මෙන්න මේකයි මගේ කතාව...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    41,221
    1
    92,629
    113
    32
    Kalutara
    මේක පත හෑල්ලක්. කියවන්න වෙලාවක් තියෙනවා නම් කියවපන්. වෙලාවක් නැත්තන් අවුලක් නෑ කියවන්න එපා. මට මේ දේවල් වචනයක් නෑර කියවල හිත නිදහස් කරගන්න එකෙක් නෑ. සමහර වෙලාවට බොන්න එකෙක් සෙට් වුනත් ගොඩක් වෙලාවට බොන්නේ තනියම. ඒක නිසා ගොඩක් මගේ හිතේ තියෙන දේවල් මම තනියම මටම කියාගන්නවා කාටහරි කියන විදිහට. කමෙන්ට් එකක් දානවා නම් හිතකර විදිහට කමෙන්ට් එකක් දාපන්. ඒක තවත් තුවාලේ පාරවන විදිහේ කමෙන්ට් එකක් කරන්න එපා.


    Part 01


    උඹල දන්නවනේ මගේ ඉස්කෝලේ කෙල්ලෙක් එදා ෆෝන් එක හදන්න යද්දී මගේ පස්සෙන් ඇවිල්ල මාව අඳුරගෙන කතා කරලා ෆෝන් නම්බර් එක දීලා මැසේජ් කරන්න ගත්තා කියල. ඉතින් එදා දවසේ රෑ මැසේජ් කරපු ගමන් ඇහුවේ මගෙන් බැඳලද, gf කෙනෙක් ඉන්නවද කියල. එයත් බැඳලා නෑ ගෙදරින් හොයනවා කිව්වා. කෙලින්ම එහෙම අහපු නිසා ඒ කෙල්ල සෑහෙන්න ෆෝවඩ් කියල මට පොඩ්ඩක් හිතුනා. වයසත් පැනලා නිසා ඒක නෝමල් වෙන්න ඇති කියලා මම හිතාගත්තා. මාත් එහෙනම් ආශ්‍රය කරලා බලමු අපි දෙන්නා ගැලපෙනවා නම් තීරනෙකට එමු කියල කිව්වා. ඔහොම උදේ හවා කෝල් කරන්න ගත්තා. දවසක් දෙකක් හම්බුනා.

    උන්ගේ අම්මා මාව දන්නවා කිව්වා. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම ඉස්කෝලේ වුන දේවල් අම්මා එක්ක කියනවලු. එතකොට මන් ගැනත් කියනවලු. මම පැත්තකට වෙලා ඉන්න අහිංසක චරිතයක් කියල. පස්සේ මේකිට මගුල් හොයද්දි එහෙම උන්ගේ අම්මා අහනවලු මන් ගැන, අර ළමයාවත් හම්බුනේ නැද්ද FB එකේවත් කියල. එයාවත් හිටියා නම් මෙහෙම මගුල් හොයන්න ඕන නෑ කියලත් කිව්වලු. අන්තිමේ ඒකි ගෙදරට කියනවා කිව්වා මන් ගැන. පස්සේ මමත් හා කිව්වා. මටත් ඒ තරම් අවුලක් හිතුනේ නෑ කෙල්ල ගැන. කලින් රිලෙෂන්ශිප්ස් 4-5ක් තිබුනලු. අන්තිමට තිබ්බ එක මාස 4ක් වගේ තිබ්බ කිව්වා. ඌ අපිට වඩා වැඩිමල් ඩයල් එකක්ලු. අවුරුද් 3ක් ද කොහෙද. ගෙවල් පැත්තේම ලු. උට මෙයාලගෙ ගෙදරින් කැමති වුනේ නැහැල්ලු. හැබැයි මෙයාගෙ කැමැත්තට ඉඩ දුන්නලු. ඌ කල් යද්දී බීලා මෙයාට කෝල් අරන් බනිනවලු, සැක කරනවලු. ඔහොම නිසා මෙයා ඒක නැවත්තුවලු. ඒක නවත්තපු තරහට මෙයාලගේ ගේ ඉස්සරහට ඌ දවසක් රෑ ඇවිල්ලා කෑ ගැහුවලු. උගේ නංගියි, නංගිගෙ මිනිහත් ආවලු. එහෙම බැනපු නිසා මෙයාට ස්ට්‍රෙස් ආවලු. ස්ට්‍රෙස් ආපු නිසා මහත් වුනාලු. මොකද පරණ ෆොටෝ වල ලස්සනට කෙට්ටුවට ඉඳලා තියෙනවා. අරූ හම්බුනා ටිකට මහත් වෙලා. ඒ ස්ට්‍රෙස් එකටලු. අන්තිමේ මෙයා ගිහිල්ල පොලිසියේ කම්ප්ලේන් එකකුත් දාලා අරුට විරුද්දව. ඒ කම්ප්ලේන් එකේ කොපියත් පට්ට පෙන්නලා තියෙනවා පස්සේ. ඒ කම්ප්ලේන් එක දැම්මට පස්සෙත් මූව හම්බෙන්න ගිහිල්ල මේකි. හිතපන්කෝ ඉතින් එහෙම කරපු එකා එක්ක ආයේ හම්බුනා කියන්නේ. පස්සේ ආයේ වලි ගිහිල්ලා නතර වෙලා. පස්සේ ඒක එහෙම්මම යට ගිහිල්ලා. ඊට පස්සේ මාස හතරකට වගේ පස්සේ තමා හම්බෙලා තියෙන්නේ මාව.

    මෙයාට ෆෝන් දෙකක් තියෙනවා. ස්මාර්ට් ෆෝන් දෙකක්. දෙකේම තියෙනවා සිම් දෙක ගානේ සිම් හතරක්. මොකදට ඔච්චර සිම් කියල ඇහුවම කිව්වේ එකක් මල්ලි එකක් කියල. මොබිටෙල් දෙකයි හච් දෙකයි. එක මොබිටෙල් එකක් නම් කලින් වැඩ කරපු තැනින් දීපු එකක්ද මොකක්ද කියල කිව්වා දැන් මතක් නෑ මොකක්ද කිව්වේ කියල හරියටම. කොහොම හරි මම ඒ ගැන වැඩිය අහන්න ගියේ නෑ. ඒකිගේ නිදහසනේ කියල. කොහොමත් කොහේ හරි යද්දී ගෙනියන්නේ එක ෆෝන් ඒකයි. අනික ගෙදර දාලා යන්නේ. මට ඔතනින් දීලා තිබ්බේ හච් නමබ්ර්ස් දෙකයි එක මොබිටෙල් එකකුයි විතරයි, අනිත් මොබිටෙල් එක දුන්නේ නෑ ඒක තමා කිව්වා බෑන්ක් වලට ඔන්ලයින් බෑන්කින් වලට එහෙම දීලා තියෙන්නේ. මම ආයේ අහන්න ගියෙත් නෑ.

    අන්තිමේ අපෙ ගෙදරින් එහේ යන්න දවස් කතා කරගත්තා. එහෙ යන්න දවස් දෙකකට කලින් රෑ මෙයා එක්ක හොඳට මැසේජ් කර කර ඉද්දි පැයක් විතර සද්ද නැතුව ඉඳලා එක පාරට මැසේජ් කරනවා Let's breakup කියලා. ඒ කියන්නේ අනිද්දට එහෙ යන්න තියෙන්නේ අද කියනවා බ්‍රේකප් වෙමු කියල. මම ඇහුවා ඒ මොකද කියල. කෝල් ආන්සර් කලෙත් නෑ. මැසේජ් විතරයි. නෑ අපි ගැලපෙන්නේ නෑ. හේතුවක් කියන්නෙත් නෑ. මම ඇහුවා එතකොට ඔහේ එන එකට මොකද වෙන්නේ කියල, කමක් නෑ එන්නලු. මට හොඳට රඟපාන්න පුළුවන් කිව්වා. මට ඕක හිතට වැදුනා. රඟපාන්න පුළුවන් කියන එක. හැබැයි වැඩිය හිතන්න ගියෙත් නෑ ඒ වෙලාවේ කටට ආපු දෙයක් කියල හිතලා. ඒ මදිවට සෑහෙන්න බොරු චෝදනා එක්ක මැසේජ් එවන්න ගත්තේ. එක එක්කෙනා එක්ක කම්පෙයාර් කරන්න එපාලු, අනන් මනං ගොඩක්. මට දැන් නම් මතකත් නෑ එවපු ගොඩක් දේවල්. මට ඒ වෙලාවේ සිරාවටම හිතුනා මෙයාට මානසික ලෙඩක් තියෙනවද කියල මේ කොහෙවත් නැති මගේ ළඟින්වත් යන්නේ නැති චෝදනා කරන්නේ මොකද කියල. කොහොම හරි එදා ඉතින් මම හා එහෙනම් කමක් නෑ. අපි ඔහේ එන්නේ නෑ මේක වෙන්නේ නෑ, මාත් බ්‍රේකප් එකට ඕකේ කියල මැසේජ් කරන එකත් නවත්තලා දාලා නිදාගන්න ගියා.

    පහුවෙනිදා උදේ ගුඩ් මෝනින් කියල මැසේජ් කරලා තිබ්බ. මාත් රිප්ලයි කළා. සොරි කියන්නේ නැද්ද අහනවා මගෙන්. මම කිව්වා මම වරදක් නොකළ මොකටද සොරි කියන්නේ කියල. වරද මොකක්ද කියල නොදැන සොරි කියන්න බෑනේ. අන්තිමේ මෙයා කියනවා කලින් දවසේ එවපු මැසේජ් එකක් නිසාලු බ්‍රේකප් වෙමු කිව්වා. මම මෙයා වගේ කෙනෙක් කියල කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් යැව්වා. වැලක තිබ්බ එකක්. මුණ විතරක් කපලා. මම කිව්වා හෙලුකුට්ටන් වීඩියෝ එකක හිටියේ කියල. ඔයා වගේ කෙනෙක් කියල. අන්න එකට මෙයා ට්‍රිගර් වෙලා තිබ්බේ, "ඔයා වගේ කෙනෙක්" කියන එක සහ ඒක වැලක කෙල්ලෙක් නිසා. හරි කොහොම හරි මම මේකට සොරි කිව්වා. ආයේ ඔන්න නෝමල් වුනා.

    පස්සේ ඔක්තෝම්බර් මාසේ පෝය දවසේ අපි එහෙ ගියා. ඒ මිනිස්සුත් අපිට හොඳට සැලකුවා. එතකොට යාළුවෙලා මාසයක්වත් නෑ.

    ඔහොම කාලය ගෙවෙද්දී මෙයා හිටපු ගමන් සතියකට දවසක් හෝ දෙකක් එක එක දේවල් වලින් ට්‍රිගර් වෙන්න ගත්තා. සමහර වෙලාවට කියනව මම රඟපානවලු. අනන් මනං ගොඩක්. මට දැන් මතක නෑ කියපු සේරම. ඒ වෙලාවට මට ඉතින් එපා වෙනවා. මට තේරෙනවා මම නිකන් මගේ මානසික ශක්තිය මාර විදිහට නිරපරාදේ හේදිලා යනවා වගේ. හැබැයි ළඟ ඉඳිද්දී කිසි අවුලක් නෑ. එහෙ ගෙදර ඉඳන් කෝල් මැසේජ් කරද්දී තමා මේ සේරම ප්‍රශ්න. ළඟ ඉන්නකොට හොඳටම ඉන්නවා.

    එයා දන්නා කන්න තැනක්, බීම බොන්න තැනකට එහෙම යද්දී මෙයා කියන්නේ කවද හරි මම නැති වුනත් යන්න ඔයා මේ තැන් දැනගෙන ඉන්න ඕන කියල. ඒ කියන්නේ මේ සම්බන්ධෙ නැති වුනත් කියල ඒ කියන්නේ. සැහෙන්න නෙගටිව් මයින්ඩ්සෙට් එකක මෙයා හිටියේ.

    මෙයා කියනව මෙයාගේ පුංචි මෙයාට හරියනවට කැමති නැහැල්ලු. ඉරිසියයිලු. එහෙම මෙයා කිව්වට මට හිතුනෙම මෙයා ඒක මෙයාගේ ඔලුවෙන් මවාගත්ත දෙයක් කියල. මෙයාගේ තාත්තට එක එක ගෑනු එක්ක සම්බන්ධකම් තියෙනවලු, කලිනුත් තිබ්බලු, දැන් තව කෙනෙක් ඉන්නවලු. පුංචි එක්කත් තියෙනවලු, මට ඒවත් පෙනුනේ මෙයාගේ මනස්ගාත වගේ. මම ඒ වෙලාවට කියන්නේ තාත්ත එහෙම වුනාට දුව එහෙම වෙන්න එපා කියල.

    ඊට පස්සේ නොවැම්බර් මාසේ පෝය දවසට මෙයාලගේ ගෙදරින් අපේ ගෙදර එන්න දාගත්තා. එහෙන් අපිට උදේ තේ වේලක් දුන්නට මම හිතුවා එයාලට දවල් කෑම දෙන්න. මේකටත් එයා කැමති වුනේ නෑ. කිව්වෙම අනේ ඕන නෑ කෑම දෙන්න ඕන නෑ ඔය පොඩියට තේ දෙන්න කියල. ඒක මේ අපිට කරදර වෙනවට වගේ නිකන් කියන දෙයක් විදිහට නෙමෙයි ඒක කිව්වේ. නිකන් තරහෙන් වගේ. තේ විතරක්ම දෙන්න කියලා කියන්නේ නිකන් මේක මගුලකින් කෙලවර වෙන්නේ නැතිවුනොත් කියන දෙයක් හිතේ තියාගෙන වගේ. හැමතිස්සෙම ඕකම කියවන්න ගත්තා කෑම දෙන්න එපා කියල. ඒත් මායි මස්සිනයි අක්කයි එකතුවෙලා නිදිමරාගෙන උයලා එයාලා ආපු දවසට කෑම දුන්නා.

    කොහොම හරි එදාට කලින් දවසේ මෙයාගේ පස්සේන් කලින් කොල්ලා ඇවිල්ලා ආයේ. මෙයා උදේ වැඩට යද්දී. මෙයා කියල දැන් මේක ඉවරයි ආයේ එන්න එපා කියල. එහෙම තමා මට කිව්වේ. මෙයා බස් එකේ නැගලා යද්දී අරූ බයික් එකෙන් පස්සෙන් ආවලු. එච්චර තමා වෙලා තියෙන්නේ එදා. වැඩ කරන්නෙත් ගෙවල් කිට්ටුවම තැනක. ජොබ් එක සෙට් වෙලත් සති දෙකක් වගේ ඇති එතකොට.

    තව දෙයක් වුනා එයාලගේ ගෙදරින් අපේ ගෙදර ආපු දවසේ. අපේ බාප්පා තමා එයාලගේ ගෙදර මිනිස්සු එක්ක සේරම කතා කරගෙන මේ දේවල් ඔගනයිස් කලේ. ඉතින් අපේ බාප්පා එයාලගේ තාත්තාගෙන් අහලා තිබුනා දුව අපේ පුතාට මාස දෙකක් වැඩිමල් කියල දන්නවා නේද කියල. මම මාස දෙකක් බාලයි කෙල්ලට වඩා. ඉතින් තාත්ත කියල ඔව් ඒක අවුලක් නෑ කියල. ඒක ගිහිල්ල කෙල්ලට කියලා. කෙල්ල ඒකටත් ට්‍රිගර් වුනා. ඇයි එහෙම දෙයක් අහන්නේ ගෙදරටත් ගෙන්නුවට පස්සේ. මේක නවත්තන්නද එයාලට ඕන. මම ඉතින් පැය ගානක් ඕක තේරුම් කළා නෑ එහෙම දෙයක් නෑ. ඔව්ව ගණන් ගන්න එපා ඒක නිකන් අහන්න ඇත්තේ කියල. මෙයා අහන්නෙම නෑ. කියවන්නෙම අරක ගැන. මම ඉතින් පට්ට ගේමක් දෙනවා නෑ එහෙම දෙයක් නෑ කියල තේරුම් කරවන්න. අන්තිමේ මෙයා බාප්පා ගැන හිත නරක් වුනා වගේ වුනා. මම හිතුවේ හොඳ මිනිස්සු කියල. බලද්දී එහෙම ඇති හොඳක් නෑ ඔහොමයි කියල. මම නම් එදා අල්ලලා දාලා තිබ්බේ මේ මගුල. ඒ තරම්ම එපා වෙලා තිබ්බේ. දැන් ඉවර වෙයි කියල හිතන් හිටියේ. පහුවෙනිදා උදෙත් අනන් මනං මැසේජ් එවලා තිබ්බා ඒක ගැන. "මට තාත්තා බනිනවා මේකත් නවත්තන්නද හදන්නේ වයස ගැන කතා කල කියල. ජරා ළමයෙක් වෙන්න එපා කිව්වා මට. අපරාදේ මම එදා ඔයාව දැකලා කතා කලේ. පවුල් ජීවිතේ කියන්නේ මෙහෙම දෙයක් නම් මට මෙහෙම පවුල් ජීවිතයක් එපා." ඔය වගේ මගුල් ගොඩක් එවලා තිබ්බ. මම මුකුත්ම නොකියා සද්ද නොකර ඉන්න එක තමා කලේ. මොකද මට පුරුද්දක් නෑ කෑ ගහගෙන වලියට වගේ යන්න ඔව්වට. මම හිතුවේ මෙතනින් පස්සේ මේක ඉවර වෙයි කියල. ඒත් ආයේ දවල් වෙද්දී මෙයා නෝමල් වුනා. ආයේ පරණ තත්වෙට ආවා.

    අන්තිමේ ඔහොම සතියක් විතර යද්දී දවසක් රෑ මට කෝල් කරන්න ඕන වෙලාව පහුවෙලත් කෝල් එක නැති නිසා මම ගනිද්දී නම්බර් එක බිසී. පැය දෙකක් විතර එක දිගට බිසී. පස්සේ මට කෝල් කළා. කිව්වා වට්සැප් එකේ හදාගත්ත ගෘප් එකක ඉන්න අක්කා කෙනෙක්ලු කෝල් කලේ. ආගිය විස්තර කතා කලාලු. මේ මහා රෑ 12ත් පහුවෙනකන්. මම ඕකේ කියල හිටියා.

    ඔහොම ගිහිල්ලා ආයේ දවස් කිහිපෙකින් ආයේ නම්බර් එක බිසී. හැබැයි බිසී වෙන්නේ හච් එක. මට දීපු මොබිටෙල් එක වැඩ නෑ. මොකද ඒකට කෝල් යන්නේ නෑනේ හච් එක වැඩ කරද්දී. මට දැන් සැක හිතෙන්න ගත්ත නිසා මම දෙකටම සැරින් සැරේට ගන්නවා. අරක බිසිද. මේක වැඩ නැද්ද. බිසී නම් මොකෙක් හරි එක්ක කතා කරනවා නේද. මල පැනලා තිබ්බේ මොකෙක් හරි ඉන්නවා නම් පලයන් කියල කියන්න තරම්. අන්තිමේ කිව්වා කලින් එකා කතා කරන්නේ කියල. ඌ බීලා ඇවිල්ල වෙන්න ඇතිලු මේකිට බනිනවලු. කුණුහරුපෙන්. උඹලා දෙන්නවම මරනවා කිව්වලු. කලින් දවස් වල හොඳින් කතා කලාලු. දැන් ආයේ තරහෙන් කතා කරනවලු. එදා පස්සෙන් ආපු දවසේ නම්බර් එක දෙනකන් යන්නේ නෑ කියල බලෙන්ම ඉල්ලගත්තළු. මට ඒ වෙලාවේ සැහෙන්න තරහ ගියත් මම ඒ වෙලාවේ අහන්න ඕන දේවල් ඇහුවේ නෑ. මට අදටත් පුදුමයි ඇයි මම එදා එච්චර ලොකු ප්‍රශ්නයක් අතාරියේ කියලා.

    අන්තිමේ පහුවෙනිදා වැඩට ගිහිල්ලත් නම්බර් එක බිසී. පස්සේ වැඩ ඇරිලා කෝල් කලාම කියනව අරූ එක්ක අද දෙකින් එකක් විසඳගන්න ඕන මම මේ ගෙවල් වලට හැරෙන පාර ගාව ඉන්නේ. මූට මම එන්න කිව්වා. අද දෙකින් එකක් විසන්දගන්නවා. මූ එක්ක මරාගෙන හරි මැරෙනවා කිව්වා. මම කිව්වා ගෙදර යන්න කියලා. නෑ විසඳගන්න ඕන කිව්වා. එදා හවස වහිනවා. පස්සේ ටික වෙලාවකින් මට වීඩියෝ කෝල් එකක් ගත්ත එයා. ගෙදර ඇවිල්ල වැස්සේ තෙමීගෙන. අඬනවා කෝල් එකෙන්. උට ගැහුවා කිව්වා කම්මුලට. ඌ මෙයාව වාහනේ දාගෙන යන්න හැදුවලු. මෙයාගේ බෑග් ඒකයි ෆෝන් ඒකයි අරගත්තළු. මෙයා ගෙදරට දුවගෙන ආවලු. පස්සේ අරුන් වාහනේ හරවාගෙන ඇවිල්ලා බෑග් ඒකයි ෆෝන් ඒකයි පාරට විසික් කරලා ගියාලු. මෙයා අහුලගෙන ආවලු. මම කිව්වා යමු කියල පොලිසි. බෑ කිව්වා. කලිනුත් පොලිසි ගියාම මටයි ප්‍රශ්න ඇතිවුනේ. ඒක නිසා මේ පාර යන්නේ නෑ කිව්වා. ආයේ එන එකක් නෑ කිව්වා. මෙයා ගෙදරටත් කිව්වා ඊට පස්සේ ප්‍රශ්නේ, ගෙදරිනුත් පොලිසි යන්න කිව්වට ගියේ නෑ. කෙල්ලගේ තාත්ත අරුණගේ ගෙදර ගිහිල්ලා කතා කරන්න. ඒත් ඌ ගෙදර ඉඳලා නෑ. උන්ගේ තාත්තා ඉඳල තියෙන්නේ. උන්ගේ තාත්තා කියල දුව තාම අපේ පුතා එක්ක කතා කරනවා කියල. පහුවෙනිදා කෙල්ලගේ අම්ම ගිහිල්ල පොලිසි. පස්සේ අම්මට පොලිසියෙන් කියල අවුරුදු 18 ට වැඩි නම් එයා තමා එන්න ඕන පැමිණිල්ල දාන්න කියල. ඒත් මෙයා ගියේ නෑ. ආයේ එන එකක් නෑ කියල කිව්වේ ඌ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,221
    1
    92,629
    113
    32
    Kalutara
    Part 02

    ඒ සිද්දිය සිද්ද වුනේ සිකුරාදා. සෙනසුරාදා ඌ ඇවිල්ල තිබ්බේ නෑ. ආයේ සඳුදා මම ගිය වැඩ ඇරිලා එද්දී එක්කන් එන්න වැඩ කරන තැනට. එතනට අරූ ඇවිල්ලා හිටියා බයික් එකක. ටිකක් දුරින් හිටියේ බලාගෙන. මම කෙල්ලවත් දාගෙන කෙල්ලගේ සෙරෙප්පු දෙකක් හදන්න දීලා තිබ්බ තැනකට ගියා. උත් ආව එතනට. පස්සේ මම කෙල්ලව අරගෙන කෙල්ලගේ ගෙදරට ගියා .එතනටත් ඌ ආව. අපිව පහු කරගෙන ගියා. පස්සේ ආයේ ආපස්සට හරවාගෙන ගියා අපිව පහු කරලා. එතනින් පස්සේ උගේ සද්දයක් තිබ්බේ නෑ. මගෙන් කෙල්ල ඇහුවා කොහොමද ඔයා මම අරූ එක්ක කෝල් එකක කියල දැනගත්තේ කියල ඇහුවා. මම කිව්වේ නෑ. මම කිව්වා පස්සේ කියන්නම් කියල. අරකි බලෙන්ම වගේ අන්තිමේ අහගත්තා. සිම් දෙකක් එකක් වැඩ කරන්නේ නැති එක දැනගත්ත ඒ වෙලාවේ. ඊට පස්සේ අරූ එක්ක කතා කරපු හච් සිම් එක වැඩ කලේ නෑ. මාත් එහෙනම් දැන් ආයේ කතා කරන්නේ නැතුව ඇති කියල හිත හදාගත්ත.

    අපි එන්ගේජ් වෙන්න හිටියේ ජනවාරි 17 එදාට තමා නැකත් බැලුවේ. මම මුලින්ම පටන් ගනිද්දිම කිව්වත් මාස 5-6ක් ආශ්‍රය කරලා බලල කරන දෙයක් කරමු කියල මට තේරෙන්නෙත් නෑ මම එයාගේ වචනෙට වැඩ කරන තැනකට ඇවිල්ල තිබ්බ. ජනවාරි 17ම මෙයාට ගෙදර එන්න ඕන කිව්වා. ආයේ වෙඩින් ගන්නේ නැතුව. පෝරු නගින්නේ නැතුව, මනමාලිට අඳින්නේ නැතුව පොතේ අත්සන් කරලා පොඩියට කට්ටියට පාටියක් දීලා එදාම ඉවරයක් කරමු කිව්වා. මම දන්නෙත් නෑ මමත් මෙයා කියන හැමදේටම හා කියන තැනක හිටියේ. හරියට මාව මෙයා කන්ට්‍රෝල් කරනවා මම මෙයාගේ රූකඩයක් වෙලා තිබ්බේ. ඕක මට රේලෙෂන්ශිප් එක ඇතුලේ ඉඳිද්දී තේරුනේ නෑ, හැබැයි එලියට ආවට පස්සේ තේරෙන්න ගත්ත කිසිම දෙයක් සිද්ද වුනේ මගේ කැමැත්තට නෙමෙයි කියන එක.

    ඔය අතරේ මෙයා මා එක්ක කතා කරන එක පොඩ්ඩ පොඩ්ඩ අඩුකරගෙන යන ගමන් හිටියේ. වැඩ ඇරිලා නිදාගන්නවා කියලා කතා කරන්නේ නෑ. කතා කලත් විනාඩි 15ක් වගේ කතා කරද්දී ආයේ ෆෝන් එක අතේ තියාගෙන නිදාගන්නවා. මට පල නොකියා පලා බෙදන ගානට හිටියේ. හැබැයි මුකුත් කියන්නේ නෑ. අර විදිහට don't care කරනවා විතරයි. මටත් සෑහෙන්න හිත රිදෙනවා ඒ වෙලාවට මම මෙහෙම ඉන්න ඕන පුද්ගලයෙක්ද කියල. මට වුනත් එහෙම කරද්දී අඩිලා තියෙනවා තනියම. ඒත් මම කට පියාගෙන හිටියා.

    දවසක් මෙයාලගේ ගෙදර හිටිය පුස් පැටියෙක් මැරිලා. මෙයාලගේ ගෙදර බල්ලෝ පුසෝ සෑහෙන්න හදනවා. ඒ පුස් පැටියා මැරුණ ඒකටත් මට අනන මනං කිව්වා. මම නිසා කිව්වා ඒ පුසා මැරුණේ, සතෙක් බලන්නවත් වෙලාවක් නෑ කිව්වා ආපු ගමන් කෝල් ගන්නවා කිව්වා. වීඩියෝ කෝල් ගන්නවයි, පැය ගණන් කතා කරනවයි කියල අනන මනං කිව්වා.

    මෙයාට ෆේස්බුක් අකවුන්ට් දෙකක් තිබ්බා. එකක් අලුතෙන්ම හදපු එකක්. එකේ මෙයාගේ නම තිබ්බ. මෙයාගේ ෆොටෝ දෙක තුනක් වගේ දාලා තිබ්බේ. කලින් ඔකේ රිලෙෂන්ශිප් දාමු කිව්වම කිව්වේ බෑ කිව්වා කට්ටිය දැනගත්තොත් මේක නතර කරයි කියල කවුරු හරි. හැබැයි එක පාරටම අන්තිම හරියේදී මෙයා අපි දෙන්නගේ ෆොටෝ දාන්න ගත්ත. බීච් ගියපු ෆොටෝ දැම්ම. love quotes එක්ක දාන්න ගත්තා. ඔකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියේ මමයි අපේ අක්කයි විතරයි. අපි දෙන්නට විතරක් පේන්න පබ්ලික් දාන්නේ ඔය හැමදේම. තව අකවුන්ට් එකක් තිබ්බා. මෙයා එකට දාල තිබ්බ ගොඩක් මෙයාගේ ෆොටෝස්. හැබැයි නම වෙන ෆේක් නමක්. ඕකේත් එහෙමට ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියේ නෑ. අර අකවුන්ට් එකට වඩා මේක පරණ අකවුන්ට් එකක්. ඔය අකවුන්ට් දෙකටම කාටවත් රික්වෙස්ට් දාන්න බෑ. එයාට විතරයි ඕන කෙනාට දාන්න පුළුවන්. කාටවත් මැසේජ් කරන්නත් බෑ. එයා මැසේජ් කලොත් ඇරෙන්න.

    අන්තිමේ මෙයා එක්ක හෝල් බලන්න ගියා. 50කට විතර පොඩියට පාටියක් දීලා වැඩේ ඉවරයක් කරන්න කීයක් වගේ යයිද කියලා දැනගන්නත් එක්ක. ඒ හෝල් බලන්න යද්දී මෙයා කළුතර බෝධියට පඬුරකුත් දාගෙන ගියේ. අනික වෙනදට එක ෆෝන් එකක් විතරක් ගෙන මෙයා එදා ෆෝන් දෙකම උස්සන් ඇවිල්ල තිබ්බ. මසේජුත් එනවා පෙනුනා වැඩිපුර. ඒත් මම මුකුත් ඇහුවේ නෑ. මම අදටත් තේරෙන්නේ නෑ ඇයි ඒ දේවල් ඒ වෙලාවේ මම ඇහුවේ නැත්තේ කියල එච්චර දේවල් වෙලත්.

    අන්තිමේ හෝල් එහෙම බලලා එයාට එදාට අඳින්න කොච්චර ගානක් යනවද කියල බලාගෙන එයාලගේ ගෙදර ගිහින් තාත්තා එක්ක කතා කළා මෙහෙම පොඩියට කරන්න හිතාගෙන ඉන්නවා කියල. එහෙම කිව්වම පොරගේ මුණ අවුල් ගියා. පොරට ඕන වෙලා තිබිලා තියෙන්නේ ලොකුවට ගන්න තව ටික කාලයක් ගිහිල්ලා. අනික සල්ලි ප්‍රශ්නත් තියෙන නිසා. මම ඉතින් ඒ පැත්තත් බලලා එහෙනම් කමක් නෑ අන්කල්ට අමාරුයි නම් ප්‍රශ්නයක් නෑ කියල,. පස්සේ කෙල්ල ටිකක් සද්දෙට කතා කළා නෑ නෑ දැන්ම ඉවරයක් කරලා දාමු. මට තව කල් ඉන්න බෑ. තව ඉඳිද්දී මේක තියෙයිද නැද්ද දන්නෙත් නෑ කියල කිව්වා. එතකොට තාත්ත බය වුනාවගේ කිව්වා හා එහෙනම් ඔයා කියනව නම් කරමු මෙච්චර වෙලා මෙයානෙ කිවේ ඔයා කියනවා නම් එහෙම කරමු කිව්වා.

    මම ඕක ගැන අක්කලටත් කිව්වා, මෙහෙම පොඩියට කරන්න හිතන් ඉන්නේ. මනමාලිට අඳින්නේ නැතුව පෝරුවේ වැඩ කරන්නේ නැතුව කියල. අක්ක කිව්වා පොඩියට කලාට කමක් නෑ. ඒත් කොහොමද පෝරුවේ නගින්නේ නැතුව මනමාලිට අඳින්නේ නැතුව වෙඩින් එකක් ගන්නේ කියල. අනික ඇයි ඔච්චර හදිස්සිත් කියල. කෙල්ල කියල තිබ්බේ පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බේ නෑ කියල මනමාලිට අඳින්න. කට්ටිය ඉස්සරහ කැපිලා පේන්න ආසාවක් නෑ කියල කිව්වා. මම ඕක අක්කට කිව්වම එහෙම වෙනද ගෑනු ළමයෙක්. ගෑනු ළමයි සාමාන්යෙන් ආසයිනේ මනමාලියෙක්ට අඳින්න. ජීවිතේට එකපාරණේ ඔහොම දෙයක් ගන්නෙත් කියල. පස්සේ ඕක කෙල්ලට කිව්වම කෙල්ල අක්කත් එක්කත් නොරොක් වුනා බාප්පා එක්ක වගේම. ඊට කලින් අක්ක එක්ක හොඳ ෆිට් එකේ හිටියේ. හිටපු ගමන් කෝල් කලා. මැසේජ් කළා. එහෙම හිටියේ. පස්සේ අක්කට මම තේරුම් කලාම කිව්වා හා එහෙනම් එයා කැමති විදිහකට කරමු කියන්න කියල කිව්වා. පස්සේ අක්ක මෙයාට කෝල් කරලා තිබ්බ. හැබැයි ආන්සර් කරලා නෑ. කෝල් 10ක් විතර ගත්ත කිව්වා. ආන්සර් කලේ නෑ කිව්වා. මෙයා මට කිව්වා රෙදි හෝදනවා කියලා. එකලූ ආන්සර් කරන්න බැරි වුනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,221
    1
    92,629
    113
    32
    Kalutara
    Part 03

    අන්තිමේ ඒ ගෙදර මිනිස්සුන්ට ලොකුවට කරන්න ඕනෙයි කියලා ඒක නිසා මැයි මාසේ වෙනකන් කල් දැම්මා කියල කිව්වා කෙල්ලම. ඔය අතරෙත් මට ආයේ කියන්න ගත්ත ඔයා මේකට අකමැති නම් කියන්න. මට තේරෙනවා ඔයා රඟපානවා වගේ. මගේ පැත්තටමයි වැරැද්ද දික් කරන්නේ. මම මෙඡ්චාර දුවල පැනලා මේකට වැඩ කලත් මෙයා කියන්නෙම මම අකමැතියිලු. මම කිව්වා එහෙම එකක් නෑ කියල.

    මෙයා ඊට පස්සේ අර එෆ්බි අකවුන්ට් එකෙන් මාව අන්ෆ්රෙන්ඩ් කරලා දාලා තිබ්බා. රිලේෂන් ෂිප් අයින් කරලා. මම ඇහුවම ඇයි කියල මම විතරක් ඕක තියන් ඉඳලා වැඩක් නෑනේ කිව්වා. ෆේක් නමකින් තිබ්බ එෆ්බි අකවුන්ට් එක deactivate කළා කිව්වා. ඒක මට පෙන්නුවේ නෑ. හැබැයි බ්‍රේකප් එකෙන් පස්සේ මගේ වෙන අකවුන්ට් එකකට ඒක පෙන්නුවා. ඒ කියන්නේ ඒකෙන් මාව බ්ලොක් කරලා. ඒක වුනේ මේ සිද්දි වලටත් කලින්. සමහර විට මම එව්වට කමෙන්ට් කරපුව react කරපුව කාටහරි පෙන්නන්නේ නැති වෙන්න තමයි එහෙම කරන්න ඇත්තේ. මම ඕක දැනගත්තේ බ්‍රේකප් එකෙන් පස්සේ නිසා මට ඕක ගැන අහන්න වුනේ නෑ. මට ඕක දැනගත්තම පට්ට අප්පිරියාවක් ආවා ඒකි ගැන නම්. මොන තරම් බාල චරිතයක්ද කියල.

    අන්තිමේ ආයේ පහුවෙනිදා කෙල්ල කියනවා රෙජිස්ට්‍රාර් ව බලන්න යමුලු, මම ආයේ තාත්තව කැමති කරගත්ත කිව්වා ජනවාරි වලම ගන්න. අන්තිමේ රෙජිස්ට්‍රාර්ව බලන්න ගියා. එයා හිටියේ නෑ එදා. පස්සේ ආයේ පහුවෙනිදා තාත්ත එක්කත් හෝල් බලන්න ගියා ආයේ. අපි කලින් බලපු හෝල් එකත් පෙන්නුවා තාත්තට. එයාටත් ඒක අල්ලල්ලා ගියා. එයා කිව්වේ ලක්ෂ 3ක් එයාට දාන්න පුළුවන් කියල. මොකද ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි ඒ මිනිසසු. හැබැයි ඒකටත් ලෝන් එකක් ගහන්න වෙනවා කිව්වා. එකත් කියන්න පුළුවන් පහුවෙනිදා කිව්වා. එදා හෝල් එක බලලා සේරම කතා කරගෙන ආව. ඒ ආපු වෙලාවේ අරය මම දාපු මැසේජ් වලට රිප්ලයි කලේ නෑ. වැඩ ඇරිලා ඇවිල්ල වෙනදට මැසේජ් කරනව ගෙදර ආවා කියල,. මම එදා ගෙදර ආවද කියල ඇහුවම සීන් විතරයි රිප්ලයි නෑ. පස්සේ මම ගෙදර ඇවිල්ල කෝල් කලාම් ආනස්ව්ර් කලේ නෑ. පස්සේ ආන්සර් කලාම කිව්වා ගමනක් ගියා කිව්වා. කොහෙද ඇහුවම කිව්වේ නෑ. කොහේ හරි කියල කිව්වේ. මම ආයේ ආයේ අහද්දී සැර කරනවා ඒකද දැන් හදිස්සි කියල. මම ආයේ අහන්න ගියේ නෑ. එදත් රෑ ඕනවට එපාවට මෙයා කෝල් කලේ. පැය භාගයක්වත් නෑ වගේ, ඊට කලින් මෙයාගේ ෆෝන් එක ඔෆ් කියල කිව්වා. අනිත් සිම් බිසී වෙලා තිබ්බෙත් නෑ.

    පස්සේ පහුවෙනිදා මම මෙයාගේ වෙඩින් සාරි එකේ ගණන් අහන්න දන්නා තැනකට කතා කළා. මම සෑහෙන්න මේක වෙන තැනට වැඩ කළා. මෙයාට කෝල් කරලා කිව්වා සාරි වල ගණන්. හැබැයි ඒ අන්දන එක්කෙනාට එදා උදේ පාන්දර තව එකක් තියෙනවා කිව්වා ඒක නිසා පහට වගේ තමා කිව්වා අන්දන්න පුළුවන්. එහෙම වුනොත් ෆොටෝ ගහන්න වෙලාවක් නැති වෙනවා කිව්වා, අපි කතා කරගෙන හිටියේ වෙඩින් එකේ ෆොටෝ විතරයි ගහන්නේ වෙන ෆොටෝ ශුට් එකක් කරන්නෙන් නෑ කියල. ඒකත් දන්නා කෙනෙක්ගේ DSLR එකකින්. මෙයා එව්වට කැමති නෑ කිව්වා. මම එයාට කිව්වම ෆොටෝ ගන්න වෙලාවක් නැති වෙනවා කොහොමත් ඒක අපිට අදාළ වෙන්නේ නෑනේ අපි ෆොටෝශුට් එකක කරන්නේ නෑනේ කියල කිව්වා. මෙන්න මෙයා සැරෙන් කියවන්න ගත්තා එහෙම කොහොමද ෆොටෝ ශුට් එකක් කරන්න ඕන,. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකකුත් කරන්න ඕන, ඇල්බම් එකකුත් හදන්න ඕන. ප්‍රොෆෙෂනල් ෆොටෝ ගන්න එක්කෙනෙක්ට කියල වැඩේ කරන්න ඕන. මට මලම පැන්න. ඒක කිව්වේ හරියට මා එක්ක ඇරියර්ස් එකක් කවර් කරන ගානට. මට කියන්න කටට ආවා නෑ මේ මගුල වෙන්නේ නෑ තමුසේ තනියම මේ මගුල කරගන්නවා කියලා. අන්තිමේ ඒකිම කෝල් එක කට් කළා වැඩ තියෙනවා කියල ඔෆිස් එකේ. මට තේරුණා මේ මගුල වුනොත් මට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න වෙන්න කියල., ඒක නිසා මේ මගුල වෙන්න නම් එපා කියල ප්‍රාර්ථනා කළා එතන ඉඳන්. ෆෝන් එකත් පැත්තකට දාලා තිබ්බේ. ඒ අස්සේ අරකි රිප්ලයි කරනවා අක්කටත් කිව්වද දැන් මම කියපු දේ, කියල, ඒකි හිතන්නේ මම ඒකි එක්ක කියන කරන හැමදේම අක්කට කියනවා කියල. මම රිප්ලයි කලේ නෑ. ආයේ මැසේජ් එකක් එවලා තිබ්බා හරි හරි ඔයා කැමති විදිහකට කරමු කියල. මම ඒකට රිප්ලයි කලෙත් නෑ. පස්සේ ආයේ මැසේජ් කරලා තිබ්බ තාත්තගේ ලෝන් එකේ අවුලක් ගිහිල්ලා සමහර විට වෙඩින් එකක් ගන්න බැරිවෙයි කියල. ඒකට රිප්ලයි කලෙත් නෑ. පස්සේ උන්ගේ තාත්ත මට කෝල් කළා.

    මෙන්න මෙහෙමයි ලෝන් එක ගන්න ගියා. පොඩ්ඩක් කල් මදි සීන් එකක් තියෙන්නේ එහෙමයි කියල නිකන් ලෝන් එකේ වැඩේ වෙන්නේ නැති වෙයි කියන කතා කෙලින් නොකියා අඩමානෙට කතා කළා. මම ඉතින් කිව්ව එහෙනම් ප්‍රශ්නයක් නෑ අපි අවුරුද්ද මැද්දට කල් දාමු කියල, අංකල්ටත් පහසුයි තව කාලෙත් තියෙනවනේ කියල. ඊට පස්සේ උන්ගේ තාත්තටත් ඒක සහනයක් කියල තේරුනා ඒ කතා කරපු විදිහෙන්. ඔව් ඒක තමා ඒක හැම අතින්ම ලේසියි, කෝකටත් අපි දෙන්නම යමු කිව්වා බලපු හොටෙල් එකට වැඩේ කල් දාන්න වෙනවා කියල කියන්න. මෙන්න ඒ කෝල් එක කට් කරපු අනිත් පැත්තට අරකිට මැසේජ් එක ගිහිල්ල. ඒ කියන්නේ තාත්ත ස්පීකර් දාලා කතා කරලා තියෙන්නේ. ඒක අහන් ඉන්න උන්ගේ අම්මා අරකිට මැසේජ් එක දෙනවා මෙහෙම වුනා කියල. අරකි මට මැසේජ් කරලා අහනව ඔයා වෙඩින් එක කල් දැම්මද කියල. මම කිව්වා ඔව් තාත්තගේ ලෝන් එක ගන්න තව කල් ඕන නිසා මම කිව්වයි කිව්වා කල් දැම්මට අවුලක් නෑ කියල. හා හා කියල රිප්ලයි කරලා මව බ්ලොක් කළා. පස්සේ ඒකි වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා මට කෝල් කරලා ඇහුවා මොකෝ වුනී කියල. මම කිව්වා තාත්තට ලෝන් එක ගන්න අමාරු නිසා මැයි මාසෙම කරමු කියල කල් අරගෙන. ඊට පස්සේ ඒකි කියනව, අපේ අම්ම තාත්තා දැන් ඔයා වැඩ කරන විදිහට කැමති නෑ. ඔයා මේක හැමතිස්සෙම කල් දානවනේ. තාත්තත් පවු අද ලෝන් එක ගන්න අද සෑහෙන්න ඇවිදලා බැංකු ගානේ. ඔයා මේක කල් දාන නිසා දැන් මටත් දැන් මේක නවත්තන්න තමා වෙන්නේ. අම්මගේ තාත්තගේ කැමැත්තට පිටින් යන්න බෑනේ මට. ඒක නිසා ඔයා මෙහෙ ආවේ නැති වුනාට කමක් නෑ. මාවත් හම්බෙන්න ආවේ නැති වුනාට කමක් නෑ. අපේ ගෙදර කා එක්කවත් කනෙක්ෂන් තියාගන්නත් එපා කිව්වා. මට නේද පට්ට සතුටුයි හිතපු විදිහටම මේ මගුල වෙන්නේ නැති නිසා. මමත් බලාගෙන හිටියේ මේකෙන් ගැලවෙන්නේ කොයි වෙළෙද කියලනේ. මම කිසිම දෙයක් ඇහුවේ නෑ. හා එහෙනම් ඔයාගේ තීරණේ ඒක නම් මම ඒකට ගරු කරනවා ඒකට කමක් නෑ කියල කිව්වා විතරයි. ආයේ අපේ ගෙදර තිබ්බ පරණ ෆොටෝ ඇල්බම් වගයක් ඒකිට දීලා තිබ්බේ බලන්න කියල. මම ඒක ඉල්ලුව එහෙනම් මට අර ඇල්බම් ටික ගන්න පුළුවන් නේද කියලා. හා මම ඒ ටික කුරියර් කරන්නම් කිව්වා. මම කිව්වා කුරියර් කරන්න ඕන නෑ මල්ලිගේ අතේ එවන්න කියල පාරට මම ඇවිල්ල ගන්නම් කියල. නෑ ඕන නෑ ඔයා අපේ ගෙදර කාවවත් ආයේ හම්බෙන්න ඕන නෑ මම කුරියර් කලාට අවුලක් නෑනේ කියල ඇහුවා. මම කිව්වා හා එහෙනම් කමක් නෑ මම ඇඩ්‍රස් එක එවන්නම් කියල. ඇඩ්‍රස් එක යැව්වට පස්සසේ ආයේ මාව බ්ලොක් කළා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,221
    1
    92,629
    113
    32
    Kalutara
    Part 04

    ආයේ පහුවෙනිදා උදේ මැසේජ් එකක් දාලා වැඩ කරන තැනට එන්න ඇල්බම් ටික එතන වැඩ කරන ඇන්ටි පාරට ගෙනත් දෙයි කියල. පස්සේ ආයේ ඒක වෙනස් කරලා එවලා ගෙදරට ඇවිල්ල මල්ලිගෙන් ඉල්ලගන්න කියල. මාත් හා කියල මල්ලිට කෝල් කරලා ගියා ඒ ටික අරන් එන්න. මල්ලි හිටියේ නෑ උන්ගේ අම්මා ගෙනල්ල දුන්නේ. පස්සේ බලද්දී ඇල්බම් එක්ක මම දීපු ප්‍රසන්ට් වගේකුයි රිටර්න් කරලා තිබ්බ. මාත් ලැස්ති වෙලා ගියේ. මට දීල තිබ්බ ලැප්ටොප් බෑග් එකකුයි, තව බයික් එකට හයි කරන ඩිජිටල් මීටර් එකකුයි රිටර්න් කරලා ආව. ඒ සේරම මට වැඩකට ඇති තෑගී නෙමෙයි. ඒකි මට කියලා වෙනම ගත්තුවත් නෙමෙයි. ඒකි ගාව කලින් ඉඳන් තිබ්බ එව්වා වගයක්. ඒකිට වෙන කවුරු හරි දීපුවද දන්නේ නෑ.

    පස්සේ මම ගෙදර ඇවිල්ල උන්ගේ තාත්තට කෝල් කරලා කිව්වා වුන සිද්දිය. මම ඇහුව අන්කල් මෙහෙම කිව්වද කියල මම කල් දානවයි කියල මේකට අකමැති කතාවක් කිව්වද කියල. නෑ නෑ එහෙම කිව්වේ නෑ කිව්වා. එයා හරි කලබලයි කිව්වා. පස්සේ හැබැයි එයාටම තේරෙනවා කිව්වා කරපු වැරැද්ද. ඒක නිසා ඉවසන එක තමා හොඳම දේ ලු. මම කිව්වා මම මෙඡ්චාර දවස් ඉවසුවා මාව don't care ගානට දාල මෙච්චර දවස් සැලකුවේ. මටත් එපා වෙලා තිබ්බේ කියලා. මම ඒත් කිව්වා පොරට කලින් එකත් පස්සෙන් ආව නිසා ඌ එක්ක ආයේ සෙට් වුනාද දන්නෙත් නෑ කියල. නෑ නෑ එයා එහෙම නරක ළමයෙක් නම් නෙමෙයි ලු. කාමරේ අතුලේමලු ඉන්නේ ගෙදර ආවත්. කොහේ හරි ගියත් අම්මත් එක්කමලු යන්නේ. මට කෝල් එකක් ගන්නම් කිව්වා එයත් එක්ක කතා කරලා. මම ඒත් හිතින් හිතාගත්තා අනේ ආයේ නම් කතා නොකලට කමක් නෑ කියල. පස්සේ එදා දවල් අරකි මැසේජ් කරලා තිබ්බ දීපු බඩුවල අඩුවක් නෑ නේද කියල. පැයකට විතර පස්සේ මම රිප්ලයි කළා නෑ කියල. ආයේ අහල තිබ්බා තාත්ත කෝල් කලාද කියල. ඒකත් පැයකට දෙකකට පස්සේ මම රිප්ලයි කළා ඔව් කියල. හැබැයි එතකොටත් මාව බ්ලොක් කරලද කොහෙද. කොහොම හරි අදට මාසයයි දවස් 4යි අද වෙනකන් සද්දයක් නෑ තාත්තයි දුවයි දෙන්නම.

    නම්බර්ස් ඩිලීට් කළා, චැට් ඩිලීට් කළා, ෆොටෝස් ඩිලීට් කළා, තිබ්බ සේරම අයින් කළා.

    ඔන්න ඔකයී මගේ කතාව. හිතපන් මම කොච්චර සැක කරන්න ඕන තැන් වල සැක නොකර, කතා කරන්න ඕන තැන් වලදී කතා නොකර හිටියද කියල. ඒ තරම්ම මාව controle කළා manipulate කළා මේ රිලෙෂන්ශිප් එක ඇතුලේ.

    මම සාමාන්යෙන් එහෙම කෙල්ලෙක් නවත්තනවා නම් එහෙම යන්න දෙන්නේ නෑ එක පාර. තව පාරක් හිතන්න කියල තේරුම් කරලා දෙනවා. ඒත් මෙතැනදී එහෙමවත් මට වුවමනාවක් වුනේ නෑ. මට ඕන නම් ඒකි හම්බෙලා කතා කරන්න තිබ්බා. ගෙදර ගිහිල්ල අම්මා තාත්ත එක්ක කතා කරන්න තිබ්බ. ඒත් මට ඒකටවත් කැමැත්තක් තිබ්බේ නෑ. එහෙම වුවමනාවක් ආවෙත් නෑ. ඒ තරම්ම මට ඒක එපා වෙලා තිබ්බේ.

    ඔව් මම පට්ට මෝඩයෙක්, පට්ටේටම ලවු කළා. පට්ටේටම ඇන්දුනා.. හැමදේටම ඉක්මන් වුනා.

    හැබැයි අන්තිමට දෙයියෝ බැලුවා වගේ මාව ඒ වලට වැටෙන්නේ නැතුව බේරුනා. හදිස්සියෙවත් මම ජනවාරි 17 බැන්දා නම් මාසයක් යන්නත් කලින් බෙල්ලේ වලදාගෙන ප්‍රෙෂර් එක දාරගන්න බැරුව, නැත්තන් ඩිවෝස් වෙලා. ඔය සීන් එක නිසා අදටත් මට පරණ මනුස්සය වගේ වැඩක් කරන්න බැරිවෙලා තියෙනවා. වෙනද උදේ 8.30 වෙද්දී නැගිටින මම අද 8.30 ට ඇහැරුනත් 9.30 වෙනකන් ඇඳට වෙලා ඉන්නවා. මොකද නැගිට්ටෝත් ආයේ පරණ මගුල් මතක් වෙන නිසා. හවස් වෙනකන් ඇඟට කිසිම පණක් නැතුව ඉන්නේ අද. නිදාගන්න එක කරන්නේ දවසෙන් බාගයක්ම. මීට මාස තුනකට කලින් මම කොහ්චර ලස්සනට හිටියද මේ මරාලයක් කඩාපාත් වෙන්න කලින්. තව මාසයක්වත් යයි මට ඒ තත්වෙට එන්න.

    Conclusion

    මම ඕකෙන් එලියට ආවට පස්සෙයි මට හම්බුනේ narcissism කියන සබ්ජෙක්ට් එක. NPD එහෙමත් නැත්තන් Narcissistic Personality Disorder කියන ලෙඩේ ලක්ෂණ වලින් 90%ක් ම මේ කෙල්ලගේ හැසිරුණ විදිහෙන් එලියට ආවා. ඔය සම්බන්දව වීඩියෝ 50ක් වත් බලන්න ඇති මම. ආටිකල් 50ක් වත් කියවන්න ඇති මම. තාමත් බලනවා තාමත් එව්වා ගැන හොයනවා.

    1. Love Bombing
    2. Gaslighting
    3. Manipulating
    4. Cheating
    5. Lying
    6. Name Calling
    7. Drama Queen

    ඔය හැමදේම ඒකිගේ හැසිරීමෙන් පෙන්නුවා. ඒකෙ කියන විදිහට මුලින් ඉන්න චරිතේ ඇත්තටම ඉන්න චරිතයක් නෙමෙයිල්. ඒකට හේතුව ඒකි දන්නේ නෑ ඒකි කවුද කියල. ඒකි එතන කරන්නේ රඟපාන එකලූ. වැඩකට නැති තෑගී දෙන එක වගේ දේවල් Love Bombing වලට අදාළ දේවල්.
    අන්තිමට දාලා යද්දී කියපු හේතුව Gaslighting වලට අදාළ දෙයක්. මොකද ඒක කිව්වම මම හිතන්න ගන්නවා මේක ඇත්තටම මගේ වැරද්දක්ද කියල. එතකොට මම මටම වරද පටවගන්නවා.

    මේ දේවල් මෙයා ඉපදෙනකොට ගෙනාපුවා නෙමෙයි. මේ සේරම මෙයාගේ අම්මා කරපු වැඩ වලින් මෙයාට වුන දෙයක්. මෙයාගේ අම්මාට අම්මා තාත්ත ඉඳලා නෑ. හැදිලා තියෙන්නේ ළමා නිවාසෙක. එතකොට දන්නේ නෑ මොකක්ද ආදරේ කියල. ඉතින් එයාට ළමයි හම්බෙද්දී ළමයට ආදරේ කියන්නේ මොකක්ද කොහොමද ළමයෙක්ට සලකන්නේ කියන්නේ කියල දන්නේ නෑ. මෙයාම මට කියල තියෙනවා අම්මා ඒ කාලේ මෙයාගේ ඔලුවට දාපුවා. අම්මගේ ප්‍රෙෂර් එක මෙයාලගේ පිටින් පිට කලාලු ඒ කාලේ. අද වුනත් එහෙමයි. උදාහරනෙකට මම මෙයාලට කෑමක් දුන්නම එන්න කියල මෙයාලගේ අම්ම මෙයාට කිව්වලු එහෙම කෑමක් දුන්නේ මේක නවත්තන්නද දන්නේ නෑ කියල. ඒ වගේ සෑහෙන්න කුණු මෙයාලගේ ඔලුවට ඒ අම්මා දානවා. ඉතින් මෙයාල ලොකුවෙද්දී මෙයාලා හිස් මිනිස්සු බවට පත්වෙනවා. මෙයාලගේ හිත වල ආදරය කියල දෙයක් නෑ. මෙයාල තනිකර රොබෝලා වගේ. මෙයාලා Takers ලා. අපි වගේ Givers ලා හම්බුනාම කරන්නේ අපේ සේරම ශක්තිය උරලා ගන්න එක. හරියට Vampire ලා වගේ. මේ වගේ අයට බෙහෙත් නෑ. මෙයාලා කවදාවත් හොඳ වෙන්නෙත් නෑ. කරන්න පුළුවන් එකම දේ අප්පේ අනාගතේ ගැන හිතලා එතනින් ඉක්මනටම අයින් වෙන එක. හදිස්සියේ හරි අපි මෙයාල වගේ අය එක්ක පවුල් ජීවිතයක් ගත කරනවා නම් සාමාන්‍ය පවුල් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා කියලයි තෙරපිස්ට්ලා කියන්නේ. මොකද අපේ මානසික ශක්තියෙන් 90%ක් ම මෙයාලට දෙන්න සිද්ද්ද වෙනවා.

    මේ වගේ බැටළු හම් පොරොවගත්ත සැහෙන්න සත්තු ඉන්නව මේ ලෝකේ. පිටින් බැලුවම මිනිස්සු වගේ පෙනුනට ඒගොල්ලෝ ඇත්තටම මිනිස්සු නෙමෙයි. ඇතුලේ ඉන්නේ මහා ජරා අප්පිරිය ගඳ ගහන සත්තු.

    මම මාස දෙකහමාරෙන් මේකෙන් ගලවුනාට ගොඩක් මිනිස්සු ඉන්නවා මේ වගේ උන් එක්ක අවුරුදු 10-20 පවුල් කන, අන්තිමට ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්වත් නැති වෙනවලු.

    ඉතින් ඔන්න ඕකයි මට කියන්න ඕන වුනේ. ගන්න දෙයක් තියේ නම් ගනින්. මිනිස්සු ලෙසියකට විශ්වාස කරන්න බෑ. හැමෝම අපි වගේ නෙමෙයි කියල හිතන්න මේක හොඳ පාඩමක් වුනා මේක. හැබැයි ඒක ඉගෙනගන්න සෑහෙන්න කැප කිරීම් කරන්න වුනා මට.
    ------ Post added on Jan 25, 2024 at 12:51 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,371
    37,311
    113
    එහෙම බැනපු නිසා මෙයාට ස්ට්‍රෙස් ආවලු. ස්ට්‍රෙස් ආපු නිසා මහත් වුනාලු. මොකද පරණ ෆොටෝ වල ලස්සනට කෙට්ටුවට ඉඳලා තියෙනවා. අරූ හම්බුනා ටිකට මහත් වෙලා. ඒ ස්ට්‍රෙස් එකටලු
    බඩු ගිලල බන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,825
    28,079
    113
    තනිකර මානසික පිස්සු ගෑනියෙක්නෙ බං? හප්පා කැරිම බේරිල්ලක් උබ බේරිලා තියෙන්නෙ. ඕක බැන්දානං උබට වෙන්නෙ එල්ලිලා මැරෙන්න. ලබු ගෙඩියගෙ ත්‍රෙඩ් එක මතක් උනා 😳🙁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,221
    1
    92,629
    113
    32
    Kalutara
    තනිකර මානසික පිස්සු ගෑනියෙක්නෙ බං? හප්පා කැරිම බේරිල්ලක් උබ බේරිලා තියෙන්නෙ. ඕක බැන්දානං උබට වෙන්නෙ එල්ලිලා මැරෙන්න. ලබු ගෙඩියගෙ ත්‍රෙඩ් එක මතක් උනා 😳🙁
    ඔව් මටත් ඒ කතාව මතකයි. පට්ටම මරාල එව්වා නම්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,221
    1
    92,629
    113
    32
    Kalutara
    තව කියන්න අමතක වුනා.

    ඇත්ත නමින් තිබ්බ එෆ්බි අකවුන්ට් එක ඩිලීට් කරලා තිබ්බ ඒකි. මගේ ෆොටෝ දාපු එක. පස්සේ ආයේ අලුතින් එකක් හදලා තිබ්බ. හැබැයි එකට ඕන එකෙක්ට රික්වෙස්ට් දාන්න පුළුවන් කම තිබ්බා දැක්ක, මම ඒක දැක්ක ගමන් බ්ලොක් කළා. දැන් මමත් එෆ්බි නෑ. බොහෝ දුරට ඒක හදලා ඊළඟට එන එකා එක්ක ෆොටෝ දායි.

    ආයේ ටෙලිග්‍රෑම් ජොයින් වුනා කියලත් මට නොටිෆිකේෂන් එකක් ආවා. ඒකෙනුත් අයින් කරලා දැම්ම.

    ගොඩක් වෙලාවට මේ වගේ මානසික ඩයල් සෙට් වුන එකාව ඩම්ප් කරන්නේ තව දුරටත් උන්ට පාලනය කරන්න බැරි බව තේරුනාම. ඒ වගේම වෙන එකෙක් සෙට් කරගත්තට පස්සේ. උන් තනියම ඉන්නේ නැති තරම්. උන්ට එකෙක් අයින් කරපු ගමන් තව එකෙක් ව ඕන වෙනවා සප්ලයි එක විදිහට ගන්න.

    උන්ගේ සතුට සහ අපේ සතුට නිර්වචන දෙකක්.

    උන් සමාජෙට පෙන්නන්නේ වෙනම මුණක් සහ ලඟින්ම ඉන්න මනුස්සයට පෙන්නන්නේ තව මුණක්. ලඟින් ඉන්න මනුස්සය තමා මුන්ගේ emotional punching bag එක වෙන්නේ.

    මම දැක්ක ගුප්තම ගෑනි තමා ඔය.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,825
    28,079
    113
    ඔව් මටත් ඒ කතාව මතකයි. පට්ටම මරාල එව්වා නම්.
    හැමදාම තොපිට තනිකඩව ඉන්න හිතන්න එපා කියලා බැන්නට මේක කියෙව්වමනං හිතෙනවා තනිකඩව ඉන්න එක දාහෙන් සම්පතක් මෙහෙම මරාලෙකට කරගහනවට වඩා කියලා. උබට හොද කෙල්ලෙක් හම්බෙයි අනිවා. ට්‍රයි කරමු අපි හොද අහිංසක ලස්සන කෙල්ලෙක් හොයාගන්න. එහෙම බැරිම උනොත් මරාල වලට කර නොගහා ආතල් එකේ තනියම ඉදපන් ❤️