උරුගුවේ ජනාධිපති ජෝස් මුජිකාට ලොව දුප්පත්ම ජනාධිපති නාමය පට බැඳී ඇත. හැත්තෑ හත් හැවිරිදි ජනාධිපති එල් මුණ්ඩෝ ස්පාඤ්ඤ පුවත්පත් සමග පැවැසුවේ තම මුළු වැටුපම වාගේ පරිත්‍යාග කරන බවයි.
ඔහුගේ මාසික වැටුප ඩොලර් 12500ක් හෙවත් රුපියල් 1650000කි. එයින් ඩොලර් 1250 (රුපියල් 165000) තම වියදමට තබා ගනිමින් ඉතිරිය පොදුජනයා වෙනුවෙන් පිරිනමයි. ”මට ඒ මුදල හොඳට ඇති. ඊට වඩා අඩු මුදලකින් ජීවත්වන බොහෝ දෙනකු අපේ රටේ ඉන්නවා” උත්තර මන්ත‍්‍රීවරියක වන ඔහුගේ බිරියද ඇගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරයි. මොන්ටිවීඩියෝ ගොවිපොළක ජීවත්වන ඔහුට ඇත්තේ වොක්ස්වාගන් බීටල් රියකි. එහි වටිනාකම ඩොලර් 1945කි. තමාගේ ලොකුම වියදම එය බව ජනපති කියයි. ඔහුට බැංකු ගිණුමක් නැත. ඔහු කාටවත් ණය ද නැත.
ඔහුට සුරතල් බල්ලෙක්ද සිටියි. ධනවතකු වූ ඇමෙරිකා ජනාධිපති ජෝන් එස්. කෙනඩි සිය වැටුප පරිත්‍යාග කළේය. දුප්පත් පවුලක හැදුණුවැඩුණු හර්බට් හුර්මෝ ජනපති කිසි දිනක රජයේ වැටුප් නොගත්තේය.
ගත්තේ මෙතනින් ලින්ක්
නැවත විකාෂයක්ද නොදනි
එතකොට අනිත් අය ........


