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද කියල කියනවද..? :rofl:)



    {03}

    ලොව සිටින සතුන් අතරින් ඉතාමත් අනතුරු දායක සත්ත්වයා ගෙමැස්සායි. අපද්‍රව්‍ය මතම වසන ගෙමැස්සා සියලු සතුන් වෙත විශාල ප්‍රමාණයක් ලෙඩ රෝග ගෙන දෙයි..
    ඇයි මහත්තයෝ අපේ දේෂපාලුවෝ..:oo:
    MuscaDomestica.jpg



    {04}

    සර්පයින් ඇත්ත වශයෙන්ම මාංශ භක්ෂකයින්ය. නමුත් උන් කිසි දිනක කිසිදු සතකු ආහාරයට නොගනී..
    (මොකද්ද මහත්තයෝ ඒ හරුපේ..:eek:)

    examples-reptiles_2.jpg




    {05}

    ලෝකයේ ලොකුම උභය ජීවියා වන්නේ යෝධ සලමන්දරයායි. ඌ අඩි පහක් පමණ දිගට වැඩේ...
    (ගූගල් දෙයියෝ පෙන්නන මේකගේ පින්තූර දැක්කාම ඇඟත් එක්ක හිරි වැටෙනව මහත්තයෝ..:baffled:)

    salamander_1.jpg




    {06}
    මිනිස් සිරුරේ ඇති කුඩාම අස්ථිය ඇත්තේ මැද කණ ආශ්‍රිතවය. එය ආසන්න වශයෙන් අඟල් 11ක් පමණ දිගය..:eek:
    (කුඩාම එකත් අඟල් 11ක් දිගයිලු...)

    (ඔන්න ඔය උඩ පින්තූරෙ හැඩෙත් එක්ක යට පින්තූරෙ තියෙන ඇටේ ටිකක් සංසන්දනය කරල බලන්න මහත්තයෝ, එතකොට වැඩේ මීටර් වෙයි..
    මමත් ෆුල් මඤ්ඤං උනා දැක්ක ගමන්..:baffled:)
    stapes_labeled.gif


    what-is-the-smallest-bone-in-the-human-body.jpg




    {07}

    නිල් තල්මසාට සාමාන්‍යෙන් ඩෙසිබල් 188 ක පමණ ශබ්දයෙන් හඬ නැගිය හැකිය. එය සාමාන්‍යෙන් සැතපුම් 530ක් පමණ දුරට ඇසේ.. එතරම් ශබ්දයෙන් හඬ නැගිය හැකි ලොව වසන එකම තල්මසා නිල් තල්මසාය..
    (ඇයි මහත්තයෝ අපේ ගෑනු ළමයි....:P)

    blue_whale_top.gif


    Z


    {08}
    මිනිසා විසින් තනන ලද ලොව ලොකුම විල ඇත්තේ ඇමරිකාවේයි. එය නමින් "මි‍යෑඩ්" ය.. (MEAD)

    largest-man-made-lake-u-s_78784016e019b9a.jpg


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    {09}
    ලොව විෂ අධිකම සත්ත්වයා ලෙසින් ගැනෙන්නේ මධ්‍යම ඇමරිකාවේ වෙසෙන "ඇරෝ ෆ්‍රොග්" නම් ගෙම්බා ය..
    (පට්ට ලස්සනයි නේද මහත්තයෝ...:P)

    paf1.jpg




    {10}
    මිනිසා වසරකට 4 2 00 000 පමණ වාරයක් ඇසි පිල්ලම් ගසයි
    Human-eye.jpg

    9k=




    {11}
    ස්ටාර් ෆිෂ් මාලුවට මොළයක් නැත
    ඇයි මහත්තයෝ අපේ.... නෑ එක්කෝ ඕනෙ නෑ...:rofl:
    20120518-Starfish_02_%28paulshaffner%29.jpg




    {12}
    එමූ සහ කැන්ගරුවාට පිටුපසට ගමන් කළ නොහැක
    :P:P:P
    With-their-short-forelimbs-long-sturdy-hind-legs-and-thick-long-tails-kangaroos-can-look-pretty-disproportionate-at-the-best-of-times._thumb9-450x464.jpg


    emu.gif




    {13}
    බළලුන්ට කටහඬ 100ක් පමණ තිබේ. නමුත් සුනඛයින්ට ඇත්තේ කට හඬවල් 10ක් පමණි.

    dogcat.jpg



    {14}
    ඉත්තෑවාට ජලයේ පාවිය හැක

    porky.jpg





    {15}
    පැස්බරාගේ ඇස් උගේ මොළයට වඩා විශාලය
    3690174560_3c985ed319_z.jpg



     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    {16}
    බූවල්ලාගේ කලු ඉංගිරියාව සෘජුකෝණාශ්‍රාකාරය.
    0,,5779698_4,00.jpg



    {17}
    අපට දෙනෙත් හැර කිවිසුම් යැවිය නොහැක
    sneeze.jpg




    {18}
    තලගොයාට විනාඩි 28ක් පමණ දිය යට සිටිය හැකියිලු
    Monitor%20Lizard.jpg

    මූ කබරයෙක්ද මන්ද..:confused:



     
    • Like
    Reactions: djnick

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    {19}
    මිනිසාගේ ඇස් දෙක උපතේ සිට නොවෙනස්ව එකම ප්‍රමාණයෙන් පැවතියද, කන් සහ නාසය ජීවිත කාලය පුරා වැඩෙනලු
    bignosen.jpg

    9k=


    {20}
    කූඹින් කෑම හපා කන්නේ නැත.. ඒ වෙනුවට උන් කරන්නේ කෑම හක්ක කොනකට දමා කතුරකින් කපන්නා සේ කපා එහි යුෂ උර බීම පමණි
    formica.jpg




    {21}
    ලොව පසු පසට පියෑඹිය හැකි එකම කුරුල්ලා හමිංබර්ඩ් වේ..
    Broad-billed-hummingbird-by-lazer29.jpg




    {22}
    බළලාට උගේ හක්ක දෙපැත්තට සෙලවිය හැකිය..
    hqdefault.jpg




    {23}
    කබල්ලෑවා දිනකට පැය 19ක් පමණ නිදා ගනී..
    (ඕකනම් මටත් මහලොකු වැඩක් නෙමෙයි මහත්තයෝ..:lol:)
    41957485.jpg





    {24}
    උඩුබැලි අතට නිදාගත් හැකි එකම සත්ත්වයා මිනිසාය..
    Z
    dv2014048_asleep-on-sofa_377x171.jpg





    {25}
    කබැල්ලෑවට දිය යට ඇවිද යා හැකිය..

    0.jpg





    {26}
    සෑම විනාඩියකටම අපේ සමෙහි සෛල 30,000ක් 40,000ක් පමණ මිය යයි..
    images


     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    {27}
    අපේ ඇඟේ මේදය එකතු කර ගත්තොත් එයින් සබන් බාර් 7ක් පමණ සෑදිය හැක..
    ඒක ලාභයි වගේ...:P
    fat-people-nsfw-538538-274x300.jpeg


    {28}

    අපේ සිරුරේ ඇති ඔක්සිජන් වලින් 25%ක් පමණ පාවිච්චියට ගන්නේ අපේ මොළයයි...
    (යකෝ ඒ කියන්නේ මගේ මොළේට ඔක්සිජන් යනව අඩු ද කොහෙද..?:confused:)

    Brain-needs-oxygen.jpg




    {29}
    මිනිසුන් දිනකට වාර 24000ක් පමණ ඇසිපිය හෙලයි...
    (බොහෝ මිනිසුන් ගැටව් සමයේ ගෑණු ළමයි ඉස්සරහ මෙය තවත් වැඩි විය හැක..:rofl:)

    crossed-my-eyes-1a.jpg




    {30}
    සලඹයාට ආමාශයක් නැත
    slider%20Emperor%20Moth.jpg




    තව ගොඩාක් දේවල් මේ පොතේ ඇතුළත් වෙලා තියෙනවා මහත්තයෝ.. ඒත් ඉතින් කාල වේලාව මදි නිසා අදට මම සමු ගන්න කියලයි හදන්නේ..

    එහෙනම් හොඳයි වටියි, සාධාරණයි කියල හිතෙනවනම් කතා කරල කමෙන්ට් එකක් දාල යන්න..
    කලින් දැනගෙන හිටිය මහත්තුරු ඉන්නවනම් බම්ප් එකක් දාගෙන යන්න නොදන්න අයට බලන්නත් එක්ක...

    ගූගල් දෙයියන්ගෙන් පින්තූර ඉල්ලන්න ගියාම සෑහෙන වෙලාවක් යන නිසා අදට එහෙනම් මම මෙතනින් බැහැල යනවා මහත්තයෝ.. කමෙන්ට් එකක් දැම්ම නොදැම්ම කියල අහිතක් නෑ මහත්තයෝ පුලුවන්නම් ගොඩ වෙලා යන්න එන්න...:)

    එහෙනම් එලකිරි මහත්තුරු හැමෝටම සුබ දවසක්...!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉඳා මහත්තයෝ මේ +14 තියාගනින්...:)

    :lol::lol:
    ත්‍රෙඩ් එකක් දාන්න වෙන මහන්සිය හඳුනන ඒ මහත්තයා කතා කරල කමෙන්ට් එකක් දාල ගියා..
    ගොඩක් ස්තූතියි මහත්තයෝ...


    ඔයාටත් ස්තූතියි මහත්තයෝ...:P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පොත කලිං වෙළෙන්දෙක්ගෙන් ගත්තනෙ. මේක තියාගන්න සන්තෝසෙට :cool: 9+ ~♥~
     
    • Like
    Reactions: richlife

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    {24}
    උඩුබැලි අතට නිදාගත් හැකි එකම සත්ත්වයා මිනිසාය..


    ඇයි බන් බලල , පුසා ...
    freya_0222.jpg


    Cat_Picture_38.jpg


    :lol::lol:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඔයාටත් ස්තූතියි මහත්තයෝ...

    ade pattai....
    tfs machn

    ඇතුළට ආවට ස්තූතියි මහත්තයෝ...

    Maxxa rep+

    :D:D

    ♥-Aurora-♥;19020587 said:
    පොත කලිං වෙළෙන්දෙක්ගෙන් ගත්තනෙ. මේක තියාගන්න සන්තෝසෙට :cool: 9+ ~♥~

    ඒ මහත්තයා ගත්තෙ නැතත් කමෙන්ට් එකක් දීලා ගියා..
    ස්තූතියි මහත්තයෝ ඔයාටත්...
    (මමත් මේ වගේ ත්‍රෙඩ් දෙක තුනක් දැක්ක.. ඒත් ඒවයෙ නැති කරුණුත් තියෙයි කියල හිතුන නිසා පොඩි වෙනසක් කරල බලන්න හිතුනා.. ගෙඩිය පිටිං රී පොස්ට් වෙන්නෙත් නෑනෙ එතකොට...:))

    {24}
    උඩුබැලි අතට නිදාගත් හැකි එකම සත්ත්වයා මිනිසාය..

    ඇයි බන් බලල , පුසා ..

    :lol::lol:

    උන් නින්දයි නොනින්දයි අතරෙ ඉන්න සත්තු කොට්ටාසයක් වෙන්න ඇති බං...
    මිනිහා මැරුණ වගේ දොයිය ගන්නව ඇති...:P
    :rofl::rofl:


    :D:D


    :):yes: