මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ මේ වීඩියෝ එක දැක්කම මම කෙලින්ම අතීතයට ගියා.. මේ ලංකාවට හැම අව්රුද්දේම වගේ එන මනුස්සය්ර්ක් කරපු වීඩියෝ එකක්. අපේ පැති වල පාරවල් පුර මිනිස්සු හිස් ලු ලු ඇත දුවනවා මේ වගේ මුහුද ගොඩ ගලල කියල. මුහුද අවට ජිවත් උන මිනිස්සු පිස්සුවෙන් වගේ ආවේ. අපේ පන්සලේ මිනිස්සු පිරිලා. ගමේ උන් එකතු වෙලා ඒ මිනිස්සුන්ට කෑම උයනවා කොහොම හරි මට තාම මතකයි. සමහර මිනිස්සු ඇදුම් ඉල්ලනවා. මොනවා වෙනවද කියල හිතාගන්න බෑ අපි හැමෝටම. සුනාමි කියන දෙයක් ගැන ජීවිතේට අහලවත් නෑ ඒ කාලේ මිනිස්සු. හරිම අසරණ උනා හැමෝම, සුනාමිය වැදුනේ නැති ලංකාවේ මිනිස්සුත් ගොඩක් කම්පා උනා බය උනා.
    මේ හික්කඩුවේ සුද්දෙක් කරපු වීඩියෝ එකක්..

    හැබැයි මේ විපත උනාම අපේ රටේ මිනිස්සු එකතු වෙලා වහනවල බඩු පටවන් විපතට පත් උන මිනිස්සුන්ට කෑම බිම ඇදුම් හැමදේම එකතු කරන් දවස් ගානක් මුදු බඩ පළාත් වල අයට පුළුවන් පුළුවන් විදියට සැලකුව, මට මතකයි ලංකාවේ ඇතුල් පළාත් වල මිනිස්සු පාරවල් අහං අවේ අදාර අරන්... ඒ වගේම නිවාඩුවට ලංකාවට අපු සුද්දොත් පාරවල් බල බැහැල සුද්ද කරන්න ගොඩක් උදවු උනා.
    බොහොම ස්තුතියි ඒ හැම කෙනාටම.


     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    T7fzcHw.jpeg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    TFS.
    මටත් එදා දවස අද වගේ මතකයි. මුලින්ම මේක දැනගත්තෙත් ඉතාම අහම්බෙන්. අම්මාට කතා කලාම කිව්වේ, (මේ කියන්නේ සුනාමිය ආව ගමන්ම වාගේ ) එක මරණයක් වුන බව TV එකේ කිව්ව බවයි.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,241
    113
    මන් නිදාගෙන ඉදියෙ ගෙදර බන දාල තිබුන එක ඔෆ් උනා මතකයි. ටිකකින් හෙන කලබලයක් ඇහුනා. මන් මිදුලට බැහැල පාරට ගියා ගෙදරට එන අතුරු පාරෙන් මෙන් රොඩ් එකෙන් කරාපිටිය හොස්පිටල් පැත්තට වාහන මිනිස්සු දුවනවා. ඇන්ටි කෙනෙක් ආවා මන් ලගට දුවගෙන පුතෙ කරාපිටියට තව දුරද ඇහුව පොඩි එකෙක් වඩාගෙන සායෙ බාගයක් තෙමිලා. පුතෙ මුහුද ගොඩ ගලනවා ටවුන් එකෙ පනක් විතර මැරිල කිව්ව. මන් හැරිල ගෙදරට දුවනකොට අපේ මාමා උන්ගෙ ගෙදර අයයි බල්ලයි ත්‍රීවීල් එකෙ දාගෙන පිම්මෙ යනවා. :baffled: :baffled: :baffled: මන් දුවල අපේ ගේ පිටිපස්සෙ ඇල බැළුවා කලුපාට අඩි දෙකක් තුනක් උස රලක් එනවා ඇල දිගේ.:eek::eek::eek: එතකොට තමයි හරියටම ශුවර් කලේ. අම්මත් අඩගහගෙන දිව්වා. පයින්ම කන්දක් අහුවෙන මායිම 3km වගේ.ගිහින් කන්ද උඩට වෙලා බලන් ඉදියෙ කන්ද වටේට මුහුද පිරෙනකම්. :lol::lol: පනිවිඩ එනවා දැන් අපේ ගම ඉවරයි ඊලට මෙහෙට එහෙම කියලා. :baffled::baffled:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,241
    113
    පස්සෙ ටවුන් එකෙ බලන්න ගියාම ආපු ගදනම් මේ කියනකොටත් නහයට දැනෙනව. මිනී හැම තැනම පිම්බිලා. නේවි කෑම්ප් එක පාරෙ යද්දි ඊට පස්සෙ එන පොඩි රලටත් මිනිස්සු බයයි. පස්සට දුවනවා ආයෙත් ඉස්සරහට යනවා. ටවුන් එක දැක්කමනම් එපාම උනා. ගාල්ලෙ ටවුන් එකෙ P&J එකෙ කාර පාක් එක ග්‍රවුන්ඩ් ෆ්ලො එකෙ බර ගානක් හිරවෙලා තිබුනා බෝම්බයක් කියල එකට දුවල. BOC එකෙ සේප්පු වගයක් කඩල පොලිසියෙ උන් වගයකට ජොබුත් නැති උනා මතක විදියට. කෙල්ලෙක්ව දූශනය කරල තිබුනා ඒ අස්සෙ බිල්ඩින් එකක දාල. චේන් කඩාගත්තු එකෙක් නම් ඇප පිට එලියට ආවම ඌව කපල තිබුනා පෙති ගහල මිනියවත් උස්සන්න බැරි වෙන්න, හන්දියක් මැද :eek::eek::eek:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    චේන් කඩාගත්තු එකෙක් නම් ඇප පිට එලියට ආවම ඌව කපල තිබුනා පෙති ගහල මිනියවත් උස්සන්න බැරි වෙන්න, හන්දියක් මැද
    Ara video dakke uwa da?
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සිරස ටීවී එකේ තමයි මට මතක විදියට මුලින්ම වීඩියෝ පෙන්නුවේ සුනාමියේ. උන්ට හෙළිකොප්ටර් එකක් තිබුනා ඒ කාලේ නිවුස් කවරේජ් වලට යවන්න මම හිතන්නේ.

    කොළඹ ට්‍රැෆික් ගැනත් හැමදාම කිව්වා එකෙන් ගිහිං. දැන් නං නැද්ද කොහෙද ඒක. ටීවී බැලෙන්නේ නැති නිසා දන්නේ නැහැ.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    එදා තාත්තයි මමයි මල්ලියි මුහුදෙ නාන්න යන ගමන්, මේන් රෝඩ් එකේ ඉදන් මුහුදට වැටෙන පාරට දාපු ගමන්, මෙන්න දන්න කියන මිනිස්සු දුවගෙන එනව මුහුද ගොඩ ගහනව කියන්, වීල් චෙයා එකකුත් තල්ලු කරන් ආව එකෙක්. වැඩේ ටිකක් ක්‍රිටිකල් කියල තේරුන නිසා හරවගෙන ගිහින් කන්දක් උඩ තියන ගමේ ඉස්කෝලෙට සෙට් වුනා. කොහොමහරි එදා සුනාමි ඇස් දෙකෙන් වත් දැක්කෙ නම් නෑ. ආයෙ එද්දි පාරෙ බස් අනිත් පැත්ත ගැහිල, පොලව තනි කලු මඩ පටයි. දැන් නම් මතක් වෙද්දි අමුතුම නොස්ටැල්ජියා සීන් එකක්
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ape gedara sahenna Badu thogayak ekathu karala thibuna sunami apu pathi walata yawanna. Godak kama bima ehma thibuna mathakai. Horen busicut ekk hari kanna hithuna. Eth echchara apathayek une ne welawata.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,083
    113
    එකමත් එක රටක
    මන් නිදාගෙන ඉදියෙ ගෙදර බන දාල තිබුන එක ඔෆ් උනා මතකයි. ටිකකින් හෙන කලබලයක් ඇහුනා. මන් මිදුලට බැහැල පාරට ගියා ගෙදරට එන අතුරු පාරෙන් මෙන් රොඩ් එකෙන් කරාපිටිය හොස්පිටල් පැත්තට වාහන මිනිස්සු දුවනවා. ඇන්ටි කෙනෙක් ආවා මන් ලගට දුවගෙන පුතෙ කරාපිටියට තව දුරද ඇහුව පොඩි එකෙක් වඩාගෙන සායෙ බාගයක් තෙමිලා. පුතෙ මුහුද ගොඩ ගලනවා ටවුන් එකෙ පනක් විතර මැරිල කිව්ව. මන් හැරිල ගෙදරට දුවනකොට අපේ මාමා උන්ගෙ ගෙදර අයයි බල්ලයි ත්‍රීවීල් එකෙ දාගෙන පිම්මෙ යනවා. :baffled: :baffled: :baffled: මන් දුවල අපේ ගේ පිටිපස්සෙ ඇල බැළුවා කලුපාට අඩි දෙකක් තුනක් උස රලක් එනවා ඇල දිගේ.:eek::eek::eek: එතකොට තමයි හරියටම ශුවර් කලේ. අම්මත් අඩගහගෙන දිව්වා. පයින්ම කන්දක් අහුවෙන මායිම 3km වගේ.ගිහින් කන්ද උඩට වෙලා බලන් ඉදියෙ කන්ද වටේට මුහුද පිරෙනකම්. :lol::lol: පනිවිඩ එනවා දැන් අපේ ගම ඉවරයි ඊලට මෙහෙට එහෙම කියලා. :baffled::baffled:
    උබලගෙ ගෙදරට ඇවිත්ද?
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113
    සුනාම් එන දවසේ හිටියේ පන්සලේ බන් පෙරහැරට සූදානම් වෙන ගමන්. ෆෝන් ලන්කාවෙම වැඩ නැතිව ගියා මතකයි. මුහුද ගොඩ ගලනවා කිව්වම අපිටනම් හිනාගියා එහෙම්මම වැඩ කර කර ඉදියා ගානක් නැතිව. පස්සේ දවස් 3-4 පස්සේ කල්මුනේ ගියා අදාර දෙන්න. මිනී දැකලම මාලු කෑවේ නෑ මාස 5-6 ක්ම අපිරියාවට. ගිය ඒරියාවල නම් කිසිම රිස්කිව් කියල එකක් දැක්කෙවත් නෑ මිනී ඉදිමිලා. ඒ අස්සේ කැරි කොටියෝ ගේන අදාර හොරකම් කරන්න ඔට්ටු වෙනවා ඒ පැතිවල
     

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    Owa monada man thatthayi thawa ekkenekui ekka Bike eke ( man podi ) Galle yaddi thappayak kadagena ape patthata awe wathura passe ehemma railway ekath corss karala ahulata giya mn hithanne 1st wave ekata ahu une ... seen eka una exact location eka mathaka na ... Peraliya Train eke sadde ahuna mathakayi
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,143
    34,735
    113
    අද ඊයේ වගේ බං. අවුරුදු 20ක්ම ගිහිං. උඹලට මතකද ඒ කාලේ මාස ගානක් යනකල් මිනිස්සු මාලු කන්නේ නැතිව හිටියා. මුහුදට ගහගෙන ගිය මිනී ටික මාලු කාලා ඇති කියලා