මෙන්න හොම්මං කතාවක්
ඔහු සෙල්වම්ය. පදිංචිව සිටියේ ගම්පහ රෝහල ඉදිරිපිට වත්තේ යාන්තම් අටවාගත් නිවසකය. පියාගේ උරුමයෙන් ඔහු වෙත ලැබුණ ගම්පහ මිනී කාමරයේ රැකියාව සඳහා පත්වන විට ඔහු යාන්තම් අවුරුදු දහ හත සම්පූර්ණ කළා පමණි. මෙම කාල වකවානුව එක්දහස් නවසිය හැත්තෑදෙක මුල් භාගයයි. මාද දෙවිසි හැවිරිදි තරුණයෙක්මි. ගුරුවරයකු ලෙස ගම්පහ සිද්ධාර්ථ විද්‍යාලයේ වානිජ අංශයේ සේවය කළෙමි. මෙකල ගම්පහ නගරය එතරම් දියුණු නගරයක් නොවිය. ගම්පහ රෝහල පිහිටියේද යක්කල පාරේය. වත්මන් නව ගොඩනැඟිල්ල පිටුපසය. අදද එම ගොඩනැඟිල්ල නවීකරණය වෙමින් රෝගී වාට්ටු පවත්වාගෙන යති. අද මිනී කාමරය තිබෙන තැන එදා නිවාරණය කළ පහසුකම් තිබූ මෘත ශරීරාගාරයක් නොවීය. ආවරණයක් රහිත වූ මිනීකාමරය පසුපස කබරයින්ගේ රජ දහනකි. නොමිලයේ ලැබෙන කට ගැස්මට පුරුදු පුහුණු වී සිටි කබරයින් ඇතැම් විට මිනී කාමරයට ඇතුල් වූ අවස්ථා ඇති බව සෙල්වම් අප සමග පවසා තිබිණි.
සෙල්වම් මාගේ මිත්‍රයකු වූයේ ඇතැම් දිනවල රාත්‍රියේ එකල මා සතුව තිබූ මෝටර් රථයෙන් හදිසි ලෙඩ රෝගීන් ගම්පහ රෝහලට ගෙන එන නිසාත් ඇතැම් දිනවල රෝගීන් ආපසු රැගෙන යාමට සිදුවූ විට කල් මරමින් සිටින අතරතුර සෙල්වම් මා හා කතාබහ කර හිතවත් කමක් ඇතිවිය.
මේ ඔහු මා සමග පැවසුව එක් කතාවක් පමණි.
රැකියාවෙන් විශ්‍රාම ලබන තෙක් හෝ ඉල්ලා අස්වන තෙක් ඔහුට සිදුවූයේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමාට මරණ පරීක්ෂණ පැවැත්වීමට මෘත ශරීරයන් කපා අවශ්‍ය මිනිස් අවයව ඉදිරිපත් කිරීමය. ඒ මරණ පරීක්ෂණ සිදුකරනු ලබන අධිකරණ වෛද්‍ය නිලධාරිතුමාට සහය පිණිසයි. ඇතැම් දිනවල මළ සිරුරු පහ හය පරීක්ෂණ සඳහා කපා සහය වන සෙල්වම්ට එකී මළ මිනියක් කැපීම අපට සාලයෙක්, හුරුල්ලෙක් කපන ආකාරයය. වියපත්, තරුණ, ළමා යන කවර වයසක පසු වුවද පරීක්ෂණ සඳහා මිනී කපන සෙල්වා ඒවායින් නිකුත් වන දුගඳ උසුලනු නොහැකි නිසා මත්පැන් පානය කිරීමට පෙළඹී සිටින බවයි මා සමග පැවසුයේ. එපමණක් නොව ඇතැම් දිනවල මත් ගතිය වැඩිවී වෙරි වූ පසු මිනී කාමරයේම සිමෙන්ති ආසනයක් මත වැතිරී නිදා ගන්නට පවා සෙල්වම් පුරුදුවී සිටියහ. බිය යනු කුමක්ද ඔහු දන්නේ නැත. එවන් දිනක සෙල්වා මුහුණ පෑ මේ ඇඟ කිළි පොලා යන සිදුවීම ඇසූ මගේ ඇඟේ මයිල්ද කෙළින් වූ සෙයක් දැනුනි.

Last edited: