මෙන්න මිනිස්සු
රුපියල් ලක්ෂ එකසිය දහයක් පමණ සිය පෞද්ගලික මුදල් වැය කර දුෂ්කර ගම්මානයක අබලන්ව තිබූ පාරක් කාපට් යොදා සකස් කරදුන් උතුම් පරිත්‍යාගශීලියෙකු ගැන බටපොල ප්‍රදේශයේදී දැන ගන්නට ලැබුණි.
පවුල් 5000 කට වැඩි ප්‍රමාණයක ලොකු කුඩා බොහෝ පිරිසක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ඉතා ප්‍රයෝජනවත් මෙම මාර්ගය අ`ඵත් වැඩියා කිරීම තුළින් තමන්ගේ ගමන් පහසුවට එය ඉවහල් වන බව රියදුරන් පාසල් දරුවන් රජයේ සේවකයෝ ද කියති.
පාසල් දරුවන්ට මෙන්ම ගම්වැසියන්ට අවශ්‍යම මාර්ගයක් වූ බටපොල කහටපිටිය ඔලබැද්ද හරහා මද්දේවිල නම් එම ග්‍රාමීය මාර්ගය මෙලෙස සකස් කර දීමට ඉදිරිපත් වූයේ කේ.ඞී.ඒ.ඩබ් සමාගම් හිමිකරු වූ කේ.ඞී.ආනන්ද වීරසිංහ නම් පරිත්‍යාගශීලි ව්‍යාපාරික තුමන් බවත් ඉකුත් දින වලදී කාපට් යොදා එම මාර්ගය නිසි ලෙස සකස් කර දුන් බව ප්‍රදේශවාසීන් කියති.
වසර 20 කට පමණ ඉහත කඵගල් අතුරා තාර දමා තිබූ අඩි 8 ක් පමණ පළලකින් යුක්තව දැඩි ලෙස අබලන්ව තිබූ මෙම මාර්ගය දෙපස කාණු වැසී ගොස් තිබූ අතර මේ වන විට එම මාර්ගයේ වංගු සහිත ස්ථාන අඩි 28 ක් පමණ පළල් කර කාපට් යොදා ඇති අතර සෙසු ස්ථාන අඩි 20-22 ත් අතර පළලකින් යුක්ත වන අතර පැති කාණු නිසි ලෙස සකස් කර ජලය බැස යාමට අවශ්‍ය පරිදි සකස් කරදීමට කටයුතු කල බවත් ඔලබැද්ද කහටපිටිය අවට ප්රාද්ශවාසීහු කියති.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කහටපිටිය ඔලබැද්ද හරහා මද්දේවිල මාර්ගය කිලෝමීටර 1 ක් දුරක අබලන්ව තිබූ පාර පු`ඵල් කර කාපට් ටොන් 600 ක් පමණ යොදා නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන රජයේ ඉංජිනේරු උපදෙස් මත මෙම මාර්ගය සකස් කර ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා මේ වන විට සකස් කර දී ඇති බව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතා කියයි.
බොහෝ ආයතන වල කොන්ත්‍රාත්කරුවන් විසින් රජයේ අනුමත ඇස්තමේන්තු අනුව කිලෝමීටරයකට රුපියල් එක්කෝටි දස ලක්ෂයක පමණ මුදල් ප්‍රමාණයක් ලබා ගෙන ප්‍රමිතියෙන් තොරව මාර්ග සකස් කරන යුගයක තමන්ගේ වියදමින් පාර සකස් කර දුන් කේ.ඞී.ආනන්ද වීරසිංහ මහතා රටටම ආදර්ශමත් මහත්මයෙක් බව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කේ.කේ.ලක්ෂ්මන් මහතා කීවේය.