මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...

මේ පල දුන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි

- අචිනි පන්නිපිටිය
af1010109.jpg
සරත් ෆොන්සේකාට මේ පල දුන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. ඔහු මගේ සැමියාවත් අපේ පවුලත් නොමරා මැරුවා. ඒ වගේ තවත් දහස් ගණනකට ඉතා කෲර විදිහට දඬුවම් දුන්නා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඔහු තද ඊර්ෂ්‍යාවෙන් හා හීනමානයෙන් පෙළෙන පුද්ගලයෙක්.


මගේ සැමියා මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටිය. නැඟෙනහිර පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්ත වීරයා හැටියටයි එදා ජනමාධ්‍යවල පළවුණේ. නමුත් සරත් ෆොන්සේකා මොකද කළේ තමන්ට ඉහළින් කෙනෙක් මතු වෙනවට ඔහු කැමැති වුණේ නෑ. මගේ මහත්තයටත් එහෙම කැපී පෙනෙන්න වුවමනාවක් නෑ. ඒ ප්‍රසිද්ධිය ප්‍රශංසාව නිතැතින්ම ලැබුණු දෙයක්. නමුත් සරත් ෆොන්සේකාට මේක දරා ගන්න බැරිව ගිහිං අපෙන් ඉතාම නරක විදිහට පළි ගත්තා. මගේ මහත්තය ගේ උසස් වීම පමා කළා. නමුත් අපි හැමදාම හමුදාවටත් රටටත් ගරු කළ අය. රට නිසා සියල්ල දරාගෙන හිටියා.


අනෝමා ෆොන්සේකා මහත්මියට හිටිය හොඳම යාළුවා මමයි. අපි ළඟ හිටියා නං කවදාවත් ඔය වගේ වැරැදි තීන්දු ගන්න, වැරැදි වැඩට යොමු වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඒවා අනෝමා ෆොන්සේකා මහත්මියට මතක ඇති.


නැඟෙනහිර මුදා ගැනීම ගැන මගේ සැමියා රාජකාරිය අනුව වාර්තාවක් ඉදිරිපත් කළා. එදා හමුදාපති ධුරයේ හිටිය සරත් ෆොන්සේකා ඕකට තදින් කෑ ගහලා බැන්නා තමුසේ කොහොමද එහෙම වාර්තා හදන්නේ කියලා. ඔහු හරිම කුහකයි. කවුරුවත් මතු වෙනවට කැමැති නෑ. පළිගන්නා වෛර සහගත මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයෙක්. හමුදාවේ දෙන්නෙක් හොඳින් ඉන්නව නං ෆොන්සේකා ඒ දෙන්නව කොටවන්න තුන්වැන්නෙක් යොදා ගන්නවා. ඒ පුද්ගලයා ලවා තමන්ගේ වැඩේ කර ගත්තට පස්සේ ගහලා පන්නනවා. ඔහු ආත්මාර්ථකාමියෙක්.
මගේ පුතාලා පුංචිම දවස්වල මහත්තයා බොරු නඩුවකට පටලවා හිරේ දමා අපි ගෙදරින් පැන්නුවා. ගෑනියෙක් හැටියට පුංචි ළමයි දෙන්නෙකුත් අරගෙන මම එදා පිටවුණේ දරා ගන්න බැරි වේදනාවකින්. වරදක් කරලා නම් කමක් නෑ. නොකළ වරදකට අපි පුදුමාකාර දුක් වේදනා වින්දා. මම ඒකයි කියන්නේ අද ෆොන්සේකා ගෙවන්නේ ඒ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. තවත් දෛවෝපගත සිද්ධියක් මට මතක් වෙනවා.


මගේ මහත්තය හිරේට දැම්මේ 2009 පෙබරවාරි 08. සරත් ෆොන්සේකා මහත්තයාටත් ඒ දේ වුණේ හරියටම 2010 පෙබරවාරි 08. ඔහු මගේ මහත්තයට කිව්වා මම තමුසෙ හමුදාවෙන් ගෙදර යවන්නේ තරුපටි ගලවලා මිස්ටර් පන්නිපිටිය හැටියටයි කියලා. බලන්න අද ෆොන්සේකා මහතා ගෙත් තරු ගැලවිලා නිකම්ම මිස්ටර් ෆොන්සේකා වෙලා ඉන්න හැටි. මගේ මහත්තයා වගේම අද ඔහු හිර දඬුවම් විඳිනවා. ඔහු පළිගත්තේ අපෙන් විතරක් නෙවෙයි ඒ වගේ දහස් ගණනක් ඉන්නවා. අපිට අදටත් සාධාරණය ඉටුවෙලා නෑ.


මගේ මහත්තයට කරදර වුණ වෙලාවේ මාත් එක්ක කවුරුවත් හිටියද. නමුත් අද අනෝමා මහත්මිය වටේ කිහිප දෙනෙක් ඉන්නවා. එදා මගේ ටෙලිෆෝන් කෝල් එකට උත්තර දෙන්නවත් අනෝමා ආවේ නෑ. ඒකයි ඇත්ත කතාව.


එදා ආරක්ෂක තත්ත්වය යටතේ පොලිස්පති කළ දැනුම් දීම මත මගේ මහත්තයට විශේෂ ආරක්ෂාවක් වුවමනා වුණා. එයා හමුදාවේ වාහනවලට අමතරව පෞද්ගලික වියදමින් තව වාහන දෙක තුනක් යෙදෙව්වා. ඒකත් ෆොන්සේකා මහත්තයා ගත්තේ වැරැදි පැත්තට. බොරු චෝදනා දාලා මහත්තයට බල කළා හමුදාවෙන් අස්වෙලා යන්න කියලා. මේ ගැන අපි

ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ තීන්දු එකක්වත් ඔහු ගණන් ගත්තේ නෑ. උසාවි තීන්දුවලට බය නෑ වගෙයි පෙන්නුවේ. මේ අසාධාරණය කාට කියන්න ද? අපිට කරකියා ගන්න දෙයක් නැති වුණා. එක්කෝ අස්වෙලා යන්න නැත්නම් විශ්‍රාම වැටුපත් නැතිව ගෙදර යන්න වෙයි කියලා ඔහු අපිට කිව්වා.



අද ෆොන්සේකාට වෙලා තියෙන්නෙත් ඒකමයි. දිට්ඨ ධම්ම වේදනීය

කර්මය. කොටි ත්‍රස්තවාදී තර්ජන මැද්දේ පවා ඔහු අපිට උසාවි තීන්දුව අනුව ආරක්ෂාව දුන්නේ නෑ. ඒ වෙනුවට විවිධාකාර තර්ජන හා මරණ බිය ඇති කළා. පනාගොඩට මාරු කරලා පාරමී කුලතුංග මහතාට වුණ විපත්තිය මගේ මහත්තයටත් කරන්නයි හැදුවේ. පුතාලා පුංචි දවස්වල එයාලගේ අසනීපයකදීවත් මහත්තයට නිවාඩුවක් දුන්නේ නෑ. අපිට පුදුමාකාර වධ දුන්නා. ඔහුට වඩා උගත් කෙනෙක්, කැපී පෙනෙන කෙනෙක් ඉන්නවට කැමැති නෑ. කුහක පුද්ගලයෙක්. අද ෆොන්සේකා මහතා ගෙවන්නේ තමන් කළ පව්. මම ඒ බව බය නැතිව කියනවා.


නමුත් ඔහු බෝම්බෙට හසුවූ වෙලාවේ අපි හිටියේ ඉන්දියාවේ. බොහෝම දුර ගෙවලා පන්සලකට ගිහිං බෝධි පූජා කළා ඉක්මනට සුවපත් වෙන්න කියලා. අපි සෙත් පැතුවා. මෛත්‍රී කළා. නමුත් ඔහු වෛර පිරිමහනවා. කිසිම වරදක් නොකළා වුණත් අපිට වධ දුන්නා. අදත් මම කතා කරන්නේ වෛරයෙන් නෙවෙයි. නමුත් වෙච්ච දේ තමා ඔය කිව්වේ. මම පොදු ඉල්ලීමක් කරන්න කැමැතියි අපිට වගේම අසාධාරණවලට ලක්වුණ අනිත් අයටත් සාධාරණය ඉටුකරන්න කියලා.
සංවාද සටහන
කේ.සී.ජේ රත්නායක


 
  • Like
Reactions: BLACK HAT

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
සරත් ෆොන්සේකා නිසා දුක් විඳින රණවිරුවන්ට මුලින්ම සමාව දෙන්න

- මේජර් ලක්ෂ්මන් පලිපාන
af1010106.jpg
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාව දෙන්න කියලා කරන කතා අද අපිට අහන්න ලැබෙනවා. ඒක ජනාධිපතිතුමා විසින් ගත යුතු තීරණයක්. නමුත් මම පොදු ඉල්ලීමක් කරන්න කැමතියි.
ෆොන්සේකා මහතාට සමාව දෙන්න කලින් ඔහු නිසා හිරේ විලංගුවේ වැටිලා අදත් දහ දුක් විඳින රණවිරුවන්ට සමාව දෙන්න කියලා.



ෆොන්සේකා මහතා හිරෙන් එළියට එන්න කලින් විධිමත් පරීක්ෂණයක් කරලා හිරේ වැටිලා දුක් විඳින දහස් ගණනකට සාධාරණය ඉටු කරන්නැයි මම ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා.



මම දන්න තරමට බොරු චෝදනා, පෞද්ගලික එදිරිවාදිකම් මත 5000 ක් විතර රණවිරුවෝ සහ ඔවුන්ගේ දරු පවුල් අසීමිත දුක් විඳිනවා. ඒවාට ෆොන්සේකා මහතා ඍජුවම වගකියන්න ඕනේ. ඒ අයටත් සාධාරණය යුක්තිය ඉටු වෙන්න ඕනෙමයි.


සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වශයෙන් හිටිය කාලේ මම සේවය කළේ මහනුවර. එතකොට හමුදාපති ධූරය දැරුවේ ශාන්ත කෝට්ටේගොඩ මහතායි.
ෆොන්සේකා මහත්තය ගේ වුවමනාවට කාන්තාවෝ දෙන්නෙක් පල්ලේකැලේ කඳවුරේ නීති විරෝධීව හංග ගෙන හිටියා. ඔවුන්ට එරෙහිව බරපතළ විනය චෝදනා තිබුණා. මට ඉහළින් නියෝග ලැබුණා ඒ සෙබළියන් දෙන්නා කඳවුරෙන් පිට කරන්න කියලා. ඔවුන් මට කීවා සරත් ෆොන්සේකා මහතාට කතා කරලා කිව්වොත් විතරක් යන්නං එහෙම නැත්තං යන්න එපා කියලා ෆොන්සේකා මහතා කිව්වා කියලා. සාමාන්‍යයෙන් හමුදාව තදින් විනය රකින ආයතනයක්. නියෝග පිළිපදිනවා මිස උසස් නිලධාරීන්ට පෞද්ගලිකව කතා කරන සිරිතක් නෑ.


ඒ නිසා මම මට ලැබුණු නියෝගය ක්‍රියාත්මක කළා. ෆොන්සේකා මහතා හමුදාපති වූ හැටියේ ම අර සෙබළියන් දෙන්නා සියලු චෝදනාවලින් නිදහස් කරලා හිඟ වැටුප් පවා ගෙවලා නැවත සේවයට ගත්තා. මට කතා කරලා කිව්වා එදා ඉඳන් හමුදා සේවයට එන්න එපා ගෙදර නවතින්න කියලා. මාව කඳවුරෙන් එලෙව්වා. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්මා. 2006 මාර්තු 01 දා තීන්දුව ලැබුණා. මට සම්පූර්ණ වැටුප් ගෙවන්න කියලා. නමුත් ඔහු ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිපැද්දේ නෑ. මම ත්‍රස්තවාදීන් එක්ක සටන් කරලා ආබාධිත වුණ සෙබළෙක්. අදත් මගේ ශරීරයේ මැහුම් කැළැල් 400 ක් විතර තියෙනවා. ෆොන්සේකා මහතාට වඩා අපි ත්‍රස්තවාදීන් නිසා දුක් වින්දා.



එහෙම මාව පාරට දැම්මා. මම නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒත් නියෝගය ක්‍රියාත්මක කළේ නෑ. තුන් වැනි වතාවටත් අධිකරණයට ගියා. ඒත් ෆොන්සේකා මහතා නීතියට හිස නැමුවේ නෑ. අපි අන්ත අසරණ වුණා. ඔහු මට කිව්වා මම මේ තීන්දු වීසි කරනවා. මට ඉහළින් තීන්දු ගන්න මේ රටේ කාටවත් බැහැයි කියලා. ඔහු ඒ තරම්ම උද්ධච්ඡ මනුස්සයෙක්. මගේ ජීවිතය විනාශ කරනවා. මරණවා කියලා නොයෙක් කරදර කළා. ගෙදර දුරකථනය වත් බයක් නැතිව පාවිච්චි කරන්න ලැබුණේ නෑ.
 

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
....

මම වෙන කරන්නම දෙයක් නැති තැන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා මාර්ගයෙන් මේ අසාධාරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ගැන විභාග කරන්න 2008.11.18 දා එවකට කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ අවසරය ලැබුණා. එදා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජ.වි.පෙ මන්ත්‍රීවරු ෆොන්සේකා මහතාගේ ක්‍රියා කලාපය තදින් විවේචනය කරලා කිව්වා මොහු හමුදාපති ධූරයට නුසුදුසු පහත් පෙළේ පුද්ගලයෙක්ය කියලා. ඒ කතා හැන්සාඩ් වාර්තාවල තියෙනවා. නමුත් මට සාධාරණය ඉටු වුණේ නෑ.


ආබාධිත සෙබළෙක් හා හමුදාවෙන් පන්නපු පුද්ගලයෙක් නිසා මට කිසිම තැනක රස්සාවක් ලැබුණේ නෑ. මේ වගේ ම අහිංසක රණවිරුවෝ 5000 ක් විතර ෆොන්සේකා මහතා ගේ බොරු චෝදනා මත හිරේ විලංගුවේ වැටිලා දහ දුක් විඳිනවා. ඒ දරු පවුල් අදටත් අන්ත අසරණයි. ඔවුන් ගැන බලන්නේ කවුද? ෆොන්සේකා මහතාටත් වඩා මේ රණවිරුවෝ රට වෙනුවෙන් දහ දුක් විඳගෙන සටන් කළ අයයි. ඒ සමහරු අදටත් බයයි තමන්ට වුණ අසාධාරණය එළිපිට කියන්න. ඔහු ඒ තරම් භීෂණයක් ඇති කරලා තිබුණා.


නමුත් මම ඒ හැමෝම වෙනුවෙන් කතා කරලා තියෙන්නේ සරත් ෆොන්සේකාට සමාව දෙන්න කලින් මේ රණවිරුවන් ගැන විධිමත් පරීක්ෂණයක් කරලා සාධාරණය ඉටු කරන්න කියලයි. ජනාධිපතිවරණ කාලෙදි ෆොන්සේකා මහතා කළ පහත් වැඩ රූපවාහිනියෙන් පුවත්පත්වලින් හෙළිදරවු කළා. ඒ එකක් වත් ඔහු ප්‍රතික්ෂේප කළේ නෑ. ඒවා බොරු නම් අපහාස නඩු දාන්න පුළුවන්. නමුත් ඔහු එකම නඩුවක්වත් දැම්මේ නෑ.


ත්‍රස්තවාදය පරාජය කිරීමේ සම්පූර්ණ කීර්තිය තමන්ට ගන්නයි ෆොන්සේකා ක්‍රියා කළේ. නමුත් මල්ලවාරච්චි වගේ රණවිරුවෝ යුද්ධයෙන් 2/3 ක් අවසාන කරලයි තිබුණේ. අනිත් සෙන්පතියෝත් කැපවුණා. නාවික - ගුවන් සහාය නොතිබෙන්න මේ යුද්ධය දිනන්න බෑ. යුද්ධයේ අන්තිම දවස්වලත් ෆොන්සේකා මහතා හිටියේ නෑ. නමුත් ඔහු නැති ගෞරවයක් සම්පූර්ණයෙන් තමන්ට ලබා ගන්න ක්‍රියා කරන බල ලෝභියෙක්.


පුද්ගලයෙක් හැටියට ඔහු හිතුවක්කාර ඊර්ෂ්‍යා සහගත මානසික පීඩාවකට පත් වුණ කෙනෙක්. අපි ස්කෝලේ යන කාලේ වෙච්ච රණ්ඩු ලොකු වුණාම මතක තියා ගන්නේ නෑ. එදා ගහගත්ත දෙන්නෙක් අද හමු වුණොත් හිනා වෙලා බදා ගන්නවා. නමුත් ෆොන්සේකා මහතා පාසල් කාලේ වෙච්ච රණ්ඩුවක් හිතේ තියාගෙන නාවික හමුදාවත් එක්ක පුදුමාකාර කෝන්තරයක් අරගෙන ගියා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුදුමාකාර ඉවසීමකින් ඉතා දක්ෂව තත්ත්වය පාලනය නොකළා නම් මේ යුද්ධය කවදාවත් දිනන්න ලැබෙන්නේ නෑ. ෆොන්සේකා මහතා ත්‍රස්තවාදීන්ට වඩා වෛර පිරිමහන්න ගත්තේ නාවික හමුදාවෙත්, ඔහු දුර්වල මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් බව කියන්න ඒ සිද්ධියම ඇති.



ෆොන්සේකා මහතා යුද අධිකරණයෙන් වරදකරු වෙලා අද බන්ධනාගාරයේ. යුද අධිකරණයෙන් දඬුවම් ලැබුව තවත් 5000 ක් විතර අදත් දුක් විඳීනවා. ඔවුන් රට වෙනුවෙන් ලේ කඳුළු හෙළපු රණ විරුවෝ. එහෙම නම් ඔවුන්ටත් සමාව දෙන්න ඕනේ. ඒ සියල්ලට වඩා ෆොන්සේකා මහතා හමුදාපති ධූරයේ සිටියදී කරපු පෞද්ගලික පළිගැනීම්වලින් ජීවිත විනාශ වුණා. දරු පවුල්වලට දැන්වත් සාධාරණය ඉටු වෙන්න ඕනේ. මේවා ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලන්නේ කරුණු හොඳ හැටි දන්නා නිසයි. ෆොන්සේකා මහතා ගැන කතා කරන අය මේවා නොදකින්නේ ඇයි කියන කාරණේ මට බරපතළ ප්‍රශ්නයක්.


1975 නත්තල් දවසේදී ෆොන්සේකා මහතා අතින් කාන්තා සේවිකාවකට බරපතළ වරදක් වුණා. හමුදා විනය අතින් ගත්ත ම ලොකු වරදකි. මේවා විභාග වෙද්දී ජෙනරාල් සිරිල් රණතුංග හා විජය විමලරත්න කියන හමුදා නායකයෝත් හිටියා. කාන්තාවන් සම්බන්ධයෙන් ඔහු කළ නොපනත්කම්වලට එරෙහි වුණ හැමෝටම සිද්ධ වුණෙත් ගෙදර යන්න. ලුතිනන් සම්පත් වීරක්කොඩිආරච්චි, ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර, ලුතිනන් කර්නල් සී.එන්. පෙරේරා යන නිලධාරීන් ට කෲර විදිහට සැලකුවා.



ඒ සම්බන්ධ නඩු අධිකරණයට ඉදිරිපත් වුණා. මේ වගේ සිද්ධි සිය ගණනක් තියෙනවා. එක වතාවක් ගොනෝරියා හැදුණු සෙබළියකගේ ඇඳ ඇතිරිල්ල අහක් කළේ නෑ කියලා ෆොන්සේකා මහතා අදාළ නිලධාරියාට දස වධ දුන්නා. මේවා ඉතා පහත් පෙළේ හැසිරීම්. අපි කියන්නේ බොරු නම් ෆොන්සේකා මහතාට අපහාස නඩු දාන්න පුළුවන්. නමුත් ඔහු එහෙම නොකරන්නේ ඒවා ඇත්ත නිසයි. නිලධාරීන්, රණවිරුවන් ගෙන් පන්න පන්න පළිගත්ත ෆොන්සේකා මහතා ඒ දරු පවුල් අන්ත අසරණ කළා. මේවා ගැන කතා කරන්නේ කවුද? මම නැවත නැවත කියන්නේ ෆොන්සේකා මහතාට සමාව දෙන්න කලින් ඔහු නිසා විපතට පත් වුණ, අසරණ වුණ දහ දුක් විඳින රණවිරුවන් දහස් ගණනටත් සාධාරණය ඉටු කරන්න කියලා.
සංවාද සටහන
කේ.සී.ජේ රත්නායක
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ඔකේ කොහේ හරි කියල තියනවද මගේ මහත්තයා වැලිවේරිය පැත්තේ නිදානයක් ගන්ඩ ගිහින් තමයි ගමේ මිනිසුන්ටයි පොලිසියටයි අහු උනේ කියල? ඇයි නිදානයක් හාරන්ඩ ගියේ කියලා ඔක්කොටම කලින්? :rolleyes::rolleyes::rolleyes:
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මේ අයත් කගේ හරි දේශපාලන ඉත්තෙක් උනානම් කතා කරන්න ඕන තරම් අය ඉදිවී.:(:(:(:(
     
    නිධානයක් හාරලා ගමේ මිනිස්සු ගස් බැදලා පොලිසියට බාර දීපු පරාක්‍රම පන්නිපිටියනෙ මේ ... දැන් බැලුවම ආන්ඩුව හිතන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ළග ඉතිහාසය අමතක වෙන මන්ද මානසිකත්වයක් තියනවා කියළනෙ ... ආන්ඩුවට කැස්සොත් පරණ ෆයිලුත් සුද්දයි මරුම තමා ... හැබෑට ගොං බූරුවනේ තොපිලට මොළයක් කියලා දෙයක් නැද්ද
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    නිධානයක් හාරලා ගමේ මිනිස්සු ගස් බැදලා පොලිසියට බාර දීපු පරාක්‍රම පන්නිපිටියනෙ මේ ... දැන් බැලුවම ආන්ඩුව හිතන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ළග ඉතිහාසය අමතක වෙන මන්ද මානසිකත්වයක් තියනවා කියළනෙ ... ආන්ඩුවට කැස්සොත් පරණ ෆයිලුත් සුද්දයි මරුම තමා ... හැබෑට ගොං බූරුවනේ තොපිලට මොළයක් කියලා දෙයක් නැද්ද

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිධානයක් හාරලා ගමේ මිනිස්සු ගස් බැදලා පොලිසියට බාර දීපු පරාක්‍රම පන්නිපිටියනෙ මේ ... දැන් බැලුවම ආන්ඩුව හිතන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ළග ඉතිහාසය අමතක වෙන මන්ද මානසිකත්වයක් තියනවා කියළනෙ ... ආන්ඩුවට කැස්සොත් පරණ ෆයිලුත් සුද්දයි මරුම තමා ... හැබෑට ගොං බූරුවනේ තොපිලට මොළයක් කියලා දෙයක් නැද්ද

    මුන්ගේ ඉතිහාස නහරේ කපලා බන්. එකනේ මේ. :P:P:P
     
    Oct 8, 2010
    9
    4
    0
    පරාක්‍රම නිධන් හැරුව කියමුකෝ එතකොට "මේජර් ලක්ෂ්මන් පලිපාන" ගැන දුක නැද්ද ..?
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අපි නොදන්න පන්නිපිටිය....නිදන් හොරා සහ පිරිවර...

    අනේ පව්..නෝනට කීයක් දුන්නද දන්නෙ නැහැ ඔය ටික කියන්න..

    ඇයි බූරුවො.. ඔය තීරණයට අත්සන් කලෙත් උඹලගෙ ඔය මහ ලොකු ලොක්ක තමයි....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    න්නෙ නැත්නම් ඔය ඇන්ටිට කෝල් එකක් දීල අහන්න කියපන් කෝ..මොකො ගොඨා අත්සන් කරනවද? ජෙනරල් අත්සන් කරනවද??

    ඉතින් ඇයි ඔය පොර MRලොක්කගෙන් සමාව ඉල්ලන්නෙ නැත්තෙ...අපරාදෙ...ලොක්කා බලාගෙන ඇත්තෙ සමාව ඉල්ලනකම්...:lol::lol::lol::lol:

    ඔය ඇන්ටි දන්නෙ නැතුව ඇති ලොක්ක එහෙම සමාව දෙනව කියල...
    පොඩ්ඩක් ඇන්ටිට SMS එකක් දාල කියපන්..පව් වැඩේ..

    අනේ පලයන් බන් යන්න...එක එකාගෙ පස්ස ලෙවින ඈයො..

    තොපිට මොළේ කළඳක් නැහැ කියන්නෙ ඕකනෙ...ඔහේ දානවා...
    පොන් ....n පැටව්...
     
    • Like
    Reactions: guamini

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටේ රාල;8454199 said:
    පරාක්‍රම නිධන් හැරුව කියමුකෝ එතකොට "මේජර් ලක්ෂ්මන් පලිපාන" ගැන දුක නැද්ද ..?

    Lakshman Palipana and Siri Perera were very famous rouges in Sri lanka Army. They had been sent out of the Army by Gen SF after investigations taken place in accrdence with appropriate military procedures. Palipana is famous in the Army as a number one rouge and Siri Perera is a Bum Sucker of some "Senior Rougs".... දන්නෝ දනිති.. :rolleyes::rolleyes::rolleyes: