මෙන්න මිනිස්සු

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මෙන්න මිනිස්සු

    රුපියල් ලක්‍ෂ එකසිය දහයක් පමණ සිය පෞද්ගලික මුදල් වැය කර දුෂ්කර ගම්මානයක අබලන්ව තිබූ පාරක් කාපට් යොදා සකස් කරදුන් උතුම් පරිත්‍යාගශීලියෙකු ගැන බටපොල ප‍්‍රදේශයේදී දැන ගන්නට ලැබුණි.

    පවුල් 5000 කට වැඩි ප‍්‍රමාණයක ලොකු කුඩා බොහෝ පිරිසක් මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවට ඉතා ප‍්‍රයෝජනවත් මෙම මාර්ගය අ`ඵත් වැඩියා කිරීම තුළින් තමන්ගේ ගමන් පහසුවට එය ඉවහල් වන බව රියදුරන් පාසල් දරුවන් රජයේ සේවකයෝ ද කියති.
    පාසල් දරුවන්ට මෙන්ම ගම්වැසියන්ට අවශ්‍යම මාර්ගයක් වූ බටපොල කහටපිටිය ඔලබැද්ද හරහා මද්දේවිල නම් එම ග‍්‍රාමීය මාර්ගය මෙලෙස සකස් කර දීමට ඉදිරිපත් වූයේ කේ.ඞී.ඒ.ඩබ් සමාගම් හිමිකරු වූ කේ.ඞී.ආනන්ද වීරසිංහ නම් පරිත්‍යාගශීලි ව්‍යාපාරික තුමන් බවත් ඉකුත් දින වලදී කාපට් යොදා එම මාර්ගය නිසි ලෙස සකස් කර දුන් බව ප‍්‍රදේශවාසීන් කියති.

    වසර 20 කට පමණ ඉහත කඵගල් අතුරා තාර දමා තිබූ අඩි 8 ක් පමණ පළලකින් යුක්තව දැඩි ලෙස අබලන්ව තිබූ මෙම මාර්ගය දෙපස කාණු වැසී ගොස් තිබූ අතර මේ වන විට එම මාර්ගයේ වංගු සහිත ස්ථාන අඩි 28 ක් පමණ පළල් කර කාපට් යොදා ඇති අතර සෙසු ස්ථාන අඩි 20-22 ත් අතර පළලකින් යුක්ත වන අතර පැති කාණු නිසි ලෙස සකස් කර ජලය බැස යාමට අවශ්‍ය පරිදි සකස් කරදීමට කටයුතු කල බවත් ඔලබැද්ද කහටපිටිය අවට ප‍්‍රාද්ශවාසීහු කියති.

    අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ කහටපිටිය ඔලබැද්ද හරහා මද්දේවිල මාර්ගය කිලෝමීටර 1 ක් දුරක අබලන්ව තිබූ පාර පු`ඵල් කර කාපට් ටොන් 600 ක් පමණ යොදා නවීන තාක්‍ෂණික උපකරණ යොදා ගෙන රජයේ ඉංජිනේරු උපදෙස් මත මෙම මාර්ගය සකස් කර ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රයෝජනය සඳහා මේ වන විට සකස් කර දී ඇති බව අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතා කියයි.
    බොහෝ ආයතන වල කොන්ත‍්‍රාත්කරුවන් විසින් රජයේ අනුමත ඇස්තමේන්තු අනුව කිලෝමීටරයකට රුපියල් එක්කෝටි දස ලක්‍ෂයක පමණ මුදල් ප‍්‍රමාණයක් ලබා ගෙන ප‍්‍රමිතියෙන් තොරව මාර්ග සකස් කරන යුගයක තමන්ගේ වියදමින් පාර සකස් කර දුන් කේ.ඞී.ආනන්ද වීරසිංහ මහතා රටටම ආදර්ශමත් මහත්මයෙක් බව අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කේ.කේ.ලක්‍ෂ්මන් මහතා කීවේය.



    20140922_141259.jpg


    20140922_141317.jpg


    20140922_142430.jpg


    20140924_094152.jpg


    20140924_094421.jpg


    20140924_094626.jpg


    20140924_094658.jpg
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මෙවන් මිනිසුන් රටට තවත් බිහිවේවා ..!!!




    (බොහෝ ආයතන වල කොන්ත‍්‍රාත්කරුවන් විසින් රජයේ අනුමත ඇස්තමේන්තු අනුව කිලෝමීටරයකට රුපියල් එක්කෝටි දස ලක්‍ෂයක පමණ මුදල් ප‍්‍රමාණයක් ලබා ගෙන ප‍්‍රමිතියෙන් තොරව මාර්ග සකස් කරන යුගයක තමන්ගේ වියදමින් පාර සකස් කර දුන් කේ.ඞී.ආනන්ද වීරසිංහ මහතා රටටම ආදර්ශමත් මහත්මයෙක්....)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉන්නෙත් ඔය වගේ සමාජ සේවය කරපු කෙනෙක් තමයි. :yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉන්නෙත් ඔය වගේ සමාජ සේවය කරපු කෙනෙක් තමයි. :yes:

    උබට හොදටම ශුවර් ද ?උබේ යාලුවෙක් ද ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉන්නෙත් ඔය වගේ සමාජ සේවය කරපු කෙනෙක් තමයි. :yes:

    දිව්‍යය ලෝකයට යන්න නම් ද්වේශය අඩු වෙන්න ඕනේ. එහෙම නැතුව යන්න බෑ.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මෙවන් මිනිසුන් රටට තවත් බිහිවේවා ..!!!
     

    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    ප්‍රාප්ති දානය හෙවත් පින් දීම

    පෙර කාශ්‍යප බුදුන්වහන්සේගේ සස්නෙහි පැවිදිව වෙසෙන කල කළා වූ හැමදීමය, කසළ ඉවත් කිරීමය යන දෙ පිනින් “නාගසේන’’ ස්ථවිරයන් වහන්සේ හා ‘මිළිඳු’ මහරජතුමා ද ලෝක ප්‍රසිද්ධ කීර්ති ඇති මහ නුවණැතියෝ වූහ. මිනිසුන්ගේ ගමනා ගමනයට මාර්ග තැනීම, අම්බලම් තැනීම, ළිං පොකුණු තැනීම, මල් පල හට ගන්නා ගස්වැල් වැවීම යනාදී පින්කම් කළා වූ ‘මඝ’ මානවක තෙමේ ශක්‍රයා විය. ඔහු හා එක්ව ඒ පින්කම් කළා වූ දෙතිස් දෙනා ද මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නෝ ය.
    :yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රාප්ති දානය හෙවත් පින් දීම

    පෙර කාශ්‍යප බුදුන්වහන්සේගේ සස්නෙහි පැවිදිව වෙසෙන කල කළා වූ හැමදීමය, කසළ ඉවත් කිරීමය යන දෙ පිනින් “නාගසේන’’ ස්ථවිරයන් වහන්සේ හා ‘මිළිඳු’ මහරජතුමා ද ලෝක ප්‍රසිද්ධ කීර්ති ඇති මහ නුවණැතියෝ වූහ. මිනිසුන්ගේ ගමනා ගමනයට මාර්ග තැනීම, අම්බලම් තැනීම, ළිං පොකුණු තැනීම, මල් පල හට ගන්නා ගස්වැල් වැවීම යනාදී පින්කම් කළා වූ ‘මඝ’ මානවක තෙමේ ශක්‍රයා විය. ඔහු හා එක්ව ඒ පින්කම් කළා වූ දෙතිස් දෙනා ද මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නෝ ය.
    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දිව්‍යය ලෝකයට යන්න නම් ද්වේශය අඩු වෙන්න ඕනේ. එහෙම නැතුව යන්න බෑ.

    එහෙමම නෑ නේද මචන්. පින් දහම් වල ප්‍රතිපලයක් විදියට දිව්‍ය ලෝකවල ඉපදෙන්නේ. ඒත් ඒවායේ ඉන්න දෙවිවරු කෙලෙස් සහිතයි. ඒකනේ යුද්ද කරන්නේ එහෙම. අනික දිව්‍ය ලෝකේ ඉපදෙන එක මහා බයානක දෙයක් විදියට චතුරාර්ය සත්‍ය දේශනාවලදී විග්‍රහ කරලා තියෙනවා. මොකද දිව්‍ය ලෝකවල කම් සැපට ඇලිලා සිටීම නිසා රැස් කර ගන්නා අකුසල් නිසා දිව්‍ය ලෝකයෙන් චුත වුනාම ගිහින් ඉපදෙන්නේ අපායවල. ඒත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු එහෙම වෙන්නේ නැතිලු.

    (මම දන්න කරුණුවලින් මේ ටිකේ කිව්වේ මචන්. වැරද්දක් තියෙනවා නම් කියපන්. :))
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනුන්ගෙ දේවලුත් ගසා කන හැත්තක් ඉන්න රටේ මේ වගේ මිනිස්සු වාසනාවන්!!!!
    ව්‍යාපාර දියුනුවෙන් දියුනුවට පත්වේවා!!!