මෙන්න හොම්මං කතාවක්

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
මෙන්න හොම්මං කතාවක්

ඔහු සෙල්වම්ය. පදිංචිව සිටියේ ගම්පහ රෝහල ඉදිරිපිට වත්තේ යාන්තම් අටවාගත් නිවසකය. පියාගේ උරුමයෙන් ඔහු වෙත ලැබුණ ගම්පහ මිනී කාමරයේ රැකියාව සඳහා පත්වන විට ඔහු යාන්තම් අවුරුදු දහ හත සම්පූර්ණ කළා පමණි. මෙම කාල වකවානුව එක්‌දහස්‌ නවසිය හැත්තෑදෙක මුල් භාගයයි. මාද දෙවිසි හැවිරිදි තරුණයෙක්‌මි. ගුරුවරයකු ලෙස ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලයේ වානිජ අංශයේ සේවය කළෙමි. මෙකල ගම්පහ නගරය එතරම් දියුණු නගරයක්‌ නොවිය. ගම්පහ රෝහල පිහිටියේද යක්‌කල පාරේය. වත්මන් නව ගොඩනැඟිල්ල පිටුපසය. අදද එම ගොඩනැඟිල්ල නවීකරණය වෙමින් රෝගී වාට්‌ටු පවත්වාගෙන යති. අද මිනී කාමරය තිබෙන තැන එදා නිවාරණය කළ පහසුකම් තිබූ මෘත ශරීරාගාරයක්‌ නොවීය. ආවරණයක්‌ රහිත වූ මිනීකාමරය පසුපස කබරයින්ගේ රජ දහනකි. නොමිලයේ ලැබෙන කට ගැස්‌මට පුරුදු පුහුණු වී සිටි කබරයින් ඇතැම් විට මිනී කාමරයට ඇතුල් වූ අවස්‌ථා ඇති බව සෙල්වම් අප සමග පවසා තිබිණි.

සෙල්වම් මාගේ මිත්‍රයකු වූයේ ඇතැම් දිනවල රාත්‍රියේ එකල මා සතුව තිබූ මෝටර් රථයෙන් හදිසි ලෙඩ රෝගීන් ගම්පහ රෝහලට ගෙන එන නිසාත් ඇතැම් දිනවල රෝගීන් ආපසු රැගෙන යාමට සිදුවූ විට කල් මරමින් සිටින අතරතුර සෙල්වම් මා හා කතාබහ කර හිතවත් කමක්‌ ඇතිවිය.

මේ ඔහු මා සමග පැවසුව එක්‌ කතාවක්‌ පමණි.

රැකියාවෙන් විශ්‍රාම ලබන තෙක්‌ හෝ ඉල්ලා අස්‌වන තෙක්‌ ඔහුට සිදුවූයේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමාට මරණ පරීක්‍ෂණ පැවැත්වීමට මෘත ශරීරයන් කපා අවශ්‍ය මිනිස්‌ අවයව ඉදිරිපත් කිරීමය. ඒ මරණ පරීක්‍ෂණ සිදුකරනු ලබන අධිකරණ වෛද්‍ය නිලධාරිතුමාට සහය පිණිසයි. ඇතැම් දිනවල මළ සිරුරු පහ හය පරීක්‍ෂණ සඳහා කපා සහය වන සෙල්වම්ට එකී මළ මිනියක්‌ කැපීම අපට සාලයෙක්‌, හුරුල්ලෙක්‌ කපන ආකාරයය. වියපත්, තරුණ, ළමා යන කවර වයසක පසු වුවද පරීක්‍ෂණ සඳහා මිනී කපන සෙල්වා ඒවායින් නිකුත් වන දුගඳ උසුලනු නොහැකි නිසා මත්පැන් පානය කිරීමට පෙළඹී සිටින බවයි මා සමග පැවසුයේ. එපමණක්‌ නොව ඇතැම් දිනවල මත් ගතිය වැඩිවී වෙරි වූ පසු මිනී කාමරයේම සිමෙන්ති ආසනයක්‌ මත වැතිරී නිදා ගන්නට පවා සෙල්වම් පුරුදුවී සිටියහ. බිය යනු කුමක්‌ද ඔහු දන්නේ නැත. එවන් දිනක සෙල්වා මුහුණ පෑ මේ ඇඟ කිළි පොලා යන සිදුවීම ඇසූ මගේ ඇඟේ මයිල්ද කෙළින් වූ සෙයක්‌ දැනුනි.
 
Last edited:

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
තද වෙරි මතින් නිවසට නොගිය සෙල්වම් එදා මිනී කාමරයේ කොනක නිදා ගත්තේ මිනියක්‌ සමග ගෙනවිත් තිබූ කොට්‌ටයක්‌ද හිස මත තබාගෙනය. එදින පසුදින පරීක්‍ෂණයට ලක්‌ කිරීමට නියමිත තිබූ රූමත් තරුණියකගේ මළ මිනියක්‌ද, වියපත් මවකගේ මළ මිනියක්‌ද, හදිසි අනතුරකින් මියගිය පියකුගේ සහ දරුවෙකුගේද මළ සිරුරු එහි තුළ විය. ජීවිතයේ වැඩි කලක්‌ මළමිනී සමග ජීවත් වූ සෙල්වම්ට එය ගණනක්‌ නොවීය. ඔහුට තද වෙරි මතක්‌ද තිබුණි. මෘත ශරීරාගාරයේ මළ සිරුරු තිබූ නිසා විදුලි ආලෝකයද දල්වා තිබිණි. මධ්‍යම රැයේ දොලහේ කණිසම පසුවනවාත් සමගම සෙල්වාගේ සිරුර දවටා ගෙන කවුරුන් හෝ සිටින බව දැනී සෙල්වා දෙනෙත් විවර කළ විට ඔහු ඉදිරියේ රූමත් කාන්තාවක්‌ බත් පාර්සලයක්‌ වැනි යමක්‌ අත දරා ගෙන සිටිනු දැක ඇත.

සෙල්වා පැවසූ ආකාරයට ඇය දෙවඟනක්‌ බඳුය. සුදු සේලයකින් ගත දවටා ගෙන ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටින රූමතිය කවුරුන්දැයි නින්දෙන් මෙන් සෙල්වා සිහිපත් කළද කවුරුන්දැයි විමසීමට සෙල්වාගේ මුව විවර නොවුණ බවත් දැනී ඇත. සෙල්වා ජීවිතයේ කිසිදු දවසක නොලද අත්දැකීමක්‌ වූයෙන් ඔහුගේ මුළු ගතම දහදියෙන් තෙමී ගිය බවත් සිරුර වෙව්ලීමටත් පටන්ගෙන ඇත. මෙය සෙල්වාට ඇසුන හැටි යෑයි ඔහු පැවසීය. "අයියේ මම අද උදේ වැඩට යන ගමන් උදේට කන්න මොනව හරි ගන්න පාර මාරුවුණා විතරයි මට දැනුන විදියට මගේ ඇඟේ විශාල වාහනයක්‌ හැප්පුනා වගෙයි දැනුනේ. පස්‌සේ මට සිහිය එන කොට හිටියේ ඉස්‌පිරිතාලේ වගේ ගෙදරක ඇඳක්‌ උඩ. අනේ අයියේ මට දැන් ඉවසන්න බැරි තරම් බඩගිනියි. තරහ නැතිව මට මොනව හරි කන්න ගෙනත් දෙන්නැයි ඇය කළ ඉල්ලීම සෙල්වාට ප්‍රතික්‌ෂේප කළ නොහැකි වුවත් මේ රැයේ කෑම කඩයක්‌ හොයා ගන්න ගම්පහ නගරයේ තිබුණ කුමාරි හෝටලය වෙත යා යුතුය.

එහෙත් මේ වෙලාවේ කොහොම යන්නද? කවුද මේ කෙල්ල මෙහාට කොහොමද ආවේ සෙල්වාට ප්‍රශ්න වැළැක්‌විය. කමක්‌ නැහැ නංගි ඉන්න මම ගෙනත් දෙන්නම් කියා මිනී කාමරයේ තම සිමෙන්ති ආසනයෙන් නැගිටගත් සෙල්වා හෙට උදයේ පරීක්‍ෂණවලට තබා තිබූ මළ සිරුරු දෙස නිකමටවත් නොබැලුවේ බියකට නොව මළ මිනියක්‌ දැකීම හිතට වදයක්‌ නිසාවෙනි. පයිප්පයෙන් මුහුණ සෝදාගත් සෙල්වා කුමාරි හෝටලය කරා යැමට රෝහල පිටුපස පාරෙන් පිටට ආවද යා යුතු වූයේ දුම්රිය පළ ආසන්නයට වුව සෙල්වාට ඉදිරියෙන් යන තරුණිය සමග යක්‌කල පාරේ ඉදිරියට ගියේ ඇය පිටුපසිනි. ද්‍රවිඩ සම්භවයක්‌ ඇතිවුවද සෙල්වා ගුණ ගරුක අයෙකු විය. රැයක ගැහැණියක්‌ සමග මහ මග ගමන් කිරීම නොහොබිනා ක්‍රියාවක්‌ වුවද ඇයගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළ නොහැකි හෙයින් ඇය පිටුපසින් ගියේ ඇයට ආරක්‍ෂකයකු වශයෙනි.
 

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
සෙල්වාටද තමුන් ගමන් කරන්නේ ගම්පහ නගරය දිහාවටද යක්‌කල දිහාවටද යන්න එතරම්ම නොතේරුණ බවක්‌ හා ඔහු පියවි සිහියෙන් නොවන බවක්‌ යාන්තමට මතක තිබුණ බව ඔහුට මතකය. බණ්‌ඩාරනායක මහ විද්‍යාලය අසලින් හැරී යන තරුණිය පසුපස ගිය සෙල්වාට විදුලි ආලෝකයක්‌ පෙනුනි. ඔහු සිතා ඇත්තේ රෑ කඩයක්‌ ලෙසය. තරුණියද ඉදිරියෙන් ගමන්කරන බවක්‌ පෙනුණි. ඔහුට කිසි බියක්‌ නොදැනුණේ දෙදෙනෙක්‌ නිසාය. එහි පරිසරය සෙල්වාට අමුතු එකක්‌ ලෙස දැනෙන්නට විය. විදුලි ආලෝකයෙන් දුටු රෑ කඩයක්‌ එහි නොවීය. ඔහු සමග පෙර ගමන් ගත් තරුණියද පෙනෙන්නට නොවීය. සෙල්වා සැබෑ පියවි තත්ත්වයට පත්ව ඇස යවා බැලුවේ තමන් දුටු රෑ කඩය කොහේද? යනුවෙනි. එහෙත් සෙල්වා දුටුවේ කඩයක්‌ නොව කඩයක්‌ ලෙස මුලින් දුටු මෘත ශරීරයන් අවසන් කටයුතු කිරීමට පෙර තබා තිබෙන සිමෙන්ති ආසනයක්‌, එය කසගහවත්ත පොදු සුසාන භූමිය බවක්‌ දැන ගන්න විට ඔහු සමග පැමිණි රූමතිය දක්‌නට නොවීය.

ජීවිතයේ වැඩි කලක්‌ මළ මිනිසුන් සමග ජීවත්වන සෙල්වාට එතරම් බියක්‌ නොවුණද එවන් අත්දැකීමක්‌ ඔහු ලද පළමු අවස්‌ථාවද එය විය. ආපසු පැමිණි සෙල්වා හිරු නැගෙනතුරු නිදිවර්ජිතව සිටි බවත්, සිදුවූයේ කුමක්‌ද යන්න ඔහු සිහිපත් කළ බවද පැවැසීය. පසුදින සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවලට අවතීර්ණය වූ සෙල්වා මෘත ශරීරාගාරයේ තිබූ රූමත් තරුණියගේ සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිතුමාගේ අවශ්‍යතා පරීක්‍ෂණයන්ට අවශ්‍ය ශරීරාංග කපාදී ඇරඹුණ මරණ පරීක්‍ෂණයේදී මරණ පරීක්‍ෂක තුමා ඉදිරිපිටදී අනාවරණය වූයේ වැලිවේරියට ආසන්නව පදිංචිව සිටි ඇය කඩවත ප්‍රදේශයේ රබර් භාණ්‌ඩ නිෂ්පාදනාගාරයක සේවය කරන්නියක්‌ බවත් උදේ බසයෙන් පැමිණ කඩවත බලා යැමට පෙර ඉඹුල්ගොඩ හන්දියෙන් බැස්‌සේ කොළඹ බසයක්‌ පැමිණෙන තුරුය. එයිට පෙර උදේ ආහාර ගෙන යැමට අසල කඩයකට යැමට පාර මාරු වීමත් සමග නුවර දෙස සිට පැමිණි හිස්‌ කන්ටේනරයක ඇය හැපී විසිවුණ බවක්‌ ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකු මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂියක්‌ ලෙස අනාවරණය කර තිබිණි. හදිසි අනතුරකින් කුස ගින්නේ මියගිය රූමතිය ගේ නිසල සිරුර මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබියදී ආත්මය ආහාර සොයා ගිය බවයි සෙල්වාගේ මතය. එවන් සිදුවීම් සෙල්වා මා සමග පවසා ඇතත් එකිනෙක පසුව හෙළි කරන්නම්.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අහ් මං හිතුව මට විතරයි දුක කියල. මොනව වුනත් ඒ ගැණි හැප්පිච්ච වාහනේ අපරාදෙ. වාහනේ ගැන මටත් දුකයි :(
    :P :P :P :P :P :P

    ඇයි උබ කන්ටෙනර් ඩැයිවර් කෙනෙක්ද වාහනේ ගැන දුක් වෙන්නෙ ඒ ලමය ගැන නැතුව!:nerd: