මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    ඕක උනේ මම කොරල් සෑන්ඩ් එකේ ඉදල ඇවිත් පැය 2 කට වගේ පස්සෙ.
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තාත්තට්‍යි මමයි මැච් එක බල බල ඉන්නකොට නිවුස් එක කිව්වෙ සිරසෙද කොහෙද. ITN එකේ කන්දෙ විහාරෙ බණ ලයිව් ප්‍රෝග්‍රෑම් එක අස්සෙ මතෙමුන මිනිස්සු දුවගෙන එනව පෙන්නුව මතකයි.

    මගේ වයිපරේ එදා උදේ කැම්පස් එන්න හිටියෙ, පෝය නිසා මටත් කෑම් එකක් අරගෙන හවසම යන්න කියල නැන්දම්මා කිව්ව නිසා උදේ ඇවිත් නෑ. ඒ කාලෙ මොබයි ෆෝන් තිබ්බෙ නෑනෙ. එයාලගෙ ගෙවල් නම් මූදට කිලෝමීටර් 2ක් වගේ ඇතුලෙන්. ඒත් ටෙලිෆෝන් ලෑන්ඩ් ලයින් වැඩ කලේ නෑ. එදා උදේ 7-8ට වගේ එන්න ආව නම් සමහරවිට බේරුවල, කලුතර හෝ මොරටුව හරියෙදි සුනාමි රැල්ලට අහුවෙන්න තිබ්බ එන බස් එකේ. @Kalegana තව ම්ගෙ බැචෙක් හිටිය රිච්මන්ඩ් හිල් කිට්ටුව. යන්තන් දවල් වෙලා ඌට කන්ටැක්ට් කරගත්ත. උන්ට කරදරයක් නෑ කිව්ව. ඒත් වයිපරේ ගැන හොයල බලන්න යන්න පෙට්‍රල් හොයාගන්න නෑ කිව්ව ඒ වෙනකොට. කොහොමහරි රෑ 7 ට වගේ වයිපරේගෙන් කෝල් එකක් ආව කරදරයක් නැතුව ඉන්නව කියල. සතියකට විතර පසෙ කොළඹ එන කට්ටියක් එක්ක තමයි කැම්පස් ආවෙ. එන මග දිගට තගාල වාහනේ චෙක් කරකර කෑම බීම බඩු තියෙනවද කියල හොයනවලු මංකොල්ලකාරයො වගේ. වයිෆ් කිව්වට එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ්, යන්තන් යාලුවෙලා අවුරුදු 2ක් නෑ එතකොට

    කැම්පස් ජූනියර් බැච් නංගි කෙනෙක් මිසින් වෙලා තිබ්බ. අපි ඒ දවස්වල ආධාර එකතු කරන,, පැක් කරන වැඩ කලා ඉතිං කැම්පස් එකේ.
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    ගෙදරින් කෝල් කරල මට මුහුද ගොඩ ගලනව කිව්වම මම වැඩ කරපු තැන රූෆ් ටොප් එකට නැගල බලල පිස්සු නැතුව නිදාගනිල්ල බන් කිව්ව
    පස්සෙ දවසෙ සුද්දො ,සුද්දියො එනව ස්මහර උන්ට ලoකට් එක වත් නෑ
    බෙඩ්ශීට් ඇදගෙන බස් වලින් ,
    Hotel eke lobby eke , banquet hall Wala bedsheets Dala unta nidagana Dunne
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    එන මග දිගට තගාල වාහනේ චෙක් කරකර කෑම බීම බඩු තියෙනවද කියල හොයනවලු මංකොල්ලකාරයො වගේ
    මල්ලි මෙත් සිත් තියෙන්නෙ කන්න බොන්න තියෙනකම් විතරයි, ඔක මම ගොඩක් සැරයක් කියලා ඇති. ආගම් දර්ශන වැඩ කරන්න කන්න අදින්න තියෙනකම් විතරයි. ස්‍රි ලන්කන් බෞද්ද කිව්වුවාට ලොකු උතුම් එකක් නැ..ඔක්කොම එකයි
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මල්ලි මෙත් සිත් තියෙන්නෙ කන්න බොන්න තියෙනකම් විතරයි, ඔක මම ගොඩක් සැරයක් කියලා ඇති. ආගම් දර්ශන වැඩ කරන්න කන්න අදින්න තියෙනකම් විතරයි. ස්‍රි ලන්කන් බෞද්ද කිව්වුවාට ලොකු උතුම් එකක් නැ..ඔක්කොම එකයි
    සියලු පෘතඃජනයෝ උන්මත්තකයෝය කිව්වෙ ඒක තමයි බන්.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    පස්සෙ ටවුන් එකෙ බලන්න ගියාම ආපු ගදනම් මේ කියනකොටත් නහයට දැනෙනව. මිනී හැම තැනම පිම්බිලා. නේවි කෑම්ප් එක පාරෙ යද්දි ඊට පස්සෙ එන පොඩි රලටත් මිනිස්සු බයයි. පස්සට දුවනවා ආයෙත් ඉස්සරහට යනවා. ටවුන් එක දැක්කමනම් එපාම උනා. ගාල්ලෙ ටවුන් එකෙ P&J එකෙ කාර පාක් එක ග්‍රවුන්ඩ් ෆ්ලො එකෙ බර ගානක් හිරවෙලා තිබුනා බෝම්බයක් කියල එකට දුවල. BOC එකෙ සේප්පු වගයක් කඩල පොලිසියෙ උන් වගයකට ජොබුත් නැති උනා මතක විදියට. කෙල්ලෙක්ව දූශනය කරල තිබුනා ඒ අස්සෙ බිල්ඩින් එකක දාල. චේන් කඩාගත්තු එකෙක් නම් ඇප පිට එලියට ආවම ඌව කපල තිබුනා පෙති ගහල මිනියවත් උස්සන්න බැරි වෙන්න, හන්දියක් මැද :eek::eek::eek:
    Chain eka kadapu ekawa maruwada ?
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    අද ඊයේ වගේ බං. අවුරුදු 20ක්ම ගිහිං. උඹලට මතකද ඒ කාලේ මාස ගානක් යනකල් මිනිස්සු මාලු කන්නේ නැතිව හිටියා. මුහුදට ගහගෙන ගිය මිනී ටික මාලු කාලා ඇති කියලා

    මටත් මතකයි ඒක 😁
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මාස ගානක් යනකල් මිනිස්සු මාලු කන්නේ නැතිව හිටියා. මුහුදට ගහගෙන ගිය මිනී ටික මාලු කාලා ඇති කියලා
    නෙලුම් මලෙන් උපන්න එවුන් ස්‍රි ලන්කන්
     
    • Sad
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    Ara video dakke uwa da?
    Video එකෙ හිටපු එකාමද කියල දන්නෙ නෑ. කොහොම හරි චෙන් කඩපු සෙට් එකක් ඉදිය එයින් එකෙක්.
    උබලගෙ ගෙදරට ඇවිත්ද?
    අපේ ගෙදර ඇවිත් තිබ්නෙ ඇලෙන්. අඩියක් විතර දාල තිබුනා, තනිකර කලුපාට තාර වගේ මාස ගානක් ගද තිබුනා :dull:
    Chain eka kadapu ekawa maruwada ?
    Video එකෙ හිටපු එකාමද කියල දන්නෙ නෑ. කොහොම හරි චෙන් කඩපු සෙට් එකක් ඉදිය එයින් එකෙක්.
     
    • Like
    Reactions: NRTG

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    සිරස ටීවී එකේ තමයි මට මතක විදියට මුලින්ම වීඩියෝ පෙන්නුවේ සුනාමියේ. උන්ට හෙළිකොප්ටර් එකක් තිබුනා ඒ කාලේ නිවුස් කවරේජ් වලට යවන්න මම හිතන්නේ.

    කොළඹ ට්‍රැෆික් ගැනත් හැමදාම කිව්වා එකෙන් ගිහිං. දැන් නං නැද්ද කොහෙද ඒක. ටීවී බැලෙන්නේ නැති නිසා දන්නේ නැහැ.
    ow sirara thama pennuwa gsm line okoma down vuna mun vhs signal eken trasmit karada koheda tv station ekata
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපේ අම්මා වැඩ කලේ ජ'පුරේ හොස්පිටල් එකේ. එදා මොකද්දෝ හේතුවකට මං අම්මත් එක්ක හොස්පිටල් එකට ගියා. අද වගේ මතකයි ඇම්බියුලන්ස් ටික ගියා ඊය වගේ පිඹගෙන. පැයකට විතර පස්සේ සෑහෙන්න casualty ගෙනාවා. එදා වැඩකරන ඔක්කොටම On-call කලා. අපේ අම්මත් මාවත් අරගෙන ගියා ETU එකට. මන් නම් කවදාවක්වත් ප්‍රාර්තනා කරන්නේ නෑ ඒ වගේ දෙයක් හතුරෙකුටවත් දකින්න කියලා. ඇම්බියුලන්ස් එකට දාගන්නකොට පන තිබ්බ ගොඩක් අය ගේනකොට නැති වෙලා. ඒ විතරක් නෙමෙයි. ඇම්බියුලන්ස් එකේ ගේන ටිකට ගොඩක් මිනී කලු වෙලා ගඳ ගහනවා. අපරාදේ කියන්න බෑ එක එනවුන්ස් එකයි දුන්නේ මිනිස්සු පෝලිමේ ඇවිල්ලා ලේ දුන්න ලේ බැංකුවට.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තංගල්ලෙ මුහුද කිට්ටුව ක්ලාස් එකක හිටියෙ, සර්ට ක්ලාස් එක මැද්දෙ පොරක් දුවගෙන ඇවිත් මොකද්ද කිව්ව, සරුත් පොර එක්ක ගියා, ගිහින් විනාඩි පහක් වගේ ඇති සර් ආවා කලිසම දනිස්ස ලඟට උස්සගෙන කකුල පුරා වතුර, ආපු ගමන් ඔක්කොම ලමයි ටික ක්ලාස් එකේ උඩම තට්ටුවට යැව්ව මුහුද ගොඩ ගලනව කියල, අපිට හෙන ආතල් (මෙච්චර විනාසයක් වෙලා කියල දන් නෑ ඒ වෙද්දි)

    ඊට පස්සෙ පාරට ගියාම තමයි දැක්කෙ ටවුන් එක පැත්තෙ ඉඳන් මිනිස්සු ඇතුලට දුවගෙන එනව, එතන තිබ්බ ලොරියකුයි හිස් බස් එකකුයි, පුළුවන් ඔක්කොම ටික ඒකට දාගෙන බෙලිඅත්තට ආවා, ඒ බස් එකේ හිටිය සුනාමියට අහු වෙලා තුවාල උන මිනිස්සු, බෙලිඅත්තෙ ටවුන් එක පට්ටම පැක්, කඩවල් වල බොන්න වතුර වත් නෑ, ඒ අස්සෙ බාගෙට සුනාමියට අහුවෙච්ච බස් එකක් ආව මාතර ඉඳන්, ඒකෙ වහලෙත් දිය සෙවල තිබ්බ, ඒකෙ එල්ලිලා කොහොමහරි ඇතුලෙන් ඇතුලෙන් දාල ගෙදරට එද්දි ගෙදර අය මාව හොයන්න එහේ ගිහින්... අන්තිමේ හවස් වෙද්දි ගෙදර ආවෙ..

    ආයෙ රෑ නිව්ස් එකක් ගියා තව එකක් එනව කලින් එකට වඩා ලොකු එකක් කියල, මුලු රෑම නිදාගන් නැතුව වාහනේ බඩුත් දාගෙන හිටියෙ හදිසියක් උනොත් යන්න...

    ගෙවල් ලඟ කඩයක් කරපු පවුලක් හිටිය, අම්මයි තාත්තයි දූල දෙන්නයි පුතයි, ඒ කොල්ල අපේ මල්ලිගෙ යාලුවා, ඒ අම්මයි දූල දෙන්නයි ඒ දෙන්නට ක්ලාස් යන්න වීකෙන්ඩ් එකේ වෙනම ගෙයක් රෙන්ට් එකට අරන් හිටියෙ, ඒ තුන් දෙනා අහු උනා, ඒ පොඩි අක්කයි ඇන්ටියි දෙන්න නැති උනා, තව නෑදෑ වෙන මාම කෙනෙක් හිටියා මම දැකල තියෙන gentlemen කියල කියන්න පුලුවන් මිනිස්සු තුන් හතර දෙනාගෙන් එක්කෙනෙක්,ඔෆිස් එකේ වැඩක් තිබිල ඒකට යන ගමන් හම්බන්තොට පොලට ගිහින් බඩු ගන්න එයත් අහු උනා, අම්මලගෙ ස්ටාෆ් එකේ ඉඳපු සර් කෙනෙක්ගෙ මුලු පවුලම අහු වෙලා කරුමෙට පොර විතරක් බේරුනා, වයිෆ් ලමයි ඔක්කොම ඇරෙන්න... අපේ ඕලෙවල් ගනන් උගන්නපු ටීච එයාගෙ පොඩි දුවත් එක්ක මාතර පොලට ගිහින්, සුදු පාට ස්ටාලට් එක හම්බ වෙලා තිබ්බ වතුරට අහු වෙලා, ඒ දෙන්නටත් බේරෙන්න විදියක් තිබිල නෑ, ඉස්කෝලෙ ඒ දවස් වල යුනිෆෝම් අනිවාර්ය නෑ, හොඳට සල්ලි තිබ්බ කොල්ලො හිටියා ගෙවල් ඔක්කොම කුඩු වෙලා ජීවිතේ විතරක් ඉතුරු උන, උන් ඉස්කෝලේ ආවෙ අතට අහු උන ශර්ට් එකක් කලිසමක් ගහගෙන...

    මාතර හිටියට වීකෙන්ඩ් එකේ සීයලගෙ මහ ගෙදර ගිහින් සඳුද උදේ බස් එකේ මාතර එනව, ඒ මග දිගට ඉස්කෝල කෙල්ලො අම්බානක් ඔය බස් එකට නගිනව, ඒ අතරෙ ටිකක් unique පෙනුමක් තියෙන වැඩි ලස්සනකුත් නැති කෙල්ලෙක් හිටිය එයාගෙ මල්ලි එක්ක බස් එකට නගින, උන් දෙන්න නගින හෝල්ට් එක පිටිපස්සෙ මූද, කෙලින්ම පාර අයිනේ මීටර් 10-20 ඇති උපරිම, මට ඒ ඩබල හොඳට නෝට්,පාර අයිනෙන් ඔහොම බස් එකට නැගපු හැමෝම වගේ සුනාමියෙන් පස්සෙත් මම දැක්ක ඒත් මම කවදාවත් ආයෙ අර දෙන්න ඒ බස් එකට නගිනව දැක්කෙ නෑ, උන් දෙන්න සුනාමියට අහු නොවී, පස්සෙ වෙන බස් එකක යන්න ඇති කියල මම අදටත් හිතනවා :(
    අදටත් පට්ටම ශොක් ඒ සීන් මතක් වෙද්දි, ඒ අය ඔක්කොම මතකයි තාමත් පෙනුම කට හඬවල් එක්කම...
     
    Last edited: